නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර හයේ කණූව ආසන්නයේදී අද (29) පස්සර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයා මිය ගිය බව හාලිඇල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හාලිඇල උඩුවරවත්ත පහළ කොටස පදිංචි අලෛයි පෙරුමාල් විනෝද් (23) හැවිරිදි තරුණයෙකි.
සිද්ධියෙන් බස් රථයේ රියදුරා හාලි ඇල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහු බණ්ඩාරවෙල කිතල්ඇල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd