IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක්

(නාලක සංජීව දහනායක)

කම්කරුවන්ට හිමි මැයි පළමුවැනිදා නිවාඩුව අහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී ක්‍රීයාවක් යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23) පැවැසීය.

ජාත්‍යන්තර වශයෙන් කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා හා මෙරට මැයි දිනය පවත්වන හත් වැනිදා යන දින දෙකම නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ක්‍රියාකළ යුතුව තිබූ බවද මන්ත්‍රීවරයා කීය.

බොරැල්ල, ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙසේද පැවසීය.


වාමංශික පක්‍ෂ යනු කම්කරු පංතිය පදනම් කරගත් පක්‍ෂයි. එක්සත් ජාතික පක්‍ෂය අධිරාජ්‍යවාදයේ ඉත්තෙක් ලෙස කටයුතු කරනවා. ඒ විරෝධීන් එක්තැන් කරගනිමින් මැයි දිනය පවත්වන්නට තිබුණා නම් හොඳයි. නමුත් මෙවර මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. මැයි පළමුවැනිදා හා මැයි හත් වැනිදා යන දවස් දෙකේම නිවාඩුව දිය යුතුව තිබුණා. එසේ නොකර කම්කරුවන්ට හිමි මැයි පළමු වැනිදා නිවාඩුව ආහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී වැඩක්.

කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය ආරම්භ කිරීමෙන් අප බලාපොරොත්තු වුණේ  ආරක්‍ෂක අංශවලට මුල්තැන දෙන පාඨමාලා පවත්වාගෙන යන විද්‍යාපීඨයක් වශයෙන් පවත්වා ගෙන යන්නයි. දැන් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය උත්සාහ ගන්නවා. විශ්වවිද්‍යාලයක් බවට පත්කර සියලුම පාඨමාලා සඳහා මුදල් අයකිරීමට රජය උත්සාහ ගන්නවා. පාඨමාලා සඳහා මුදල් අයකිරීමෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි වෙනවා. සයිටම් ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ උත්සාහය වැළකී ගියාම ආණ්ඩුව ඒ සඳහා කොතලාවල විද්‍යාපීඨය යොදා ගන්නවා. කොතලාවල විද්‍යාපීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කළාට කමක් නහැ. ඉසෙඞ්කෝ ලකුණු යටතේ සිසුන්ට එයට ඇතුළත් වෙන්න ඉඩ දෙන්න. එමෙන්ම ඒ ආයතනය නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් වශයෙන් තියන්නත් අවශ්‍යයි.

එමෙන්ම සිංගප්පූරුවත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා. ඒ ගිවිසුම අත්සන් තැබීමෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක පාඩුවක් සිදුවෙන බව වෘත්තිකයන්ගේ ජාතික සභාව කරුණු  සහිතව පෙන්නුම් කර තිබෙනවා. නමුත් ඒ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් පිරිසක් සිංගප්පූරුවට ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. රටට අවාසිවන ආකාරයට ගිවිසුම් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා.

ඛනිජ තෙල් සංස්ථාව මැලේසියාව සමඟ ලිහිසිතෙල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ ගිවිසුම පසුගිය කාලයේදි සංශෝධනය කර තිබුණා. ඒ සංශෝධිත ගිවිසුමෙන් රටට පාඩු සිදුවෙන බැවින් ගිවිසුමේ ක්‍රියාකාරීත්ව අහෝසි කිරීමට ක්‍රියාකළ බව ඛණිජතෙල් අමාත්‍යවරයාම සඳහන් කර තිබුණා. රටේ සම්පත් ජාත්‍යන්තර ධනපති පංතියේ උවමනාවන් වෙනුවෙන් පාවාදීමේ ක්‍රියාවලියක් එක්සත් ජාතික පක්‍ෂය හැමදාම ක්‍රියාත්මක කළා. 

රටේ ස්වෛරීබව ඇපයට තියා රජය පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ණයක් ගත්තා. රටේ ණයබර වැඩියි කියමින් රජය දිගින් දිගටම මේ ආකාරයට ණය ගන්නේ ඇයි? මේ ණය සියල්ලම රටේ ස්වෛරී බවට තර්ජනයක්. එමෙන්ම දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ අතරට ඉන්ධන මිලත් ඉහළ දැමීම සම්බන්ධයෙනුත් ආණ්ඩුව කල්පනා කරනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟම ජීවන වියදමත් අධිකව ඉහළ යෑමට පටන් ගන්නවා. මේ සියල්ලම සිදුවෙන්නේ විධායක ජනාධිපති ධුරය තිබිය යුතුද නැද්ද කියන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට මුලාවෙලයි. 

අපිට පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි. ජේ.ආර්. විසින් නිර්මාණය කළ තනි පුද්ගල බලයට වඩා සාමූහික බලය හොඳයි. එහෙත් තමන්ට තනිබලයක් ලබාගැනීම සඳහා අගමැතිවරයා ජනතා විමුක්ති පෙරමුණ ඉත්තන් බවට පත්කරගෙන තිබෙනවා. ජනපති හා අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරයේදී අපිට අගමැතිවරයාගේ පැත්තේ සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ කටයුත්තට දායක වෙන්න බැහැ. පසුගිය කාලයේදී ජනපති හා අගමැතිවරයා අතර බල පොරයක් තිබුණා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අගමැතිවරයත් ඒ බව දන්නවා. නමුත් අවසන් මොහොතේ දී ජනාධිපතිවරයා අඩියක් පස්සට ගත්තා.

දැන් අගමැතිවරයාගේ වාරයයි. ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කරගෙන මෙම යෝජනාව ගෙනත් තිබෙනවා. සිංහල ජාතිවාදි කොටස්වලට අවශ්‍යව තිබෙන්නේ තනි පුද්ගලයකුට බලය තිබෙන ආණ්ඩුවක්. ඒ ඉල්ලිමට අපි එකඟ නැහැ. නමුත් සිරිසේන - රනිල් බල පොරයේදී රනිල්ගේ පැත්තට වැටෙන්න අපිට සූදානමක් නැහැ. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව නිසා ඒකාබද්ධ විපක්‍ෂය බෙදෙන්න දෙන්නත් බැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂය මේ ගැන කල්පනා කර බලාවි යැයි විශ්වාස කරන බවද කීය.

ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවැසීය.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත හිතුවක්කාරී ලෙස ක්‍රියාකළා. මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ නිසා ආර්ථික අර්බුදය මෙන්ම අධිරාජ්‍යවාදී අර්බුදයත් වැඩි වුණා. ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 2/3 බලයක් තිබූ නිසා මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම පහසු වුණා. නමුත් අපි විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසා දැන් ආණ්ඩුවට හිමි 2/3 බහුතර බලය අහිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා මෙසේ පැවසීය.

ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර මත ගැටීමක් ඇතිවී තිබෙනවා. මේ මෙහොතේදී එක්සත් ජාතික පක්‍ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු බව විජයදාස රාජපක්‍ෂ මහාත් ප්‍රකාශ කර තිබුණා. මේ මත ගැටීම් අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඉතාම අසීරු තත්ත්වයක් වෙනවා. මේ අර්බුද මඟ හැරීමට නම් ඉතාම ඉක්මනින් මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. 

 



අදහස් (0)

මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site