අමල් වික්‍රමරත්න
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය දකුණු පළාතේ රැකියා විරහිතව සිටින උපාධිධාරීන් වෙනුවෙන් අද (28) ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂණයෙන් අනතුරුව විරෝධතාකරුවන් පාගමනකින් දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා හමුවීමට ගියද කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඔවුනට නොහැකි විය.
දකුණු පළාත් සභාවේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා පත්වීම් ලැබී නැති බවත් උපාධිය සමත්වී ඉන් අනතුරුව ගුරු විභාග සහ සංවර්ධන සහකාර යන විභාග වලින් සමත්වූ පිරිස් වලට පවා රැකියා නොමැතිව කල් ගත කිරීමට සිදුවී ඇති බවත් ඔවුහු පැවසුහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd