IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මැයි දිනය 7දා සමරන්න රජයට හීලෑ වුණාට ජවිපෙ ලජ්ජා විය යුතුය

(අමරදාස සිල්වා) 

රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට කල්දැමූ මැයි දිනය සැමරීම සඳහා ජ.වි. පෙරමුණ රජයට හිලෑවීම ගැන ලැජ්ජා විය යුතු බවත් ඒ කිසිම තීරණයකට යටත් නොවී ඉතා අභීතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දිනය දාම කොළඹදී දැවැන්ත රැලියක් පැවැත්වීමට එඩිතරවීම ගැන පක්ෂයට ආඩම්බර විය හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. 

ගුණරත්නම් මහතා එසේ පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මැයි 1 දා සවස පැවැත්වූ මැයිදින රැලියේදීය. 

කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් පාක්ෂිකයින් පෙළපාළියකින් පැමිණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම රැලිය පැවැත්විණි. 

‘ඇත්ත වෙනසකට වමේ බලයක්’ තේමාව කර ගනිමින් පැවැති එම රැලියේදී කුමාර් ගුණරත්නම් මහතා මෙසේද කීය. 
මැයි පළමුවැනිදා දවසේ ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණක් කොළඹ  කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මැයි රැලියක් පැවැත්වීමට අවසරදීම ගැන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මා ප්‍රථමයෙන්ම ස්තුතිය  පළකර සිටිනවා. 

ලෝක කම්කරු දිනය සැමරීමේ දිනය මැයි මාසයේ  හත්වැනිදාට කල්දැමීමට රජය තීරණය කළා. වාම පක්ෂයක් යැයි කියා ගන්නා ජ.වි. පෙරමුණ ඒ දිනයට මැයි රැලිය පවත්වන්නට එකඟ වීමෙන්ම ජ.වි. පෙරමුණ රජයට මොනතරම් හීලෑවෙලාද කියා අපට හිතා ගන්නට පුළුවනි. ඒ නිසා ජ.වි. පෙරමුණ  අපි හඳුන්වන්නේ  ධනේෂ්වර රජය ඉදිරියේ දණ ගසාගෙන සිටින පැරැණි වමක් හැටියටයි. 

මේ රටේ වාමාංශික පක්ෂයක් තිබෙනවා නම් ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණයි ඒ නිසා අපි රජයට කියනවා අපට තර්ජනය කරලා බය වද්දන්න එපා කියලා. අපේ පෙරටුගාමී වාමාංශික පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරන්නට ඕනෑම කැපවීමක් කරන්න සූදානම් බවත් අප රජයට දන්වා සිටිනවා. 

එදා 87දී ජේ.ආර්. පාලනය මැයි දිනය පැවැත්වීමට තහනම් කළා. එදා අපි හිටියේ ජ.වි. පෙරමුණට සම්බන්ධවයි. අපි එදා මැයි දිනය පවත්වන්නට ඒකරාශීව ඉදිරියට ගියත් ජේ.ආර්.ගේ පොලිස්  හමුදාව අපේ කිත්සිරි මෙවන් රණවක  සහ ලෙස්ලි ආනන්දලාල් සහෝදරවරු ඝාතනය කරලා දැම්මා. 

ඊට පසුව මහින්ද රාජපක්ෂ පාලනයේදී 2006දී යුද්ධයට මුවාවෙලා  නැවත වරක් මැයි දිනය තහනමට ලක් කළා. එදා හීලෑවෙච්ච ජ.වි. පෙරමුණ සමග සිටි නිසා මැයි දිනය සමරන්න හැකියාව ලැබුණේ නැහැ. මේ තමයි ජ.වි. පෙරමුණේ මැයි දින ඉතිහාසය. මේ විලිලැජ්ජා නැති හීලෑකමත් පිළිකුල් කරලා තමයි එයින් ඉවත්වෙලා අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්තේ. 

අද රනිල්-මෛත්‍රී හවුල අනියම් ආකාරයෙන් මැයි දිනය තහනමට ලක් කර තිබෙනවා. මැයි දිනයේ නිවාඩුවක් අවලංගු  කළා විතරක් නොවෙයි මැයි දින රැලියක් පැවැත්වීමටත් කොළඹ නගරයේ පිට්ටනියක්වත් නොදෙන්න කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් රජයේ තහනම නොතකා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ඉතා ගාම්භීරව කොළඹදී මැයි දින රැලියක් පවත්වන්නට තරම් එඩිතරව සිටින බව මහත් ආඩම්බරයෙන් කියා සිටිනවා. නමුත් රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට ලෝක කම්කරු දිනය සැමරීමට ජ.වි. පෙරමුණ රජයට හීලෑවීම ගැන ලැජ්ජා විය යුතුයි. 

මැයිදිනය මැයි මාසේ 07 වැනිදාට කල් දැමුවේ බෞද්ධ  ජනතාවගේ වෙසක් උත්සවයට බාධාවක් වේවි කියලයි රජය මේ තීරණය අරගෙන තිබෙන්නේ. මේක නොවෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි ආණ්ඩුවේ විපක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇති අර්බුද සහ ජනාධිපති සහ අගමැති මුහුණදී සිටින අර්බුද. 

මේ නිසා තමයි බෞද්ධයා ගැන මහා පුදුම කැක්කුමකින් මැයි දිනය කල් දමල අර්බුදකාරී තත්ත්වය වසන් කරන්නට පියවර ගත්තේ. මේ සමගම අපි මහානායක හිමිවරුන්ගෙන් අහනවා ආර්යෂ්ඨාංගික මාර්ගය අනුව ප්‍රඥාවෙන් යුතුව ජීවත් විය හැකි රටක් අපේ බෞද්ධ ජනතාවට තියෙනවද කියලා. යහපත් කර්මාන්ත කරලා ජීවත් විය හැකි රටක් අපට ඉතිරිවෙලා තියෙනවද කියලා අපට අනුශාසනා කරන්න කියා ඉල්ලා සිටිනවා. 

රජයේ මේ සෙල්ලම ඇතුළේ තියෙන්නේ රජය කරගෙන යාමට ඇති නොහැකියාව නොවෙයිද?

රනිල් වික්‍රමසිංහට නායකත්වය දිගටම තියා ගන්න හැකිවේවිද? සජිත් ප්‍රේමදාසට නියොජ්‍ය නායකත්වය දිගටම තියා ගන්නට හැකිවේවිද? මෛත්‍රීපාල සිරිසේනට දෙවැනි වරටත් ජනාධිපතිවීමේ සිහිනය සැබෑවේවිද? මහින්දට තවත් සැරයක් ජනාධිපතිවීමේ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් වේවිද? මෙන්න මේ වගේ කතාවක් තමයි අද රට තුළ පවතින්නේ. 

මෙයට කියන්නේ දේශපාලන අර්බුදය හැර වෙන කුමක්ද? මේ වගේ දේශපාලන අර්බුදයක් ඇතිවීමට හේතුව තමයි පවතින ධනේෂ්වර පාලනය. පසුගිය රජයේ සිටි හොරු සමග ආණ්ඩුවක්  පිහිටුවාගත් මේ රජයෙන් කෙරෙන්නේ ධනේශ්වර පාලනයක්. 

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රජපක්ෂට  වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ මහින්දගේ දක්ෂතාව නිසා නොවෙයි. මේක ජනතාවගේ පුරුද්දක්. මේ පුරද්ද නැති කර ගන්න අවශ්‍යයි. ජනතාව බලාපොරොත්තු වන ඇත්ත වෙනසක් දැකීමට නම් විඳීමට නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බලය පැවරිය යුතුමයි. 

වමට බලයක් ලබාදිය හැක්කේ ජන බලය ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ ක්‍රියාවලියට ඡන්දය ප්‍රකාශ කිරීමට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන දැක්ම හා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ සියල්ලෙන් පෙරටුගාමී  සමාජවාදී පක්ෂය ශක්තිමත්. 

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්  දුමින්ද නාගමුව මහතා: 

ලෝක කම්කරු දිනය කියන්නේ නිකම්ම නිකන් දිනයක් නොවෙයි. එය ලෝකයේ කම්කරුවෝ ලේ හලලා දිනාගත්තු දිනයක්. ඒ නිසා එම දිනයේම සැමරීමට අපට හැකිවීම අපට ලොකු සතුටක්.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය කියන යෝජනාව මේ වනවිට ජ.වි. පෙරමුණ කරළියට ගෙනැත්. ඉදිරියේ  පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය  රාජපක්ෂ  එන බවට කතාවක් තියෙනවා. එයා එනවට මහින්ද රාජපක්ෂ  කැමති නැහැ. එයාගේ බලාපොරොත්තුව එයාගේ නාමල් පුතාට රට බාරදෙන්නටයි. ඔය කවුරු විධායක ජනාධිපති තනතුරට ආවත් අපි බය නැහැ. අපි දේශපාලනය කරනවා. 

මේ වනවිට වර්ධනය වන ආර්ථික අර්බුදය ලෝකයේ ඉවර වෙන්නෙත් නැහැ. ලංකාවේ ඉවර වෙන්නෙත් නැහැ. මේ  වසරේ ලංකාව රුපියල් මිලියන 450ක් ණය ගෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය දැනගෙන තමයි මහින්ද වේලසනින්  ඡන්දය තිබ්බේ. මේ අර්බුදයට කර ගහන්න වෙන්නේ වැඩ කරන ජනතාවට ගොවියන්ට ශිෂ්‍යයන්ට සහ කාන්තාවන්ටයි. 

ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පක්ෂයට අයත් ලොරියේ ඉදිරියෙන් ගහලා තියෙන්නේ බුදු සරණයි කියලා. නමුත් ලොරිය ඇතුළේ තියෙන්නේ හොර හරක් බව අමතක කරන්න එපා. 

අද කම්කරු දිනය සමරන මේ වෙලාවේ අපි සිටින්නේ  දේශපාලන හැරවුම් ලක්ෂයක. මේ අර්බුද ගැන කතාකරන වෙලාවේ අපේ ගෙවල්වල තිබෙන තත්ත්වය කොහොමද? හාල්  පොල් සීනි ගණන්. දරුවන්ගේ  ටියුෂන් සල්ලි ගෙවන්න ඕනෑ. හැබැයි ගෙදරින් එළියට ආවම මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න ගැන එළියේ පිට කතා කරන්න බැරි තරම් මහා දැවැන්ත මතයක් මාධ්‍ය මගින් හදලා තියෙනවා.  ඒ කියන්නේ ගෙදර ප්‍රශ්නය  රටේ ප්‍රශ්නයක්  නොවෙයි කියන විදියට. 

ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අපේ ජීවිතයේ දැවෙන ප්‍රශ්න වේදිකාවට ගෙනඑන ව්‍යාපෘතිය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුල පුරලා තිබෙන බව කියන්න කැමතියි. 

ජ.වි. පෙරමුණේ වංචා  දූෂණ  නැහැ කියන සටන් පාඨයම දූෂණයක්. මහා පරිමාන  ව්‍යාපෘති  ඇතුළේ වෘත්තීය සමිති හදලා තියෙන්නේ ජ.වි. පෙරමුණ විසින්. මේ අය ඒ සමාගම් ඇතුලේ වෘත්තිය සමිති කරන්නේ හාම්පුතා සමග රහසේ ඩීල් දමාගෙන. එහෙමනම් මේ රටේ මහා දූෂණ වංචාවන් සිදු කෙරෙන්නේ ජ.වි. පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති  ඇතුළේ බව අද අපි රටට හෙළිකර සිටිනවා. 

මේ ආණ්ඩුව සමෘද්ධිය දෙන හැටිත් අපි කියන්න අවශ්‍යයි. 

යම් පවුලක සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් අය සිටිනවා නම් සමෘද්ධිය දෙන්නේ නැහැ. සතියකට වරක් හෝ මස් හෝ මාළු කනවා නම් සමෘද්ධිය කපා දමන්නට රජය නියම කර තිබෙනවා. රාජපක්ෂලා ආවාට මෙම ක්‍රමය වෙනස් වේවි කියා හිතන්න එපා. ඒ අය බලයට ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන පරිප්පුව කන්න වෙන බව අප දන්නවා. 

ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් විමල් වත්තුහේවා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ  ජාතික කමිටු සාමාජික සංජීව බණ්ඩාර, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, වෙනසක  තාරුණ්‍යය ජාතික සංවිධායක සුජිත් කුරුවිට, යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. 



අදහස් (0)

මැයි දිනය 7දා සමරන්න රජයට හීලෑ වුණාට ජවිපෙ ලජ්ජා විය යුතුය

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 816 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site