ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩහැරියැයි මුවර්ස් ක්රීඩාපිටියේ කළමනාකරුට දඩ
කොම්පඤ්ඤවීදිය, මුත්තයියා පාර මුවර්ස් ක්රීඩා පිටියේ වතුර රැඳුණු ටයර් තොගයක් තුළ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාවට ලක්වූ එහි කළමනාකරුට මාළිගාකන්ද මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 20,000ක දඩයක් නියම කර දැඩි ලෙස අවවාද කර ඇත.