චන්ද්‍රිකා මාන බැලුවේ එජාප හවුල් ආණ්ඩුවක ශ්රීලනිපය හිරකරන්නයි
ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කොට එජාප හවුල් ආණ්ඩුවක් තුළ ශ්රීලනිපය හිරකිරීමට කුරුමානම් ඇල්ලුවේ චන්ද්‍රිකා කුමාරතුංග බවත්, මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා භූමිකාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගත යුතු බවත්, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (9) පැවසීය.