විනීතා එම් ගමගේ
සීමා නිර්ණය හේතුව ලෙස පෙන්වා කල් දැමිය නොහැකි එකම මැතිවරණය ජනාධිපතිවරණය වන බැවින් විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට එජාපය හා ජවිපෙ උත්සාහයක යෙදෙන බව පෙනී යන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
එසේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කර ගත හොත් 2025 වන තුරු මැතිවරණ සිතියම හකුළා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බව ද ගම්මන්පිල මහතා පැවැසීය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.
‘ජවිපෙත් එජාපයත් එක් වී විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන්න විසි වන සංශෝධනය ගේන්නේ 2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීමේ යටි අරමුණෙන්.
පුංචි ඡන්දයේ ප‍්‍රතිඵල වලට ආණ්ඩුව තවම මුහුණ දෙනවා. ශ‍්‍රීලනිපය අර්බූදයක් ඇති වෙලා 16 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ පුංචි ඡන්දයේ ප‍්‍රතිපලයක් විධියට. එජාප නායකයා එලවන කැරැල්ලක් ඇති වෙලා තිබෙන්නේ පුංචි ඡන්දයේ ප‍්‍රතිඵලයක් විදියට. ඒ නිසා මේ ආණ්ඩුවට තදින්ම මැතිවරණ භීතිකාව තිබෙනවා.
ජවිපෙ සහයෙන් පළාත් සභා මැතිවරණ පනත වෙනස් කරලා කොට්ඨාස ක‍්‍රමය හඳුන්වා දීලා සීමා නිර්ණය මත දාලා පළාත් සභා මැතිවරණය නම් දින නියමයකින් තොරව කල් දා ගත්තා. පුංචි ඡන්දයට කළෙත් ඔය දෙයමයි. සීමා නීර්ණය පෙන්වමින් අවුරුදු තුනක් කල් දැම්මා. අපි අධිකරණයට ගිය නිසා ඡන්දය තිබ්බා. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායකය අහෝසි කරන්න පොරොන්දු වුනේ ශ්‍රී.ල,නි.ප. ප්‍රධාන සන්ධානය, බොරු දවල් හීන දකින්න එපා.
විධායකය අහෝසි කරන්න පොරොන්දු වුණේ ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංධානයයි. බොරු දවල් හීන දකින්න එපා.
මේ මහත්තයා මහා ඉසේ රදයක්. බැරිද මේ පොකැට් කටට සිප් එකක් වත් දාන්න?
කියන්න දේවල් නැතුව හැමදාම විකාර කියවනවා, දේශපාලනය තුට්ටු දෙකට දානවා .
ගමක හාමුගේ වලව්වෙත්. ගැමියගේ ගැමි ගෙදරත් සුරතල්ලු ඉන්නවා. හැබැයි ලැබෙන කටු වල වෙනසක් තියනවා. ජනාධිපති ධූරයත් හරියට වලව්වේ හාමු වගේ එ් වෙනුවෙන් බුරනකොට හුරතල් වෙනකොට ලැබෙන වාසි වැඩි. රට, ජාතිය, අාගම හැම දේකට ගත්තම මිනිස්සුන්ගේ හදවතට සමීපවෙන්න පුලුවන් මෙයාලා එ්ක නිහීන විදියට යොදා ගන්නවා. හැම එකටම බෙදුම්වාදි බිල්ලා. කියන්න තියෙන්නේ අර හැමදාම බොරුවට කොටියා කනවෝ කියලා කෑගහලා අන්තිමට අැත්තටම කොටියා අාව දවසට. වෙච්ච දේ තමා.
මෙයා කියන දේවල් අහන්න කිසි කෙනෙක් නැහැ.
1978 ඉඳන් නැති කරන්න කතා කළ ජේ.ආර්. ගේ බහුබූත ආණ්ඩුක්‍රමය මේ අවුරුදු 40න් 20ක්ම බලයේ හිටි වැදගතුන්ට වෙනස් කරන්න බැරිවුණු වෙලේ.... ඒ දෙය කරන්න උත්සාහ ගනිද්දී මේවා තමයි කියවන බහුබූත... අවංකවම මේ අයගේ පැවැත්මේ ගැටළුවක් නිසාම මිස වෙනයම් හේතුවක් නම් නොවේ. පව්.. අනුකම්පා කරන්න ඕනේ මේ දේශපාලන යැපෙන්නන්ට... එදා වේල කන්න නැති හිඟන්නොත් මේ අයට වඩා වැදගත්..
විධායකය අහෝසිකර 2025 තෙක් ඉන්න හදනවා නම් ඒකට අපි සතුටු වෙනවා.