මහියංගන ඩිපෝවට ලක්ෂ ගණනක වංචාවක්
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහියංගන ඩිපෝව මගින් අලුත්වැඩියා කටයුතු සඳහා පෞද්ගලික ආයතනයකට බාරදුන් එන්ජින්වලට පරණ කොටස් යොදා, අලුත් කොටස් දැමූ බව හැඟවෙන ලෙස තීන්ත ආලේප කර, ලක්ෂ ගණනින් බිල්පත් දමා සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇතැයි ඩිපෝවේ කාර්මික සේවක පිරිසක් චෝදනා කරති.