IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ‘- ශාන්ත බණ්ඩාර


 
(හර්ෂණ තුෂාර සිල්වා)
 

සමෘද්ධි ව්‍යාපාරය ශ්‍රී ලංකා මහ බැංකු-වට හෝ වෙනත් කිසිදු ආයතනයකට හෝ පවරා ගැනීමට හෝ පැවැරීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (10) ප්‍රකාශ කළේය.
 
සමෘද්ධි ප්‍රතිලාභය ලැබිය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවුලකට එය නොදී එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් දේශපාලන මතයක් දරන පවුලකට එය ලැබෙනවා නම් එම අසාධාරණයට කිසිසේත් ඉඩ නොතබන බව ද ශාන්ත බණ්ඩාර මහතා කීය.
 
සමෘද්ධිය ලැබීමට සුදුසු පවුල් මොනවාදැයි සොයා බලා ඔවුන්ට මෙම ප්‍රතිලාභය දී 2030 වනවිට සමෘද්ධි ව්‍යාපාරයේ කර්තව්‍යය අවසන් කරන්නැයි අගමැතිවරයාගෙන් සහ නව ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද බණ්ඩාර මහතා තවදුරටත් කීයා.
 
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා එම කරුණු කීය. 
 
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.
  
“මැයි දින රැළිවලදීත් ඉන් පසුවත් සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබුණා. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ ඇයි කියන දේ හරියට නොදැන ඇතැම් අය අදහස් දක්වනවා. අපේ රටේ පවුල් ලක්ෂ 18ක් අඩු ආදායම්ලාභී පවුල් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම පවුල් සවිබල ගැන්වීම සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක්. අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 14ක් ඉන්නවා. මේ සමෘද්ධි ප්‍රතිලාභීන් හැටියට ඉන්න අයට අපි විවිධ දිරිමනා දීම ලබාදෙනවා. එමෙන්ම එම ප්‍රතිලාභ හා දිරිදීමනා සියයට 200කින් වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා.
 
රුපියල් 3,500 දීමනාව ලබන පවුල් 544,446ක් ඉන්නවා. රුපියල් 2,500යේ දායකත්වය ලබන පවුල් 243,477ක් ඉන්නවා. රුපියල් 1,500 ලබන පවුල් 474,994ක් ඉන්නවා. මේ ආකාරයට විශාල පවුල් සංඛ්‍යාවක් සමෘද්ධි ප්‍රතිලාභ ලබනවා. ඊට අමතරව ඔවුන් තවත් දීමනා හා ප්‍රතිලාභ ලබනවා. සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් දිරිය පියස නමින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. 
 
අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් වෙනුවෙන් සිප්දොර අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. රක්ෂණ ක්‍රමයක් තිබෙනවා. සමෘද්ධි පවුලක කෙනෙක් මැරුණොත් රුපියල් 15,000ක දීමනාවක් දෙනවා. සමෘද්ධි පවුලක දරුවෙක් ඉපදුණොත් රුපියල් 7,500ක දීමනාවක් දෙනවා. සමෘද්ධි පවුලක කවුරුහරි අසනීප වුණොත් බෙහෙත් ආදිය ගන්න රුපියල් 7,500ක මුදලක් ලබාදෙනවා.  
සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ සමෘද්ධි ආධාරය විතරක් ලබාදෙන්නක් නෙමෙයි. ඒ තුළින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් අඩු ආදායම් පවුල් සවිබල ගැන්වීම සිදු වෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ ආණ්ඩුවෙන් එස්.බී දිසානායක අමාත්‍යවරයාගේ යටතේ ආරම්භ කරපු මෙම වැඩසටහන ඉන් පසු තවත් අමාත්‍යවරුන්, නිලධාරීන් යටතේ ඉදිරියට ආවා. බොහෝ පිරිසක් සමෘද්ධි ව්‍යාපාරය පවත්වාගෙන යෑම  වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කර තිබෙනවා.  
 
පසුගිය කාලයේදී පවුල් විශාල සංඛ්‍යාවක් සවිබල ගැන්වී තිබෙනවා. වසර 2030 වනවිට මෙරටින් දුප්පත් තුරන් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා ඉලක්කයක් ලබා දී තිබෙනවා. දුප්පත්කම තුරන් කිරීමට නම් අඩු ආදායම්ලාභී පවුල් සමෘද්ධි ආධාර ලබන පවුල් ඉවත් කළ යුතුය. එම පවුල් සවිබල ගැන්විය යුතුයි. ඒ සඳහා එක් වර්ෂයකදී සමෘද්ධිලාභී පවුල් සියයට 10 බැගින් අඩු කළ යුතුයි. එම පවුල් සියල්ල සවිබල ගැන්වීම අද වනවිට සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණු සහ ඉලක්ක බවට පත්වී තිබෙනවා. එම පවුල්, නිලධාරීන් ඇතුළු සියලු දෙනා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. 
 
සමෘද්ධි ව්‍යාපාරය සතුව බැංකුවල පමණක් රුපියල් බිලියන 140ක මුදලක් තිබෙනවා. මේවා උඩින් පාත් වෙච්ච සල්ලි නෙමෙයි. මේ මුදල් ජනතාවගේ. ජනතාවගේ දහඩිය මහන්සිය කඳුළෙන් හැදුණු මුදල්. මේක සාංඝික දෙයක් වෙන කෙනෙක් ගන්න හදනවා වගේ වැඩක්. මෙම මුදල් කාටවත් අයිති වෙන්න දෙන්න බැහැ. ඒ නිසා මහ බැංකුවට හෝ වෙන කිසිවකුට හෝ එය පවරාගන්න ඉඩ දෙන්න බැහැ. අපි ඊට කිසිසේත් ඉඩදෙන්නේ නැහැ. 
 
සමෘද්ධි මුදල් පිළිබඳ කටයුතු කරන කළමනාකරණ මණ්ඩලයක් දැනටත් සිටිනවා. සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හා මහ බැංකුව නියෝජනය කරමින් නියෝජිතයෙක් හා මුදල් අමාත්‍යාංශ නියෝජිතයෙක් එම කළමණාකරණ මණ්ඩලයේ කටයුතු කරනවා. දැනටත් ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිනවා. ඒ නිසා පසුගිය සතියේදී දෙකේදී සමෘද්ධි ව්‍යාපාරය ගැන කතා කරපු ඇතැම් අයට ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයට අත තියලා වෙනත් දේශපාලන වුවමනා ඉටු කරගැනීමට අපි කිසිවකුටත් ඉඩ තියන්නේ නැහැ. 
 

 



අදහස් (0)

‘ සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ‘- ශාන්ත බණ්ඩාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site