IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අලුත් අධිකරණ දඩයමකට නොවෙයි: උදයංගටත් මහේන්ද්‍රන්ටත් නීතිය එකයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

අලුත් අධිකරණ පිහිටුවන්නේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට නොවන බවත් උදයංග වීරතුංගට වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට ද මේ රටේ ක්‍රියාත්මක කරන්නේ එකම නීතිය බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසුවාය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (9) සවස 1.00ට රැස්විය.

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පත හා අපරාද නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කරමින් අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය මෙසේ පැවසුවාය.

මෙම පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමට ඉදිරිපත් කරනවා. අධිකරණ සංවිධාන පනතට හත් දෙනකු අධිකරණයට ගියා. අධිකරණයේ සංශෝධන අනුව පනත අද ඉදිරිපත් කරනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා යමක් කියයි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

අධිකරණය කියූ පරිදි පනත සංශෝධන කරනවා. ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නය.

අධිකරණ නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මහතා:

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සංශෝධන තුනක් ඇතුළත් වෙනවා. දැන් මේ විවාදය කරගෙන යන්න බාධාවක් නැහැ. ජනතාවගේ විශ්වාසය දිනාගත්ත අධිකරණ පද්ධතියක් රටේ ඇති කර අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යෑම අපේ අරමුණයි. සියලු දෙනාගේ නඩු කටයුතු අවසන් කරමු. නඩු කටයුතු ප්‍රමාදය වළක්වනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):

විශේෂ අධිකරණ පිහිටුවන්නේ නඩු කටයුතු ඉක්මන් කිරීමටයි. නඩු ප්‍රමාදය ගැන කාලයක් තිස්සේ ලොකු චෝදනාවක් තිබුණා. සාක්කිවල ප්‍රශ්න නිසාත් නඩු ප්‍රමාද වෙනවා. මේ රටේ ඉහළ මට්ටමේ දූෂණ වෙනවා. බලවතුන් කරන දූෂණවලදී ඔවුන් ගැලවෙන තත්ත්වයක් තිබෙනවා. දූෂණයට විරුද්ධව කටයුතු කිරීමට මේ ආණ්ඩුවට වරමක් ලැබුණා. අපරාධ නඩු දිගුකාලීනව ප්‍රමාද වෙනවා. අපරාධ නඩු කඩිනම් කිරීම වැදගත්. නැතිනම් වින්දිතයන්ට අසාධාරණයක් වෙනවා. මේ පනත අභියෝගයට ලක් කළ අයට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි විශේෂ අධිකරණ පිහිටුවීම කාටවත් විවේචන කරන්න බැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (එජනිස):

හොරකම් අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කිරීමට ලොකුවට පටන් ගත්තා. නීතිය අද දේශපාලනීකරණය වෙලා. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සමහර දේශපාලනඥයන් බලපෑම් කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අලුතින් පිහිටුවන අධිකරණ ඉදිරියේදී පාරාවලල්ලක් වෙනවා ස්ථිරයි. දේශපාලන පළිගැනීම්වලට අධිකරණය යොදා ගැනීමට මේ පාර්ලිමේන්තුව ඉඩ නොදිය යුතුයි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා:

අපරාධ නඩු වගේම දූෂණයට අදාළ නඩු විභාගත් ප්‍රමාද වෙනවා. නඩු කටයුතු කාර්යක්ෂම කරන්න මේ රජය පියවර ගත්තා. මහාධිකරණ විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කළා. නීතිපති දෙපාර්තමේන්තුව සුවිශේෂී එකක්. රජය රජයේ නීතිඥවරයකුගේ වැටුප් පහසුකම් වැඩි කළා. ට්‍රයල් ඇට් බාර් ක්‍රමය අලුත් දෙයක් නොවෙයි. හොරකම් කරන්නේ දේශපාලනඥයන් විතරක් නොවෙයි. ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන් දේශපාලනඥයෝ නොවෙයි. 

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ):

විශේෂ අධිකරණ පිහිටුවීම වන්නේ ආණ්ඩුව ඇවිල්ලා ලොකු කාලයක් ගියාට පසුවයි. හොරකම්වලට සම්බන්ධ වෙලා තියෙන්නේ දේශපාලනඥයන් පමණක් නොවෙයි. දූෂණය, වංචාව නැවැත්වීමට නීතිමය විදිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි. අද හැම තැනෙකින්ම ඇහෙන්නේ වංචා දූෂණ චෝදනායි. ඒවා අහලම අප්‍රියයි. හොරුන්ට දඬුවම් කරන්න මේ ආණ්ඩුව අපොහොසත් වුණා. අලුත් නීතිවලිනුත් ඒක වේවිද කියන සැකය ජනතාව තුළ  තියෙනවා. නීති ගේන්න දැන් හොඳටම පරක්කු වැඩියි. සමහර දූෂණ දේශපාලන ඩීල්වලින් යට ගැහුවා. අල්ලස් කොමසාරිස්වරිය ගෙදර යැව්වා. මේක වුණේ ඇය ඇමැතිවරු දෙදෙනකුට විරුද්ධව නඩු දාන්න යද්දියි. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ අධිකරණවලට බය නැහැ. 

උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:

නඩු කල් දැමීම අද නීති ක්‍රමයට කාවැදිලා තියෙනවා. දිනපතා නඩු අහල මේ නඩු ඉවර කරන්න කියල අපි එදා කිව්වා. සමහර නඩුකාරවරු ඇහුවා, සමහරු ඇහුවේ නැහැ. සෑම සිවිල් නඩුවක් පටන් ගන්න කලින් සමථකරණයකට යන්න ඕන. ඒක අද සාර්ථකයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා (එජනිස):

අපි හොරු අල්ලනවාට විරුද්ධ නැහැ. අපි වෘත්තියෙන් නීතිඥයෝ. මහාධිකරණ විනිසුරුවරු වැඩි කරන එක හොඳයි. බරපතළ නඩු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට එකඟයි. නීති සද්භාවයෙන් ගේනවා නම් අපි ලැහැස්තියි. තව අවුරුදු තිහකින් අපේ නීතිඥ වෘත්තිකයන් නැති වෙනවා. මොකද තාක්ෂණය එනවා. හොරු අල්ලන එක උසාවියට දෙන්න එපා. ඒක පොලිසියේ නීති අංශ යොදා ගන්න.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):

යුද්ධයෙන් අතුරුදන් වූ පිරිසක් කඳවුරුවල ඉන්න බව ප්‍රකාශ වුණා. මෙහි සත්‍ය තත්ත්වය මොකද්ද. මේ සිරකරුවන්ගේ පරීක්ෂණ කල් දමලා තිබෙනවා. අපේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැද්ද?

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා:

මිනිහකුගේ ජීවිත නැති කිරීම මුදලකට සමාන කරන්න බැහැ. එදා නිවාස හදනවා කියලා රාඩා එක හරහා කොටින්ට මුදල් යැව්වා. අල්ලසට දූෂණයට විරුද්ධව අපි තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. හොරු අල්ලන එක ශීඝ්‍ර කළ යුතුයි. තාජුඩීන් නඩු ඉක්මනින්ම අහන්න ඕන. මහ බැංකු නඩුව හෙට ඇහුවත් කමක් නැහැ. නීතියෙන් විතරක් රට හදන්න බැහැ. කළමනාකරණයේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවලටත් අප යොමු විය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා:

මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් දහ දෙනකුට විරුද්ධව අපි අල්ලස් කොමිසමට ගියා. කවද්ද ඒ අයගෙන් ප්‍රකාශ ගන්නේ. දේශපාලන දඩයමකට මේ පනත ගේනවා නම් අපි ඒකට විරුද්ධයි. මේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට රටක් ගැන හැඟීමක් නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ වෛරක්කාරයෝ ඉන්නවා. මේ අවුරුදු තුන ඇතුළේ ඉතිරි කළේ වෛරය, ක්‍රෝධය පමණයි.

බිමල් රත්නායක මහතා (ජවිපෙ) මුලසුනට පැමිණියේය.

පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):

අතීතයේ සියලු නඩු ඇහුවේ දිනපතායි. ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන පිළිගෙන තියෙනවා. ට්‍රයල් ඇට් බාර් එකකට යන්නේ අගවිනිසුරුවරයාගේ අනුමැතිය අනුවයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස)

 අධිකරණ සංවිධාන පනතේ දැන් තියෙන කෙටුම්පතට අප විරුද්ධයි. මේ පනත ගෙනාවේ විරුද්ධවාදීන් දඩයම් කිරීමටයි. ඒකේ නම් සැකයක් නැහැ. ස්ථිර ත්‍රිපුද්ගල විනිශ්චය සභාව මට තේරෙන්නේ නැහැ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ තනි වුවමනාවට අධිචෝදනා දාන්න බැහැ. අගවිනිසුරුවරයාගේ අනුදැනීම අවශ්‍යයි. අපි බැඳුම්කරේ සම්බන්ධයෙන් අගමැතිට විරුද්ධව අල්ලසට ගියා. අපෙන් පොඩි ප්‍රකාශයක් ගත්තා. එච්චරම තමයි. අපි කළේ බොරු පැමිණිලි නම් ඒක හරි ප්‍රකාශ කරන්න ඕන. ආණ්ඩුව ගහපු ගල වැරදුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන දාන්න වුණා. උපක්‍රමය වැරදුණා. පස්ස බිම ඇනුණා. අපි විරුද්ධ දඩයමටයි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:

අධිකරණය අපක්ෂපාතී විය යුතුයි. ඒ වගේම කාර්යක්ෂම විය යුතුයි. අධිකරණයේ නඩු ලක්ෂ අටක් ගොඩගැහිලා. යුක්තිය පමාවීම කියන්නේ යුක්තිය ඉටු නොවෙනවා කියන එකයි. බැඳුම්කර සිද්ධියටත් මේ අධිකරණය ක්‍රියාත්මක විය යුතුයි. සුදු කරපටි අපරාධ වළක්වන්න තාක්ෂණය යොදා ගත යුතුයි.  බෞද්ධ භික්ෂූන් වෙනුවෙන්ද වෙනම අධිකරණයක් පිහිටුවන්න.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන් මහතා (දෙජාස):

ශක්තිමත් අධිකරණ පද්ධතියක් රටකට අවශ්‍යයි. හිර ගෙවල්වල සිටින දේශපාලන හිරකරුවන් නිදහස් කළ යුතුයි. කඩිනමින් විභාග කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):

19 වැනි සංශෝධනය මේ රට අරාජික කිරීමට ඉදිරිපත් වුණු එකක්. සාධනීය දේවල් ද තිබුණා. අපි තීන්දුවක් අරගෙන එළියට ආවා. අපි ඉදිරියට විපක්ෂයේ වැඩ කටයුතු කරනවා. මරණ දඬුවම තැතිව විශාල පිරිසක් හිරේ ඉන්නවා. අභියාචනා ප්‍රමාදයි. මිනීමැරුම් ගැන ඇති බරපතළ කරුණු මේ පනතට ඇතුළත් කරන්න. එතකොට පනත තවත් ශක්තිමත් වේවි.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා:

සුදු කරපටි වංචාවන් සඳහා අප වෙනම අධිකරණයක් පිහිටුවනවා. කලක් තිස්සේ මේ නඩු ගොඩගැහිලා තිබුණා. ශ්‍රී ලංකාවේ නෛතික ක්‍රියාදාමය යන්නේ ඉතාම හෙමින්. රාජපක්ෂ නඩුත් ප්‍රමාද වුණා. මේ පනතට ප්‍රසාදය පළ කරනවා. මේක ඓතිහාසික පනතක්.

කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස):

මේ ආණ්ඩුවේ අයගේ කටේ බුදු රැස් තිබුණාට බඬේ තියෙන්නේ දඩ මස්. මේක සද්භාවයෙන් ගේන පනතක් නොවෙයි. සංවර්ධනයෙන් ඉදිරියට ගියේ දූෂණය අඩු රටවල්. ජනාධිපතිතුමා ළඟ ඉන්න නිලධාරියෙක් කෝටි දෙකක අල්ලසක් ගත්තා. විරුද්ධවාදීන් අත්අඩංගුවට ගන්න ගෙනා පනතක්.
එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා:

මහා පරිමාණ මූල්‍ය අපරාධ චෝදනා කඩිනමින් විභාග කළ යුතුයි. එය ජනතාවගේ දැවෙන ඉල්ලීමක්. මෙම පනතට සියලු දෙනා පක්ෂ විය යුතුයි. ලොකු අය කරන හොරකම්වල ඉමක් කොණක් නැහැ.

පත්කළ මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා (එජනිස):

ආණ්ඩුව පිහිටුවීමේ පරමාර්ථ දැන් නැතිවී තියෙනවා. ඒ පරමාර්ථ ඉටු කළ යුතුයි. ජනතාවගේ විශ්වාසය දිනා ගත හැක්කේ එතකොටයි. රටේ නොවිසඳුණු මිනීමැරුම් රැසක් තියෙනවා. ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (එජාප):

මූල්‍ය අපරාධ කොට්ඨාසය ෆයිල් 19ක් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. කවර පක්ෂයක හිටියත් හොරා නම් හොරාට දඬුවම් දිය යුතුයි. අපේ ආණ්ඩුවේ හොරුන්ටත් එක් අධිකරණයකින් නඩු අහන්න ඕන. අහල අපේ කාලයේදීම දඬුවම් දිය යුතුයි. ජනතාව බලාපොරොත්තු වන්නේ එයයි. හොරු අල්ලන එක අපිට හරියට කරන්න බැරිවුණා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප):

අගමැතිතුමා සිංගප්පූරුවේ විදියට රට හදන්න සූදානම් වෙනවා. හොරුන්ට විරුද්ධව තියෙන නීති මදි. තවත් නීති ගේන්න ඕන. එක් අයකු දෙන්නකු කරන වැරැදිවලට 225 දෙනාම පළි නැහැ.

නීතිය, සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා:

අප ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. එදා අල්ලස් කොමිසම වහලා දාලා තිබුණා. පැමිණිලි ලිපිගොනු 3000ක් වහලා දැම්මා. දූෂණයට විරුද්ධ අද ලෝකය පුරා රැල්ලක් ඇතිවෙලා තියෙනවා.

(කථානායකවරයා මුලසුනට පැමිණියේය.)

අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය:

එදා ටොප් ටෙන් කියල මාධ්‍ය ජවනිකාවක් කළා. මෙතරම් අධිකරණය ස්වාධීන වුණු වකවානුවක් තිබිලා නැහැ. ව්‍යවස්ථා සභාවේ කුහකයෝ නැහැ. උදයංග වීරතුංගට වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට ක්‍රියාත්මක කරන්නේ එක නීතියයි. මෙය කවුරුහරි සීමිත පිරිසක් ඉලක්ක කර පිහිටුවන අධිකරණයක් නොවෙයි.

පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.
පාර්ලිමේන්තුව අද (10) උදේ 10.30ට යළි රැස්වීමට නියමිතය.



අදහස් (0)

අලුත් අධිකරණ දඩයමකට නොවෙයි: උදයංගටත් මහේන්ද්‍රන්ටත් නීතිය එකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 811 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7419 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site