IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ නව කැබිනට් සංශෝධනයෙන් ඵලදායී සේවයක් කළ හැකියි‘ - ශාන් විජේලාල්

(සිරංගිකා ලොකුකරවිට)
 
විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ සිදු කළ මෙම නව කැබිනට් සංශෝධනය තුළින් මීට පෙර වතාවලට වඩා ඵලදායී සේවාවක් රටට සිදුකිරීමට හැකිවන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය. 
 
ඒ මහතා එසේ පැවසුවේ අද (01) ගාල්ල ලබුදූව දක්ෂිණපාය පිහිටි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාශ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මත ගැටුම් පැවතියද සම්මුතිවාදී රජය වඩාත් ශක්තිමත් මාවතක් ඔස්සේ ගමන් ආරම්භ කරණු ඇති බවට විශ්වාස කරන බවයි. පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කළ බවට පවසන පක්ෂය ලබාගෙන ඇත්තේ සමස්ථ ඡන්ද ප්‍රථිපලයෙන් සියයට හතලිහක් බවත් වැඩි බහුතරයක් එනම් සියයට හැටක ප්‍රමාණයක් ඔවුන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් එමනිසා එය සැබෑ ජයග්‍රහණයක් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
 
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය, 
 
"බොහෝදෙනා ඉල්ලන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒත් මුලින් තියන්නේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ දෙවැනියට, මුලින් පවත්වන ජනාධිපතිවරණයේ ප්‍රථිපලය තමයි පාර්ලිමේන්තු මැතිවරණයේත් ප්‍රධාන සාධකය වන්නේ. නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැති බව වත්මන් ජනාධිපතිවරයා පවසා තිබුණත් පක්ෂ නායකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට එකඟ වීමට ජනාධිපතිවරයාට සිදු වේවි. 
 
කොහෙම උනත් පක්ෂයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම, ප්‍රබලතම හා සමස්ථ රටටම කථා කරන්න පුළුවන් එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා විතරයි. වෙන අයට එක එක කොටස් වලට කථා කරන්න පුළුවන් ඇති. නමුත් රටක නායකයෙක් වුණාම පොදුවේ සියලු දෙනාටම ආමන්ත්‍රණය කළ යුතු වෙනවා. කවුරු කොහොම කීවත් සිංහල බෞද්ධ ඡන්ද වලින් විතරක් ජාතික මැතිවරණයක් දිනන්න බැහැ.
 
යහපාලන රජය හා සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්දව විවේචන තිබුණත් රජය ජනතා හිතවාදී මාර්ගයක ගමන් කරමින් සිටිනවා. ඕනෑම කෙනෙකුට පිටින් ඉඳගෙන විවේචන සිදුකල හැකියි. ඒත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම දුෂ්කරයි. පාලන බලය ලැබුණත් පාලනය ගෙනයෑම හරිම අමාරුයි."
 
 



අදහස් (2)

‘ නව කැබිනට් සංශෝධනයෙන් ඵලදායී සේවයක් කළ හැකියි‘ - ශාන් විජේලාල්

දිලුම් Tuesday, 01 May 2018 11:20 AM

ඵලදායිතාව අපි හොදට දන්නවා. අපිට ඕව දැං අහල ඇති වෙලා.

:       0       0

Wasantha Wednesday, 02 May 2018 03:49 AM

ඔය කියන මහ ඇමතිට ලබන සැරේ පළාත් සභාවටවත් තේරෙන්න බැරි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site