IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’කොන්ද පණ ඇති නායකයෙක් පත්කරන්න කටයුතු කරනවා’

(විනීතා එම් ගමගේ)

වස විස නැති ගොවිතැන පිළිගන්නා බව කොන්ද පණ ඇතිව පොරොන්දු වන නායකයෙක් රාජ්‍ය නායකයා කරගන්නට ඊළඟ මැතිවරණයේ දී ගිවිසුම් ගත කරගෙන සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරන ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් සමාජය සුදානම් කරමින් පවතින බව ද උන්වහන්සේ කීහ.

පළාත් පාලන ඡන්දය පැරදුනේ පොහොර වෙනුවට මුදල් දුන් නිසා බව දේශපාලකයන් පවසන්නේ යැයි කී උන්වහන්සේ එසේ නම් කෘති‍්‍රම පොහොර දී ඊළඟ ඡන්දය දිනන්නට සුදානම් වන්නැයි දේශපාලකයන්ට අභියෝග කරන බව ද පැවැසූහ.

පොහොර සහනාධාරය දෙන්නට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් කැමති අයට  පමණක් වත් මුදල් දෙන ලෙස තමන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු ඊට එකඟ වූ බවත් කී රතන හිමියෝ ඒ අනුව කැමති අයකුට කෘත‍්‍රිම පොහොර වෙනුවට කාබනික පොහොර ලබාගත හැකි බව ද සඳහන් කළහ.

වස පොහොර එපා යැයි කියන ගොවීන් ලියාපදිංචි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් ගොවීන් එහි ලියාපදිංචිකර ගැනීම ආරම්භ කර ඇති බවත් උන් වහන්සේ පැවැසූහ.

රතන හිමියෝ මේ අදහස් පළ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (24) පැවැති උත්සවයක දීය. වස විස නැති රටක් වැඩපිළිවෙළ අරඹා වසර දෙකක් ගතවීම නිමිත්තෙන් එහි ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්විණි.

 



අදහස් (1)

’කොන්ද පණ ඇති නායකයෙක් පත්කරන්න කටයුතු කරනවා’

dasun Saturday, 28 April 2018 07:29 AM

අැයි 2015 ජනවාරි 8 පත් කළේ මොකක් තියෙන නායකයෙක්වද? හරියට බලන්න එපායැ මේවට කලින්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site