ක.ග කරුණාරත්න
පොලොන්නරුව - සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ පලුගස්දමන වාරිමාර්ග හංදිය ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් අසළ වළදමා තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අද (28) සවස හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි.
මියගිය සුනඛයකුගේ මළ සිරුරක් වල දැමීම සඳහා වළක් කපමින් සිටි පුද්ගලයෙකුට එම බෝම්බය හමුවී තිබේ.
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් මගින් එම බෝම්බය නිශ්ක්‍රීය කොට විනාශ කිරීමට පියවර ගන්නා බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd