(චන්දන ප්‍රනාන්දු )
දන්කොටුව ප්‍රාදේශිය ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සම්බන්ධීකරණයෙන් ගම්පහ මොන්ටානා ආයතනයේ ගුරුවරයෙකු වන මහින්ද ශ්‍රී ජයලත් මහතාගේ මඟ පෙන්වීමෙන් 2018 සිංහල පන්තියේ සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් දන්කොටුව ප්‍රදේශයේ හිසට සෙවණක් නොමැති පවුල් වෙත ඉදිවන දෙවැනි නිවසේ වැඩ ආරම්භ කිරිම පසුගියදා සිදු කෙරිණි.
ඇටියාවල ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙක් සමඟ ජිවත් වන රේණුකා දමයන්ති මහත්මිය වෙනුවෙන් මෙම නිවස ඉදිවන අතර මේ සඳහා රුපියල් ලක්ෂ 13 ක මුදලක් වැයවන බව පවසයි.
පසුගිය වසරේ කිරිමැටියාන ප්‍රදේශයේ මාතාවකට නිවසක් ඉදිකර දි තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd