IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මේ ජනාධිපතියි, අගමැතියි බලයේ සිටින තාක් ඇමතිකම් බෙදීම විද්‍යාත්මක - තාර්කික මොන ක්‍රමයකටවත් වෙන්නේ න

(මුදිතා දයානන්ද)

මේ ජනාධිපතිත් අගමැතිත් බලයේ සිටින තාක් ඇමැතිකම් බෙදීම විද්‍යාත්මක හෝ තාර්කික හෝ එකම ක්‍රමයකටවත් සිදුවන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්න තිබෙන්නේ මේ තනතුරු දෙක වෙනස් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (01) පැවසීය.

ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය
හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා අද දවසේ විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලයක් පත් කරනවාලු. පළමුව කියන්න ඕනෑ මේ ආණ්ඩුව අවම වශයෙන්වද්‍යාත්මක  ක්‍රමය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. පරීක්ෂණයක් කරලා දකින නිරීක්ෂණ අනුව නිගමනයකට එළැඹීම තමයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ. ඒක දැනුම ලබා ගන්නා එක ක්‍රමයක්. ඇමැතිවරුන්ට විෂයන් වෙන් කළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයකට නොවේ. තාර්කික ක්‍රමයකට. මුලින්ම ඔය පොරොන්දුව දුන්නේ පසුගිය ජනපතිවරණයේ දී. 2015 ජනවාරි මාසයේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා අගමැතිට දුන්නා. 2015 සංශෝධනයේදී උසස් අධ්‍යාපන සහ මහාමාර්ග කියලා අපූරු අමාත්‍යාංශයක් ඇති කළා. ඒක බිහි කළ දා ඉඳලා උසස් අධ්‍යාපන සිසුන් මහා මාර්ගයේ. 2017 ඇමති මණ්ඩල සංශෝධනයේ දී ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරලා ලොව ලොතරැයි විකුණන එකම විදේශ ඇමැති බවට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පත්වුණා. 2018 මාර්තු මාසයේ ඇමැති මණ්ඩල සංශෝධනයේ දී තරුණ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස හැට පැන්න තරුණයකු පත් කළා. මේ ජනපතියි අගමැතියි එකතු වෙලා ඇමති මණ්ඩල පත් කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමයක්වත් තාර්කික ක්‍රමයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මුලින්ම කළ යුත්තේ තාර්කික ක්‍රමවේදයකට හිතන්න පුළුවන් ජනපති කෙනෙක් සහ අගමැති කෙනෙක් පත් කර ගැනීමයි. මේ වතාවේදීවත් පොරොන්දු වුණු පරිදි තිස් දෙනකුගේ ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනපති සහ අගමැතිට චේතනාව පහළ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන අය අවම වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ කුමක්ද කියාවත් දන්නේ නැති බව මේ අයගේ කියුම් කෙරුම් වලින් පැහැදිලියි. මේ අය යෝජනා කරන්නේ 1978ට පෙර තිබුණු වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට යළි යෑමටයි. ඒ නිසා ඒ අයගේ දැනුම වර්ධනය වෙන්නත් එක්ක ප්‍රශ්න පහක් යොමු කරනවා. ලෝකයේ රටවල් 95ක් විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරද්දී වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රටවල් 44ක පමණයි. විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් නම් ලොව බහුතරයක් එය වැළඳගන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය අහිතකර නම් ලොව පුරා රටවල් එම ක්‍රමයට මාරු වෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය පීඩාකාරී නම් එයින් පීඩාවට පත් විය යුත්තේ වසර 229ක් පුරාවට එය ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ. ඒ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියා ඉතිහාසයේ කිසිම දවසක
උද්ඝෝෂණයක් තබා මැසිවිල්ලක් වත් මතු නොවන්නේ ඇයි? නැවත පැරැණි ක්‍රමයට ගිහින් නාමමාත්‍ර ජනාධිපති කෙනකු නඩත්තු කරන්න රුපියල් බිලියන ගණනක් වෙන් කරන්න වෙර දරන්නේ ඇයි? “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු” කියන සටන් පාඨය සමස්ත ලෝකයෙන්ම ලංකාවේ පමණක් තිබෙන්නේ ඇයි? මෙන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු සොයා ගත්තොත් ඒ තිත්ත ඇත්ත අවබෝධ කරගෙන 20 වන සංශෝධනය හකුළා ගනීවි කියල අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දා ගෑස් සිලින්ඩරයක මිළ රු 245කින් වැඩිවුණා. 2018 අප්‍රේල් මාසයේ ගෑස් ටොන් එකක මිල ඩොලර් 475යි. ඒ කියන්නේ මිල වැඩි වෙලා නොවේ අඩු වෙලා. 2018 ජනවාරි මාසයේ දී ඩොලර් 580ට තිබුණු ගෑස් ටොන් එකක් මේ වන විට ඩොලර් 105කින් අඩු වෙලා. ලෝක වෙළෙඳපොළේ මිල අඩු
වන අතරේ ලංකාවේ මිල වැඩි කරන්නේ ඇයි? මේකට කිසිම තාර්කික පදනමක් නැහැ.

ප්‍රශ්නය:- - ඔබතුමාලගේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට
පොරොන්දු වී බලයට ආව කෙනෙක්. ඒ ආණ්ඩුවේ ඔබත් හිටියා. ඇයි දැන් මේ ක්‍රමය අහෝසි කිරීම සුදුසු නැහැ
කියන්නේ?

පිළිතුර: - මහින්ද රාජපක්ෂ මහතා සමග 2005 දී මුලින්ම අවබෝධතා ගිවිසුමකට එළැඹෙන්නේ අපි. අප සමග එකඟ වුණා විධායක බලතල අහෝසි කරන්නේ නැහැ කියලා. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් ගිවිසුමකට පසුව ජවිපෙ සමග අත්සන් කළා. එය වැරැදි බව අප අවබෝධ කර දුන් නිසා 2009න් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිම විටෙක විධායක බලතල අහෝසි කරන බවට පොරොන්දු දී නැහැ.

ප්‍රශ්නය: - එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් කරන්න කියලා ලොකු උද්ඝෝෂණයක් පහුගිය කාලයේ ඇති වුණා. පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් කිව්වා. දැන් මොකද වෙලා තිබෙන්නේ? වෙනත්
තනතුරු වෙනස් වෙලා නායකයා එහෙමම ඉන්නවා නේද?

පිළිතුර: - අපි යකඬේ රත්කරලා දුන්නා. ඒ වෙලාවේ තලාගන්නේ නැතිව දැන් නිවුණට පස්සේ උඩ පැන පැන තැලුවත් වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටීම අපිට වාසියි. ඒ නිසා මේ විශ්වාසභංගය ගෙන ඒම සුදුසු නැහැ කියලා ඒකාබද්ධ විපක්ෂයේම ඇතැමුන් කිව්වා. නමුත් අපි බැලුවේ අපිට ඇතිවන වාසියට වඩා රටට ඇතිවන පාඩුව ගැනයි. ඒ නිසා අපි විශ්වාසභංගය ගෙනාවා. එජපයේ මීරැල තැන තැන කුටු කුටු ගානවා මිසක් අඩුම තරමින් බළලාගේ කරේ ගෙජ්ජියක් බැඳගන්නවත් සමත් වුණේ නැහැ. මෙහිදී පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ද අදහස් දැක්විය. අද මේ ආණ්ඩුව දේශද්‍රෝහීන් බවට පත්වෙමින්
ත්‍රස්තවාදීන්ගේ නම්වලින් උතුරේ පාරවල් නම් කරන්න සුදානම් වෙනවා. මෙහෙම ගියොත් මේ රට විනාශ වීම නවත්වන්න බැහැ. ඇමරිකාව බිල්ලාඩන් වෙනුවෙන් පාරවල් නම් කරන්නේ නැහැ. කිසිම රටක් එහෙම කරන්නේ නැහැ. ලංකාව තමයි පළමු වතාවට තමන්ට රටට ජාතියට එරෙහිව සටන් කළ ත්‍රස්වාදීන්ගේ නමින් පාරවල් නම් කරන්නේ.

කඩුවෙල මහනගර සභා මන්ත්‍රිනී කාංචනා දමයන්ති මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.  මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය: - එජාප ප්‍රතිසංවිධානය ගැන මොකද හිතන්නේ? තරුණයන්ට තැනක් දීලා තියෙනවා නේද?

පිළිතුර: - රෝයල් හිතවතුන්ට තමයි බලය දීලා තියෙන්නේ. රෝයල් නෙවෙයි ඕනම පක්ෂයක් එකම පාසලක මිතුරන් අතරේ නිලතල බෙදාගන්නවා නම් ඒ පක්ෂයට හෝ සංවිධානයට ඉදිරියට යන්න බැහැ. ඒ පවුලෙන් බිහිවන්නේ මොංගල් දරුවන්. මොකද එකම විදිහට හිතන පතන අයගෙන් වෙනස් සමාජ දැක්මක් ලබාගන්න බැහැ.

ප්‍රශ්නය: අනෙක් පක්ෂ බෙදිලා කියලා කෑ ගැහුවට දැන් විධායක ජනාධිපති ක්‍රමය ගැන සංවාදයත් එක්ක ඒකාබද්ධ
විපක්ෂයත් කෑලි කැලි වලට කැඩිලා ගිහින් නේද?

පිළිතුර: - අපි සන්ධානයක්. විවිධ මත දරන පක්ෂ මෙතැන ඉන්නවා. නමුත් අපි බොහොම සමගි සම්පන්න සන්ධානයක්. ඒ නිසා විවිධ මත දැරුවත් අපි වාද විවාද කරලා අවසානයේ බහුතරයේ අදහසට එකඟ වෙලා එය ක්‍රියාවට නැගීමට කටයුතු කරනවා. ඒ නිසා බෙදීමක් ඇති වන්නේ නැහැ. එන්න එන්නම අපි ශක්තිමත් වෙලා තිබෙනවා. අපෙන් ආණ්ඩුවට යනවා වෙනුවට ආණ්ඩුවෙන් අපේ පැත්තට එන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය: මහින්ද අමරවීර මහතා කියනවා විශ්වාසභංගය ගෙන ඒම අපරාධයක් කියලා.

පිළිතුර: - ඒ ගැන එතුමා හමුවුණ වෙලාවකම කතා කරලා බලන්න ඕන. මොකද විශ්වාසභංගයක් ගෙන ඒම ගැන මුලින්ම අපිත් සමග සාකච්ඡා කළේ එතුමායි. අනෙක් අය ආවේ ඊට ගොඩක් පසුවයි. එතුමා මේ තරම් වෙනසකට ලක්වුණ හේතුව අපිට දැනගන්න වෙන්නේ හමු වී කතා කළ පසුවයි



අදහස් (0)

මේ ජනාධිපතියි, අගමැතියි බලයේ සිටින තාක් ඇමතිකම් බෙදීම විද්‍යාත්මක - තාර්කික මොන ක්‍රමයකටවත් වෙන්නේ න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site