මැයි දිනය 7දා සමරන්න රජයට හීලෑ වුණාට ජවිපෙ ලජ්ජා විය යුතුය රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට කල්දැමූ මැයි දිනය සැමරීම සඳහා ජ.වි. පෙරමුණ රජයට හිලෑවීම ගැන ලැජ්ජා විය යුතු බවත් ඒ කිසිම තීරණයකට යටත් නොවී ඉතා අභීතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දිනය දාම කොළඹදී දැවැන්ත රැලියක් පැවැත්වීමට එඩිතරවීම ගැන පක්ෂයට ආඩම්බර විය හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. 10 May 2018
අපේ රටේ දේශපාලන-ආර්ථික-සමාජ ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ බුදු දහම තුළයි අපේ රටේ විවිධ ක්ෂේත්රවල තිබෙන ප්‍රධාන ගැටලු ආර්ථික, දේශපාලන, සමාජමය කුමක් වුවද ඒවාට විසඳුම් තිබෙන්නේ බෞද්ධ දර්ශනය තුළ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී ඉකුත් දා ප්‍රකාශ කළේය. 10 May 2018
විධායකය අහෝසි කර 2025 තෙක් ඉන්න හදනවා - ගම්මන්පිල සීමා නිර්ණය හේතුව ලෙස පෙන්වා කල් දැමිය නොහැකි එකම මැතිවරණය ජනාධිපතිවරණය වන බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එජාපය හා ජවිපෙ උත්සාහයක යෙදෙන බව පෙනී යන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 09 May 2018
දූෂණය මුලිනුපුටා දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ඒකාන්ත අරමුණයි දූෂණ මුලිනුපුටු දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ඒකායන අරමුණ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අටවන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ඊයේ (08) පැවැසීය. 09 May 2018
සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය. 07 May 2018
දූෂණය අල්ලස තුරන් කිරීමට සෑම පියවරක්ම ගන්නවා දූෂණයල අල්ලස මුලිනුපුටා දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී පැවැසීය. 07 May 2018
එහෙ මෙහෙ පැනිලි බේරගත්තා මිස ඇමති මාරුවෙන් රටට වුණ සෙතක් නෑ තෙවසරක් තුළ සිව්වෙනි වතාවටත් සිදුකළ කැබිනට් සංශෝධනයෙන් පළිගැනීම්, හිතවත්කම් දැඩිකර ගැනීම් හා හැරයාම් වළක්වා ගැනීම හැර රටත් ජනතාවත් වෙනුවෙන් කළ කිසිම වෙනස්කමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙරේදා (02) පැවැසීය. 04 May 2018
අර්බුදයෙන් බේරගන්න ආණ්ඩුව සල්ලි ගහලා ජනතාව අමාරුවේ ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රජය විශාල වශයෙන් මුදල් නොට්ටු අච්චු ගසමින් සිටින බවත් ඒ හේතුවෙන් උද්ධමනය තවත් ඉහළ ගොස් ජීවත්වීමට ඉතාම අසීරු තත්ත්වයක් ඇතිවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (3) පැවැසීය. 04 May 2018
හදපු එක පාරක්වත් පේන්න නෑ - ගිය වසරේ අධිවේගවලට කියා කෝටි 300 ක් වියදම් කරලා “මේ රජය අධිවේගී මාර්ග සඳහා ගිය වසරේ වැඩිපුර රුපියල් කෝටි 3000ක් වැය කර ඇතත් හදපු එක මාර්ග කොටසක් පෙන්වන්නැයි” අභියෝග කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය. 04 May 2018
සිංප්පූරුවත් එක්ක ගිවිසුමක් ගහලා අපේ වෘත්තීයවේදීන් පිළිකන්නට දක්කලා ආණ්ඩුව සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් මෙරට වෘත්තීයවේදීන්ගේ වටිනාකම පහළ වැටෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙරේදා (2) පැවැසීය. 04 May 2018
ආණ්ඩු හදද්දි පෙරළද්දි අවංක නොකිළිටි දේශපාලනඥයන් සොයා ගැනීම ගැටලුවක් දේශපාලන ව්‍යාපාර ඇති කිරීමේදීත් ආණ්ඩු හැදීමේ සහ ආණ්ඩු කිරීමේදීත් අවංක නොකිළිටි දේශපාලනඥයන් සොයා ගැනීම වර්තමානයේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පසුගියදා (1) පැවසීය. 04 May 2018
වමේ මිත්‍රශීලී බලවේග එක් වී ජාතික ආණුඩුව එළවන්න ඕනෑ වත්මන් ජාතික ආණ්ඩුව පළවා හැරීම සඳහා වාමාංශික ප්රගතිශීලී දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ව්‍යාපාර සහ මිත්‍ර බලවේගයන් එකතු කර ගෙන ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින සැමරුමට පෙරේදා (01) එක්වෙමින් පැවසීය. 03 May 2018
මේ ජනාධිපතියි, අගමැතියි බලයේ සිටින තාක් ඇමතිකම් බෙදීම විද්‍යාත්මක - තාර්කික මොන ක්රමයකටවත් වෙන්නේ න මේ ජනාධිපතිත් අගමැතිත් බලයේ සිටින තාක් ඇමැතිකම් බෙදීම විද්‍යාත්මක හෝ තාර්කික හෝ එකම ක්රමයකටවත් සිදුවන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්න තිබෙන්නේ මේ තනතුරු දෙක වෙනස් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (01) පැවසීය. 02 May 2018
ඔලුබක්කන් නටවනවා වගේ කරන කැබිනට් සංශෝධනයෙන් ආර්ථික ආගාධයෙන් ගොඩඑනු බෑ මෙම වෙසක් සමයේ ඔලුබක්කන් නටන්නාක් මෙන් කැබිනට් සංශෝධන මඟින් මුහුණු මාරුකිරීමෙන් පමණක් රට වැටී ඇති ආර්ථික අගාධයෙන් කිසිවිටෙකත් ගොඩගත නොහැකි වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්ු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (1) පැවසීය. 02 May 2018
දකුණේ ඉඳලා උතුරට අධිවේගයක් හදන්න අපිම එන්න ඕනෑ දකුණේ සිට උතුරට අධිවේගී මාර්ග පද්ධතියක් ඇති කළහොත් එය රටේ දියුණුවට ඉමහත් සේවයක් වන බව ගංගාරාම විහාරාධිපති අපේ ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් මෙහිදී පවසා සිටියා. ඒ වගේ සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවන්න නම් නැවත වරක් අපම බලයට එන්න ඕනෑ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 02 May 2018
20 මුට්ටිය දාද්දිම කුඩු කරන්න විමල් සැරසෙයි ’‘මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂය 20 වැනි සංශෝධනය පිළිබදව කිසිවක් කියන්නේ නැහැ. කෙටුම්පත පාර්ලිමේන්තුවට එනකම් කිසිවක් නොකියා ඉන්නයි තීරණය කරලා තියෙන්නේ. 01 May 2018
‘ නව කැබිනට් සංශෝධනයෙන් ඵලදායී සේවයක් කළ හැකියි‘ - ශාන් විජේලාල් විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ සිදු කළ මෙම නව කැබිනට් සංශෝධනය තුළින් මීට පෙර වතාවලට වඩා ඵලදායී සේවාවක් රටට සිදුකිරීමට හැකිවන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය. 01 May 2018
මහා සංඝරත්නයේ අනුශාසනා කිසිසේත් නොසලකා හරින්නේ නෑ මහා සංඝරත්නයේ අනුශාසනා සහ මගපෙන්වීම්වලින් තොරව කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිංගිරියේ පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ දී පැවැසීය. 30 April 2018
එකම කාඞ් කුට්ටම කොච්චර ඇනුවත් රටට වැඩක් නෑ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මේ වනවිට පැන නැගී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට නම් වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී පෙරේදා (25) ප්‍රකාශ කළේය. 27 April 2018
ආණ්ඩුවේ නොහැකියාව, ජනතා විරෝධය අමතක කරන්න මැයි දිනයත්, වෙසක් දිනයත් වෙනස් කළා ආණ්ඩුවේ නොහැකියාව හා ජනතා විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඉතිහාසයේ කිසි කලෙකත් නොවූ අයුරින් මෙවර ලෝක කම්කරු දිනය හා බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දිනය පවා වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි, ලංකා සමසමාජ පක්ෂයේ ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (25) පැවසීය. 26 April 2018
නව බද්දෙන් ජනතාව සුද්දයි නව දේශීය ආදායම් පනත මඟින් සීමාවකින් තොරව බදු පැනවීම නිසා සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙරේදා (24) පැවැසීය. 26 April 2018
‘විසිවැනි ව්‍යවස්ථා සංශෝධයෙන් අගමැතිගේ බලයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ‘ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා වන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසා අගමැති රනිල්ගේ බලය අයන්නකින්වත් වෙනස් වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (25) පැවසීය. 25 April 2018
ඉතිහාසයේ පළමුවතාවට ආණ්ඩුව හාමුදුරුවරුන්ටත් නීති දානවා ඉතිහාසයේ පළමුවතාවට වත්මන් ආණ්ඩුව මගින් ස්වාමීන් වහන්සේලාට නීති දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (22) පැවසීය. 25 April 2018
මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක් කම්කරුවන්ට හිමි මැයි පළමුවැනිදා නිවාඩුව අහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී ක්‍රීයාවක් යැයි ප්රජාතන්ත්රවාදී වාමංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23) පැවැසීය. 24 April 2018
’කොන්ද පණ ඇති නායකයෙක් පත්කරන්න කටයුතු කරනවා’ වස විස නැති ගොවිතැන පිළිගන්නා බව කොන්ද පණ ඇතිව පොරොන්දු වන නායකයෙක් රාජ්‍ය නායකයා කරගන්නට ඊළඟ මැතිවරණයේ දී ගිවිසුම් ගත කරගෙන සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 24 April 2018
‘ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න හදනවා‘ - මුසම්මිල් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටන් කර එදා ජීවිත පරිත්‍යග කළ හැටදාහක් දෙනාගේ මළ කඳන් උඩින් ගිහින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව හරහා බෙදුම්වාදීන්ගේ වුවමනාව ඉටු කරමින් ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න 22 April 2018
විග්නේෂ්වරන් සමඟ ගමනක් යන්න ගජේන්ද්ර පොන්නම්බලම් සැරසෙයි උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පිහිටුවා ගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂයට නුසුදුසු පුද්ගලයින් සම්බන්ධ කර නොගනිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලන ගමනක් යෑමට සූදානම් 20 April 2018
‘සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට සුදුසු නෑ‘ - ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විපක්ෂනායක ධූරයේ සිටීමට නුසුදුසු බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. 19 April 2018
විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි විශ්වාසභංග යෝජනාවේදී අගමැති ආරක්ෂා කරන්නට කැපවුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දැරීම තබා විපක්ෂයේ අසුන් ගැනීමටවත් සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳුදා (16) පැවසීය. 19 April 2018
සමහර විදේශ තානාපතීන් සීමාව ඉක්මවා මට බලපෑම් කළා ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්රජාතන්ත්රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය. 19 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026