(චන්දන ප්‍රනාන්දු)
කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව කොළින්ජාඩියේ ගුවන් ටිකට් පත් ආයතනයක් ඉදිරිපිට නවතා තිබු ලක්ෂ දෙකහාමාරක් වටිනා යතුරුපැදියක් සොරාගෙන ගොස් හැදල දික්ඔවිට ප්‍රදේශයේ නිවසක තබාගෙන එය කෑලි වලට ගලවමින් සිටි පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් සහ 27 හැවිරිදි පුද්ගලයෙකි. කොළින්ජාඩියප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල නවතා තිබු සිය යතුරුපැදිය සොරාගෙන යාම සම්බන්ධයෙන් එහි හිමිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සිදුකළ විමර්ශනයකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd