හැටන් අනතුරින් රියදුරකු රෝහලේ හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප්‍රවාහනය කළ ලොරියක්හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා ධාවනය වු ලොරියක් මුහුණට මුහුණලා ගැටී සිදු වු අනතුරකින් එක් ලොරියක රියදුරෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල රෝහලට ඇතුළු කිරිමෙන් පසු නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත. 30 March 2018
සොරාගත් යතුරුපැදිවල කෑලි ගලවමින් සිටියදී අත්අඩංගුවට කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව කොළින්ජාඩියේ ගුවන් ටිකට් පත් ආයතනයක් ඉදිරිපිට නවතා තිබු ලක්ෂ දෙකහාමාරක් වටිනා යතුරුපැදියක් සොරාගෙන ගොස් හැදල දික්ඔවිට ප්‍රදේශයේ නිවසක තබාගෙන එය කෑලි වලට ගලවමින් සිටි පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි 30 March 2018
නිවසේදී සිදු වු අනතුරකින් විදේශිකයා මරුට රත්ගම කටුදම්පෙ ප්‍රදේශයේ නිවසක් තුළදී වැටිමෙන් පසු රෝහල්ගත කළ විදේශිකයෙකු මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 30 March 2018
දංකොටුවේ මවක් සහ දියණියක් අතුරුදන් උතුරු ඇටියාවල පදිංචිව සිටි 35 හැවිරිදි මවක් හා තුන් හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දන්කොටුව පොලිසිය පවසයි. 30 March 2018
පොහොට්ටුවට වැලිමඩ බලයත් ගිලිහෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ස් ජාතික පක්ෂය අද (29) සමත්විය. 29 March 2018
නවගත්තේගම සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස්.එම්.අයි සංජීව සේනාධිපති මහතා අද තේරී පත් විය. 29 March 2018
අනවසර තේක්ක ලී සමඟ දෙන්නෙක් අත්අඩංගුවට සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ නිති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ජංගම ලි ඉරුම් හලක් වටලා තේක්ක ලි තොගයක් හා අත්ටැක්ටර් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට වැඩිදුර පරික්ෂණ සදහා සෙවනගල පොලිසියට බාරදි තිබේ. 29 March 2018
බණ්ඩාරවෙල තේ වත්තක මළ සිරුරක් බණ්ඩාරවෙල අයිස්ලැබි වතුයායේ තේ වත්තක කාණුවක තිබී මළ සිරුරක් අද (29) සොයා ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 29 March 2018
කිලිනොච්චියේ ගින්නකින් නිවසකට හානි කිලිනොච්චිය නගරයේ දෙමහල් නිවසක අද (29) අලුයම ඇතිවූ ගින්නකින් එහි එක් මහලක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවූ බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 29 March 2018
ගංජා මිශ්‍ර මෝදක ගුලි 1500 ක් අත්අඩංගුවට පාසල් දරුවන් සහ තරුණයින් ඉලක්ක කරගෙන අලෙවි කිරීම සඳහා වෙළ ඳසලක ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මෝදක ගුලි 1500 ක් සමඟ සැකකරුවක් අද (29) මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 March 2018
නිතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විස්කි සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් සමඟ තරුණයින් සිව්දෙනකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 29 March 2018
මාඔයේ වැලි ගොඩ දැමු රියදුරා අත්අඩංගුවට මැටිකොටුව මාඔයේ රක්ෂිතයේ නීතිවිරෝධී අයුරින් වැලි ගොඩදමා ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රියදුරා ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 29 March 2018
ගම්පහ පන්තියක සිසු සිසුවියෝ අසරණ පවුලකට නිවසක් තනති දන්කොටුව ප්‍රාදේශිය ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සම්බන්ධීකරණයෙන් ගම්පහ මොන්ටානා ආයතනයේ ගුරුවරයෙකු වන මහින්ද ශ්‍රී ජයලත් මහතාගේ මඟ පෙන්වීමෙන් 2018 සිංහල පන්තියේ සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් දන්කොටුව ප්‍රදේශයේ හිසට සෙවණක් නොමැති පවුල් වෙත ඉදිවන දෙවැනි නිවසේ වැඩ ආරම්භ කිරිම පසුගියදා සිදු කෙරිණි. 29 March 2018
අ’පුර හෙදියක් ඝාතනය කරයි අනුරාධපුර නෙලුබෑව ග්‍රාමීය රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියක ගෙල කපා ඝාතනය කළ බව අනුරාධපුර පොලිසිය පවසයි. 29 March 2018
පොල් ගෙඩියක් හිසේ වැදී තිදරු මව රෝහලේ පොල් ගෙඩියක් හිස මත වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද (29) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 29 March 2018
පුත්තලමේ සිසිටිවි දර්ශන ගන්න කැමරා 48 ක් පුත්තලම නගරය තුළ සිසිටිවී දර්ශන ලබා ගැනීම වෙනුවෙන් කැමරා 48 ක පද්ධතියක් ස්ථාපිත කළ බව පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 29 March 2018
බඹරු වව්නියාවේ පාසලක් වසති වව්නියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා අද (29) උදෑසන පාසල වසා දැමීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබේ. 29 March 2018
හාලිඇල බස්- යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර හයේ කණූව ආසන්නයේදී අද (29) පස්සර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයා මිය ගිය බව හාලිඇල පොලිසිය පවසයි. 29 March 2018
අගුණකොළපැලැස්ස අධිකරණයේ නීතිඥවරු සතියක් ලෙඩ නිවාඩු අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරුන් බහුතරයක් පසුගිය සදුදා (26) සිට අසනීප බව පවසමින් අධිකරණයට නොපැමිණීම නිසා නඩු කටයුතු වලට බාධා පැමිණ ඇතැයි අගුණකොලපෑලැස්ස අධිකරණයේ ප්‍රකාශකයකු පැවසීය. 29 March 2018
පොහොට්ටුවේ සභාපතිවරු දිවුරුම් දෙති මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ වීරකැටිය, බෙලිඅත්ත, අම්බලන්තොට,අගුණුකොළපැලැස්ස, කටුවන හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් අතරින් 29 March 2018
රැකියා විරහිත උපාධිධාරීහු ගාල්ලේ විරෝධතාවයක රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය දකුණු පළාතේ රැකියා විරහිතව සිටින උපාධිධාරීන් වෙනුවෙන් අද (28) ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. 28 March 2018
පලුගස්දමන බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවෙයි පොලොන්නරුව - සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ පලුගස්දමන වාරිමාර්ග හංදිය ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් අසළ වළදමා තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අද (28) සවස හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි. 28 March 2018
තේක්ක දැව හොරෙන් ගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට කෙසෙල් කැන් ප්‍රවාහනය කරන මුවාවෙන් කුඩා ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ නීතී විරෝධීව තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (28) දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 28 March 2018
පාර නිම නොකළැයි කොන්ත්‍රාත් සේවකයන් නිවාස අඩස්සියේ අතුරු මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගත් සමාගම එම කාර්යය නිසි ලෙසින් ඉටු නොකළ බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම කාර්ය මණ්ඩලයේ පිරිස රඳවාගෙන සිටිය දී බේරා ගත් බව පොලිසිය කියයි. 28 March 2018
හෙළ උරුමයේ මන්ත්‍රීවරු දිවුරුම් දෙති ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කර පළාත් පාලන ආයතන සඳහා තේරි පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදි අද (28) සිදුකෙරිණි. 28 March 2018
අඹගමුව සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති අලියාගෙන් අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයසංඛ පෙරේරා මහතාත් උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ අජන්ත නෙළුම් කුමාර මහතාත් අද තේරී පත්විය. 28 March 2018
අනුරාධපුර ශ්‍රීලනිප නියෝජිතයෝ 51ක් දිවුරුම්දෙති අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතන සඳහා පත් වූ මන්ත්‍රීවරු 51 දෙනෙක් අද (28) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද ආණ්ඩුකාර පී.බී දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහත්වරුන් ඉදිරියේ දිවුරුම් දුන්හ. 28 March 2018
ගාල්ලේ අනවසර වෙළදසල් ඉවත් කෙරේ ගාල්ල මහ විදියේ තැපැල් කාර්යාලය ඉදිරිපිට අනවසරයෙන් ඉදිකර තිබු සියලුම තාවකාලික වෙළදසැල් අද (28) සවස ගාල්ල මහ නගර සභාවේ සේවකයින් කඩා ඉවත් කිරීමට කටයුතු කළේය. 28 March 2018
බුලත්සිංහල පාසලේ දෙමාපියෝ පාරට බසති බුලත්සිංහල ජාතික පාසලට විදුහල්පතිවරයෙක් ඉල්ලා අද (28) එම පාසලේ දෙමාපියන් පිරිසක් බුලත්සිංහල නගරයේ දී මංතිරුවක වාඩි වී මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ නිරතවුහ. 28 March 2018
පුජාපිටියේ නිවසක් බිඳලා පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරන්කන්ද ප්‍රදේශයේ නිවසක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ දෙහමාරක් පමණ වටිනා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇතැයි පූජාපිටිය පොලීසිය පවසයි. 28 March 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025