IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අර්බුදයෙන් බේරගන්න ආණ්ඩුව සල්ලි ගහලා ජනතාව අමාරුවේ

 (නාලක සංජීව දහනායක)

ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රජය විශාල වශයෙන් මුදල් නොට්ටු අච්චු ගසමින් සිටින බවත් ඒ හේතුවෙන් උද්ධමනය තවත් ඉහළ ගොස් ජීවත්වීමට ඉතාම අසීරු තත්ත්වයක් ඇතිවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (3) පැවැසීය.

රුපියලේ අගය තවදුරටත් අඩුවන්නේ නම් ඉදිරියේ දී පාන් ගෙඩියක් මිලදී ගැනීමට සූට් කේසයක් පුරවා මුදල් ගෙනයෑමට සිදුවනු ඇති බවද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා එසේ පැවසීය.

  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද කීය:

යහපාලන රජයේ සිවුවැනි කැබිනට් සංශෝධනය කිසිම තේරුමක් නැහැ. අල්ලස් හා දූෂණය උපරිම මට්ටමින් සිදුකර තිබෙන ඕනෑම අයකුට කැබිනට් අමාත්‍යධුර ලබාගත හැකි බව මේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ප්‍රකාශ කරනවා. කැබිනට් මණ්ඩලය කියන්නේ මේ රජයේ උත්තරීතරම ආයතනයයි. කෝලම් මඩුවක වගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මෙහෙම ගැටුම් ඇතිකර ගන්නා විට මුළු ලෝකයම අපිට හිනා වෙනවා.

රජයේ අභ්‍යන්තරය විවේචනය කරන කැබිනට් මණ්ඩලයකින් රටට ඇති වැදගත්කම මොකක්ද?. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව තිබූ ඉතාම ප්‍රබල අමාත්‍යාංශ දෙකක් මෙවර එක්සත් ජාතික පක්‍ෂයට හිමි වුණා. ඒ අනුව මේ කැබිනට් සංශෝධනයෙන් සිදුවූ එකම දේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දියවී එක්සත් ජාතික පක්‍ෂයේ බලය තහවුරු වීම පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කඳවුර දියකර හරිමින් අගමැතිවරයා තමන් අතට බලය ගන්නා බවක් පෙනෙන්න තිබෙනවා.
 ඕනෑම ආණ්ඩුවකට නිශ්චිත ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. දැන් යහපාලන ආණ්ඩුවේ නිලකාලය අවසන් වෙලා. නිලකාලය අවසන් වූවායින් පසුව ඉදිරිය පිළිබඳව නිශ්චිත පිළිතුරක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දහසය දෙනෙක් විපක්‍ෂයට එන බවක් කියනවා. ඒ ගැන කිසිම වගකීමක් නැහැ. රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට කිසිම වගකීමක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ.   

එක්සත් ජාතික පක්‍ෂය රටේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණනවා. හිල්ටන් හා හයට් හෝටලයත් විකුණා දැමීමට ඔවුන් මේ වනවිට  සූදානම් වෙනවා. දිගටම මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණොත්  අනාගතයේ දී අපේ රටට මොකුත්ම ඉතිරි වෙන්නේ නැහැ. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට එරෙහි වූ සේවකයන්ගේ රැකියා අහිමි කළා. තව පිරිසක් ඉතාම දුෂ්කර පළාත්වලට මාරු කළා. එක්සත් ජාතික පක්‍ෂයේ මේ ක්‍රියාකලාපය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිහඬයි.

 එමෙන්ම ගැඹුරු විශ්ලේෂණයකින් තොරව රජය සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ ගිවිසුම නිසා වෘත්තිකයන් අතර විශාල අසහනයක් ඇතිවී තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවෙනකොට රජය ගෑස් මිල වැඩි කරනවා. මේ යන විදියට ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ජල හා විදුලි ගාස්තු වැඩිවේවි. ආර්ථික සංවර්ධන වේගය සියයට 3 දක්වා අඩුවෙලා. ආර්ථිකයේ මේ ආකාරයේ දරුණු කඩා වැටීමක් මින් පෙර කවදාවත් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවයි.

පාර්ලිමේන්තුව අලුත් වැඩියා කරන්න රුපියල් ලක්‍ෂ දහසක මුදලක් වියඳම් කිරීම අපරාධයක්. ජනතාව මත අධික බර පටවමින් රජයේ මැති ඇමැතිවරුන් සුර සැප විඳිනවා. මහපොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට නම් මේ වගේ දෙයක් කරන්න බැහැ. ජනතා ප්‍රශ්න විසඳීම සඳහා මේ රජයට කිසිම වැඩ පිළිවෙළක් නැහැ. මේ වනවිට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නිලකාලය අවසන් වෙලා මාස හතරකට ආසන්න කාලයක් ගතවෙලා තිබෙනවා. ඒ ගැන කිසිම හොයා බැලීමක් නැහැ.

මැස්සො මදුරුවෝ මරන ගාණට අද හැමතැනම මිනිස්සු මරනවා. දේශපාලන බලපෑම්වලට යටත් නොවන නිසා විශේෂ කාර්ය බළකායට වෙන්කරන මුදල් අඩුකිරීමට රජය සූදානම් වෙනවා. ආණ්ඩුවක් තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. නමුත් මේ ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳීමට කිසිම වැඩපිළිවෙළක් නැති බව කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මෙසේ පැවැසීය:

ජනතාව මත පටවන ලද අධික බදුබර නිසා තමන් උපයන මුදලින් ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙමින් තිබෙනවා. රජයේ මර්දනකාරී වැඩපිළිවෙළ නිසා වැඩකරන ජනතාව අතර විශාල අසහනයක් ඇතිවී තිබෙනවා. මේ රජයට ජනතා ප්‍රශ්න වැටහෙන්නේ නැහැ.

  මොනතරම් කයිවාරු ගැහුවත් තවමත් ගොවීන්ට පොහොර ලැබිලා නැහැ. අතිරේක භෝග සඳහා රුපියල් 1500 පොහොර මිටියක් දෙනව කිව්වත් ඒකත් නැහැ. ඒ නිසා ගොවීන් තවමත් වැඩි මිලට පොහොර මිලදී ගන්නවා. රජයේ මේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මෙවර මැයි රැලිය ගාල්ලේ දී පවත්වන්න තීරණය කර තිබෙනවා. එයට වෘත්තිකයන්ගෙන් හා සාමාන්‍ය ජනතාවගෙන් ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. අවම වශයෙන් ලක්‍ෂයක පමණ පිරිසක් මෙවර මැයි රැලියට සහභාගිවේ යැයි විශ්වාස කරන බව ද කීය.

     ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාද මෙහි දී අදහස් දැක්වීය.      

 



අදහස් (1)

අර්බුදයෙන් බේරගන්න ආණ්ඩුව සල්ලි ගහලා ජනතාව අමාරුවේ

Saththaya Sunday, 06 May 2018 01:47 AM

අර්බුදය ඇති කරලා දැන් පිස්සුවෙන් දොඩවනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site