IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ජනාධිපති කඩුව ගන්න විදිහට වැඬේ කළානම් අගමැති දැන් ගෙදර

(කන්තලේ කේ.ඩී. විජේපාල)

“ජනාධිපති සිරිසේන මහත්තයාගේ වැනෙන සුළු ප්‍රතිපත්ති හින්දා විශ්වාසභංගයට පෙර දවසේ ඒ පක්ෂයේ පිරිස ගත් තීරණය නිසා තමයි අපි පැරදුණේ. සිරිසේන මහත්තයා කඩුව ගන්නවා එළියට. දාගන්නවා කොපුවට. ආයේ එළියට ගන්නවා. ආයෙත් කොපුවට දාගන්නවා. කඩුව එළියට ගන්න විදියට වැඬේ කළා නම් රනිල් ගෙදර යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කන්තලේදී ඉකුත්දා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කන්තලේ ඉකුත්දා පැවැති රැස්වීමක් අමතමිනි.

ජාතික නිදහස් පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක සුනිල් අමරවංශ මහතා රැස්වීම සංවිධානය කර තිබිණි.
එහිදී විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය 

“තමුන්නාන්සේලා දන්නවා පෙබරවාරි දහවෙනිදායින් පස්සේ අගමැති හිටියේ අයි.සී.යූ. එකේ ජනාධිපති හිටියේ නැහැ රටේවත් සතියක් විතර. අරෙහෙන් උතුරෙන් කියනවා සිංහල මිනිස්සු පදිංචි කරන්න එපා කියලා. මෙහෙන් පාතාලේ මිනී මරනවා. මේ අයට වගේ වගක් නැහැ. අනිත් පැත්තෙන් බැංකුවල මුදල් තැන්පත් කරපු අයට ඇපත් නැහැ.

මෙහෙම රට අස්ථාවර වුණා. ඒක තමන්ගේ එක අනිත් පැත්තට පටවන්න තමයි දිගන ගිහිල්ලා ගිනි පත්තු කළේ. රහස් පොලිසියට කියලා අසත්‍ය ප්‍රකාශ එකතු කළා. දැන් බලනවා ඒක පොදු ජන පෙරමුණේ කරේ ගහන්න. දිලුම් අමුණුගම මන්ත්‍රීතුමාට පටවන්න. ඒ ප්‍රදේශවල මිනිස්සු කියනවා පොලිසිය බලන් හිටියා මොකුත් කළේ නැහැ කියලා. රහස් පෙලිසියේ ශානි අබේසේකර ද කොහෙද කියලා ඉන්නවා ලොක්කෙක්. රවුෆ් හකීම් ඇමැතිතුමත් කියනවා දිලුම් අමුණුගම මන්ත්‍රීතුමාට මේක පටවන්න බැහැ කියලා. එතුමා තමයි මිනිස්සු බේරගත්තේ. 

එහෙම තමයි ගින්න පත්තු කළේ. ගින්න පත්තු කරපු අයගේ බලාපොරොත්තුව වුණේ විලි වසාගන්න. එහෙම තමයි කළේ. යුද හමුදාව විශේෂ කාර්ය බළකා පැමිණියේ ප්‍රමාද වෙලා. නීතිය හා පොලිසිය භාර ඇමැති රනිල් වික්‍රමසිංහ, පොලිස්පතිගේ ගම් පළාත මධ්‍යම පළාත. ඒක නිසා පෞද්ගලිකව කතා කරලා ඕන කටයුත්තක් කරගන්න පුළුවන්. අවසානයේ මහ විනාශයක් වුණා. මේ ආණ්ඩුව මහා ලොකුවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනවා කිව්වා. ඇවිත් මුහුණු පොත වහලා දැම්මා. 

රනිල් වික්‍රමසිංහට මහා පොළොවේ ඡන්දයක් දිනා ගන්න බැහැ. අගමැති රනිල්ට බටහිර රටවලින් කිව්වා තුනෙන් දෙකක බලය නැති කර ගන්න එපා අපිට ඕනේ ව්‍යවස්ථා සංශෝධනයක්. උතුරු නැගෙනහිර ස්වයං පාලනය. ඒ වගේම යුද අපරාධ අධිකරණය පිහිටුවන්න. එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය කියනවා අපි තනි ආණ්ඩුවක් හදනවාලු. වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිතුමා හමුවට ගිහිල්ලා කියනවා අපි ආණ්ඩුව හදනවා කියලා. විශ්වාසභංගයට ඡන්දය දුන්න ඇමැතිවරු හය දෙනාට විශ්වාසභංගයක් දෙනවා.

රනිල් ගිහිල්ලා ඉල්ලා අස්කර ගන්නවා ඇත්තටම රනිල් දිනලා නම් ඇයි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීපු ඇමැතිවරුන්ට  විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය ඉවත් කර ගන්නේ අගමැති රනිල්. සම්බන්ධන් මහත්තයා කියනවා විශ්වාසභංගයට පක්ෂ වුණේ අපේ කොන්දේසි දහයකට එකඟ වෙච්ච නිසා කියලා. ඒ ඉල්ලීම්වලින් උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් ලේකම්වරුන් දෙමළ ජාතිකයින් විය යුතුයි කියලා. මෙන්න ජාතිවාදය. සිංහල මිනිස්සු කියනවද දිස්ත්‍රික් ලේකම්ලා සිංහල විය යුතුයි කියලා. මේකට එකඟ වෙලා තියෙන්නේ යුද හමුදා කඳවුරු ඉවත් කර ගන්න එකඟවෙලා තමයි දෙමළ ජතික පක්ෂය ඡන්දය දීලා  තියෙන්නේ.

අගමැති ජනාධිපති සිරිසේන මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා විශ්වාසභංගයට ඡන්දය දුන් ඇමතිවරුන් අයින් කරන්න කියලා. ජනාධිපති කියනවා මට බැන්න අයත් ඉවත් කරන්න කියලා. මේ අකිලත් මට බැණලා තියෙනවා කියලා කියනවා. අගමැති එනවා හිස් අතින්. යූ.එන්.පී. එකේ ප්‍රතිසංවිධාන කරන්න බැහැ කියන්නේ එකේ නායකයා මිසක් වෙන කවුරුත් නෙවෙයි. යූ.එන්.පී. එකේ ඇමතිවරු සීයට අසූවක් කියනවා ඔබතුමා අගමැති හැටියට ඉන්න, හැබැයි නායකත්වයට මොනවා හරි කරන්න දෙන්න කියලා. අගමැතිතුමා දන්නවා පක්ෂය වෙන නායකයෙක්ට දුන්න ගමන් අගමැතිතුමාට තට්ටු වෙනවා කියලා. 

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න විසිහය දෙනකුට වඩා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හිටියා. ජනාධිපති සිරිසේනගේ වැනෙන සුළු ප්‍රතිපත්ති හින්දා ඊට පෙර දවසේ එස්.බී. දිසානායක අමාත්‍යවරයා ඒ පිරිස හිටියේ තුන් තැනක. ඒ තැන්වලට ගිහිල්ලා කිව්වා ප්‍රසිඩන්ට් සිරිසේන මහත්මයා කෙළින් වැඩකරන්නේ නැහැ. මේ වැඬේදී අපිට අවධානය ගන්න බැහැ. ඔයගොල්ලෝ ගැන අපි ගන්නවා තීරණය.

ඔයගොල්ලෝ කැමති තීරණයක් ගන්න. ජනාධිපති සිරිසේන මහත්තයා කඩුව ගන්නවා. ආයෙත් දාගන්නවා කොපුවට. ගන්නවා. දානවා. වහන්න වගේ යනවා ආයේ දාගන්නවා කොපුවට. උන්නැහේ කඩුව ගත්තාම එස්.බී. දිසානායක ගිහිල්ලා ඇහැවුවා. මේ පාර ගහනවාමද කියලා. අනේ බය හිතෙන ප්‍රශ්න අහන්න එපා එස්.බී. ඒ ගමන එස්.බී. දැනගත්තා වැඬේ හරියන්නේ නැහැ කියලා. එස්.බී. දෙගොල්ලක් හිටිය පන්සල් දෙකකකට හා අනික් අය හිටිය ගෙදරකට ගිහිල්ලා කියනවා මේක හරියන්නේ නැහැ කියලා. 

ජනාධිපතිවරයා කියනවා මේක මහා පිස්සු මැතිවරණ ක්‍රමයක්. මේක වෙනස් කරන්න ඕනේ. රාජ්‍ය පරිපාලන ඇමැති කියනවා මේක ගෙනාවාට අපි සමාව ගන්නවා කියලා. පනත් සංශෝධනය කරන්න යන්නෙ රටේ මිනිස්සුන්ගේ සල්ලි. එය අරාජිකත්වය වෙන්නේ නැහැ. නිවැරදි සමානුපාතික ක්‍රමයක් තිබ්බා නම් මේක බබා හම්බවෙලා. බබා අතට අරගෙන බැලුවාම තමයි රටේ ජනාධිපතිට පේන්නේ දරුවා මන්දබුද්ධිකයි කියලා. මෙහෙම නායකයන්ට රට පාලනය කරන්න පුළුවන්ද? පළාත් සභාවලටත් මේක ආවොත් ඉවරයි. අද තිබ්බොත් ඒක අජූතයි.

මේ පාර විශ්වාසභංගයට තමුන්නාන්සේලා දන්නවා සල්ලි වියදම් කළාලු දයාසිරි ජයසේකර ඇමතිවරයා කිව්වා සතිඅන්ත පුවත්පතකට කෝටියක් දුන්නා කියලා. මහා බැංකු හොරකමේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. බැඳුම්කර හොරෙකමෙන් උපයපු සල්ලිවලින් කොටසක් තමයි මේ ගෙවන්නේ. නැත්නම් විශ්වාසභංගයට සහාය දෙනවා කියලා රූපවාහිනී වැඩසටහනකට ඇවිත් කිව්ව ආණ්ඩුවේ රෙදි ගලවපු එක් මන්ත්‍රීවරයෙක් ඇයි ඡන්දයේදී කිව්වේ විරුධයි කියලා. මේ සියල්ලෙන් පේන්නේ මේ ආණ්ඩුවේ අස්ථාවරත්වය.

පාර්ලිමේන්තුවට නෑවිත් ඉන්න අයටත් මොනර කොළ බෙදුවා. මේ ආණ්ඩුවේ හවුලෙන් තමයි. බටහිර රටවල් තම වුවමනාවන් ඉටුකර ගන්නවා. එකක් තමයි අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය. අනිත් පැත්තෙන් අතුරුදන්වූවන් පැමිණි විභාග කරන්න වෙනම අධිකරණයක් පිහිටුවනා පනතක් ගෙනාවා. ඒ අනුව ජාත්‍යන්තර ප්‍රඥාප්තියට එකඟ වෙනවා. මෙහෙත් උසාවියක් හදනවා. ඉමල්කා ප්‍රනාන්දු වැනි විනිසුරුවෝ දානවා. මේ ආණ්ඩුව සාක්ෂි පනතත් වෙනස් කළා. ලංකාවේ හමුදාව යුද අපරාධ කළා කියලා ඔප්පු කරන්න හදනවා.

නෝර්වේ වැනි රටක් ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ කර ඇති බැවින් උතුරු නැගෙනහිර වෙනම රජයක් කරන්න ඉල්ලන්න පුළුවනි. කොසෝව වෙනම රාජ්‍යයක් වෙන්නෙත් එහෙමයි. මෙතැන වෙන්නෙත් එහෙම දෙයක්. එකම තමයි. මංගල සමරවීර ජාත්‍යන්තර ප්‍රඥාප්තියට අත්සන් කළේ.

මම පාර්ලිමේන්තුවේ තිලක් මාරපන මහත්තයාගෙන් ඇහැව්වා මෙම ප්‍රඥාප්තිය අතීතයට බලපානවද තියලා. නැහැ කිව්වා. එයා තොත්ත බබා. මේක අතීතයට බලපානවා. ඒ නිසා මගේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය මේ අණපනත් අහෝසි කරන ආණ්ඩුවක් හදන්න ඕනේ. 

අපි එදා කිව්වා කොටියට ඕන නැගිටින යුගයක්. ඒකට එන්නේ මෛත්‍රී යුගයක් කියලා. එදා අපිට විහිළු කළා හැළියේ කිඹුල්ලු දකිනවා කියලා.

ඇමරිකානු තානාපති ඉන්දියනු තානාපති තමයි මේක මෙහෙයවන්නේ. මේ දෙන්නට විවාහය ඩිවෝස් වෙන්න ඕනේ. ඒක කරන්න තානාපතිවරුන් ඉඩ දෙන්නේ මේ පරගැති හවුල පන්නා දමමු. නැවත මේ රටට ජාති මාමක යුගයක් ගොඩ නගමු. රට විසින් තීරණ ගන්න මේ රටේ ප්‍රශ්න සියල්ල නිවැරදිව විසඳන, රටේ ජාතිකත්වය පාවා නොදෙන ඉතිහාසයට නැවත පණ දෙන නව ගමනකට මේ මව් පොළොව හරවන්න සියලු දෙනාම පෙරමුණ ගනිමු. සූදානම් වෙමු. යැයි ද ඔහු කීය.

 



අදහස් (9)

ජනාධිපති කඩුව ගන්න විදිහට වැඬේ කළානම් අගමැති දැන් ගෙදර

chathuri Thursday, 12 April 2018 03:20 PM

මෙයා ඇත්තටම මොන පක්ෂයේද .

:       171       135

SamanSunday, 15 April 2018 08:16 PM

' පරපෝශිත 'පක්ෂයේ නැත්නම් පැවත්මක් නැත ,

:       72       33

BamunuarachchiMonday, 16 April 2018 10:45 PM

පක්ෂෙන් වැඩක් නැහැ කියනදේට ඇහුම්කන් දෙන්න. කියන කාරණා බුද්ධියෙන් විමසන්න. එහෙම බුද්ධියක් තිබෙනවානම් කතාකොරන කෙනාගේ පක්ෂේ හොයනවාද නේද?

:       0       0

BamunuarachchiMonday, 16 April 2018 11:13 PM

Saman වීරවංසගේ පරපෝෂිත කමින් කාටවත් වැඩක් නැත නමුත් ඔහුකියන දේ ඇත්තක් තිබෙනවාද කියා දිනපතා පත්තර කීපයක් බලනවානම් ඔබට තේරුම් ගත හැකිය. ඇත්තක් තිබෙනවානම් සිංහලයාගේ දරු මුණුබුරන්ගේ අනාගතය මොකක්ද?

:       0       0

V.warnakulasuriya Sunday, 15 April 2018 09:09 PM

"ජනතාවෙනි බිය නොවන්න. ගහලයාගේ කඩුව කොපුවේමය. ඒ නිසා රාජ්‍ය දේපොළ මංකොල්ල කන්න ජාති මාමක යුගයක් නැවත අපි ගොඩනගමු. ජාති මාමක ⁣ලේබලය හරහා මිනිමරන්නත් පුළුවන. කඩුව පතෝලයෙක්ගේ කොපුවේ මල බැදෙමින් පවතිනු ඇත." මේක නේද විමලේ ඔබතුමා කියන්නේ.

:       320       138

ANANDA Sunday, 15 April 2018 11:37 PM

ජනාධිපති මොන පක්ෂයේද?????????????

:       0       40

sam Monday, 16 April 2018 10:22 AM

අවුරුදු උත්සවයේ ලොකුම විහිළුව.. විමල්ගෙන්..

:       128       13

Bamunuarachchi Monday, 16 April 2018 11:03 PM

මෙතන ලියා ඇති කිසිම කෙනෙක් විමල් වීරවංස කියා අතිදෙවල් ගැන ප්‍රශ්න කරන්න ලැහැස්ති නැහැ. පත්තර බලනවානම් මේ කියන කතාව ඇත්ත. සම්බන්දන් ඉල්ලා ඇතිදේ අපි පත්තරවල කියෙව්වා.

:       0       0

ලුම්බිණි Tuesday, 17 April 2018 04:00 AM

තවමත් ඔබ දකින්නේ හැළියේ කිඹුල්ලු හැර වෙන මොනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 483 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site