IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


විග්නේෂ්වරන් සමඟ ගමනක් යන්න ගජේන්ද්‍ර පොන්නම්බලම් සැරසෙයි

සිරාජ් හසීම් 
 
උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා  පිහිටුවා ගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂයට නුසුදුසු පුද්ගලයින් සම්බන්ධ කර නොගනිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලන ගමනක් යෑමට සූදානම් නම් තම පක්ෂයද ඔහු හා එක්වීමට සූදානම් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ ප්‍රතිපත්ති සමගින් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවත් ඔවුනගේ එම ප්‍රතිපත්ති දෙමළ දේශයටම ශාපයක් වී තිබෙන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පිහිටුවාගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොන්නම්බලම් මහතා මේ අදහස් පළකර සිටියේය.

ඔහු මෙසේද කීය.

‘විග්නේෂ්වරන් මහත්තයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙලා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගන්න යනවා කියල දැනගන්නට ලැබුණා. එම තොරතුර සත්‍යක් නම් ඔහුගේ එම තීරණය දෙමළ ජාතික ජනතා පෙරමුණ අගය කරනවා. විග්නේෂ්වරන් කියන්නේ දෙමළ ජාතික සන්ධානය යටතේ පත්වූ මහ ඇමතිවරයෙකු මෙන්ම එම සන්ධානයේ නියෝජිතයෙක්.

විග්නේෂ්වරන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය හා එහි ප්‍රතිපත්ති සමගින් වැඩ කරන්න බැහැ කියල ඔහු විසින් කරන ලද ප්‍රකාශ වලින්ම පැහැදිලි වෙනවා. දෙමළ ජාතික සන්ධනෙයේ ප්‍රතිපත්ති දෙමළ ජනතාවගේ බලාපොරොත්තුවලට තර්ජනයක් බව ඔහු නිරන්තරයෙන්ම අවධාරණය කරපු කරුණක්.එය අපිත් කියනවා. ‘



අදහස් (2)

විග්නේෂ්වරන් සමඟ ගමනක් යන්න ගජේන්ද්‍ර පොන්නම්බලම් සැරසෙයි

C. A. Perera - Wales, England Friday, 20 April 2018 01:24 PM

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ මේ පක්ෂවල දේශපාලන කටයුතු කෙරෙහි දැඩි අවදානයෙන් සහ අවදියෙන් සිටිය යුතුයි. ශ්‍රී ලංකාව චීනයට ඉතා සමීප කාරණයෙන් සමහර සතුරු රටවල් නැවත දෙමල ඩයස්පෝරාවේ නායකත්වය තුලින් ඊලම පමණක් ඉල්ලීම ඇති කිරීමේ උත්සාහයක යෙදී සිටී. මේ දිනවල දෙමල ගෝලීය ඒකකය ලොව පුරා වෙසෙන දමිලයන්ගෙන් වෙනම රටක් අවශ්‍යද නැද්ද? යන මාතෘකාවෙන් ජනමත විචාරණයක යෙදී සිටී. මෙයට සංවර්දිත සහ වැදගත් රටවල සහයෝගය ඇතිහෙයින් මේ කාරණය ඉතා දරුණු ස්වභාවයක් ගැනීමේ අවදානමක් ඇතිවී තිබේ.

:       0       42

SAM Saturday, 21 April 2018 05:57 AM

මේ සේරම ජාතිවාදී, කොටි... මේ ගැන වහාම හොයා බලන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site