(චන්දන ප්‍රනාන්දු)
උතුරු ඇටියාවල පදිංචිව සිටි 35 හැවිරිදි මවක් හා තුන් හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දන්කොටුව පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන් වි ඇත්තේ ඩි.එම් චමිලා දිල්හානි අත්තනායක (35) නම් මව සහ ඇගේ දියණිය වන ඒ එම් චමල්කා නිකිණි විහාරා (03)නැමති දැරියකි.
සිය තුන් හැවිරිදි දියණිය හා බිරිඳ පසුගිය බදාදා (28) දා අතුරුදන්ව ඇතැයි සැමියා සිදු කරන ලද පැමිණිල්ල ක් මත පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.තමන් උදෑසන රැකියාවට යන විට නිවසේ බිරිඳ රැදී සිටි බවත් සවස පැමිණෙන විට ඔවුන් නිවසේ නොසිටි බවටද ඔහු කළ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd