නිරෝෂණ කුමාර
කොළඹ මහ නගර සභා ඉතිහාසයේ වාර්තාවක් තබමින් ජනවාරි මාසයේදී පමණක් බදු මුදල් එකතුවෙන් රුපියල් බිලියන තුනක මුදලක් ලැබී ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී එස්. ශ්‍රීකාන්තන් මහේන්ද්‍රන් ”ඉරිදා ලංකාදීපය”ට පැවසීය. මහ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන හතකි.
මහ නගර සභාවේ වත්මන් පරිපාලනය කෙරෙහි තබා ඇති විශ්වාසය මත ජනතාව මෙම බදු මුදල් ගෙවා ඇති බවද හෙතෙම කීය.
පසුගිය පාලන සමයේ කොළඹ රථ වාහන ගාල්වලින් එකතු වූ බදු මුදල් පිල්ලි ගසා ඇතැයි ද එය සෙවීමට නොහැකි වී ඇති අතර, එම මුදල්වලට සිදුවූ දේ පිළිබඳව විමර්ශනය කිරීමට ඉඩකඩ නොමැති බව ද ඔහු පැවසීය.
ඇතැම් ටෙන්ඩර වසර දෙකකට බදු දීම නිසා මෙම තත්ත්වය හටගත් බව ඔහු කියා සිටියේය.
ඉදිරියේ දී රථ ගාල්වල මෙන්ම අනිකුත් ටෙන්ඩර් ලබාදීමේ දී විනිවිද පෙනෙන ආකාරයෙන් ඒවා නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඔහු වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd