IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


එකම කාඞ් කුට්ටම කොච්චර ඇනුවත් රටට වැඩක් නෑ

(අතුල බණ්ඩාර)

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මේ වනවිට පැන නැගී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට නම් වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී පෙරේදා (25) ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අනුරාධපුරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ලාල්කාන්ත මහතාගේ නිවසට නුදුරින් පිහිටි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේදී මාධ්‍යවේදීන් හමුවේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
“මේ වනවිට රට අස්ථාවර වෙලා. ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඩොලරයේ වටිනාකම මේ වනවිට රුපියල් 159 දක්වා ඉහළ ගිහින්. නමුත් මේ ආණ්ඩුව කරවන අයට ඒ ගැන කිසිම තැකීමක් නැහැ. මම හිතන්නේ ආණ්ඩුව ගෙනියන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

 මේ අන්දමට ඩොලරයේ වටිනාකම වැඩිවෙද්දී බඩු මිල ඉහළ යෑම නතර කරන්න ආණ්ඩුවට බැහැ. ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වීම නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසයි ආර්ථිකය කඩා වැටිලා රට අස්ථාවර වී තිබෙන්නෙ. මෙහෙම අස්ථාවර රටකට ආයෝජකයන් එන්නේ නැහැ. බොරුවට කියනවා ආයෝජකයෝ එනවා කියලා. නමුත් එන ආයෝජකයෙක් නැහැ.

මේ රටේ සම්පත් විකිණීම පමණයි දැන් මේ ආණ්ඩුව කරන්නෙ. ගෙදර බඩු විකුණාගෙන එදා වේල පිරිමහ ගන්නවා වගේ වැඩක් තමයි මේ ආණ්ඩුව දැන් කරන්නෙ.

දැන් ත්‍රිකුණාමලයේ වරාය, තෙල් ටැංකි විකුණන්න යනවා. මත්තල ගුවන් තොටුපොළ විකුණන්න ලැහැස්ති වෙනවා. කොළඹ වරාය, ඊළඟට කන්කසන්තුරේ වරාය, අනෙක් ගුවන් තොටුපොළ විකුණන්න යනවා. රටේ හැම සම්පත්කම විකුණන්න හදනවා. මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතුයි. නැතිනම් මේක ජනතාවට හරිම බරක්. මේකට එකම විසඳුම් මහ මැතිවරණයක් පැවැත්වීමයි.

පැන නැගී තිබෙන මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් දීග කන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ.

කැබිනට් සංශෝධනවලින් විසඳුම් ලැබෙන්නෙ නැහැ. කොච්චර ඇනුවත් එකම කාඞ් කුට්ටමනෙ. එක එක්කෙනා එහෙට මෙහෙට කළා කියලා රටට වැඩක් වෙන්නේ නැහැ.

ආණ්ඩු පක්ෂයේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනෙක් ළඟදීම විපක්ෂයට එනවනෙ. ඒ අය විපක්ෂයේ වාඩි වුණාම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන වැඩි වෙනවා. අපට අවශ්‍ය ඒ අය මුලින්ම විපක්ෂයට ගෙන්වා ගැනීමයි. විපක්ෂයේ වාඩි වුණාට පස්සේ ඒ අයට තනි තනිව වැඩකරන්න බැහැනෙ. ඒ නිසා ඒ අයටත් ඒකාබද්ධ විපක්ෂයත් සමඟ එකතු වෙන්න වෙනවනෙ.”

 විපක්ෂයට එකතු වෙන්න යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර පසුගිය කාලයේ ඔබ තදින් විවේචනය කළ හිටපු ඇමැතිවරුන් ද සිටිනවා නේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

“කියමනක් තියෙනවානේ දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බව. 2005 දී මට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ කී දෙනෙක් ඊට පස්සේ මගේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් හැටියට හිටිය ද? ඒ ගැන මම ගණන් ගන්නේ නැහැනෙ. ජනතාව ඒ අය ගැන දැනගත්තහම ඇති. එන අය අප බාරගන්න ලැහැස්තියි. එහෙම නැතිව පක්ෂයක් දියුණු වෙන්නෙ නැහැනෙ.”

ජනතා විමුක්ති පෙරමුණ සමඟ මේ දිනවල ඔබ රහසිගත සාකච්ඡා පවත්වන බවට පැතිරෙන ආරංචිවල සත්‍යතාවය කුමක්දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය.

“ලාල්කාන්ත මහත්තයාගේ මෑණියන්ගේ මළ ගෙදරටයි මම ආවේ.  ලාල්කාන්ත මහත්තයා ජේ.වී.පී. වුණාට එයාගෙ තාත්තයි අම්මයි හොඳ ශ්‍රී ලංකා කාරයෝ. ලාල් ජේ.වී.පී එකෙන් ඡන්දෙ ඉල්ලද්දීවත් ඡන්දෙ නුදුන් ඒ අය ලාල්ට ඡන්දෙ දුන්නෙ අපත් එක්ක එකතුවෙලා ඡන්දෙ ඉල්ලපු වෙලාවෙදියි. ඒක මම හොඳට දන්නවා පුද්ගලිකවම.”

 



අදහස් (7)

එකම කාඞ් කුට්ටම කොච්චර ඇනුවත් රටට වැඩක් නෑ

chathuri Friday, 27 April 2018 11:12 AM

රට සුද්දාගෙන් බේරාගත්තු දවසේ ඉඳලා ඔය කියන මැතිවරණ කීයක් අද වෙනතුරු තිබුණද? රටට, ජනතාවට සෙතක් නැහැ. ප්‍රභූන්ගේ ජීවිත සරුවෙලා.. කුට්ටිය වැඩිවෙන එක විතරයි වුනේ.. මේ රට ගොඩගන්න පුළුවන් සුද්දාට විතරමයි. බලය, මුදල, දේපල මේ කිසිම දේකට සුද්දා කෑදර නැහැ.

:       76       95

rasFriday, 27 April 2018 09:31 PM

එතකොට අපේ රටවලට ඇවිත් ඔක්කොම සම්පත් හොරකන් කරගෙන ගියේ, මංකොල්ල කෑවා, නිදන් වස්තු ඔක්කොම හෑරුවා... (කැලණියේ දාගැබත් කඩලා මැණික් පුටුව හෙව්වා ඉංග්‍රීසි කට්ටිය)

:       6       1

සමාධි Tuesday, 01 May 2018 05:11 AM

පරණ කාඩ් කුට්ටමත් එච්චර තමයි .... ඒකත් ඕන නෑ ..

:       0       1

shan saudi Saturday, 28 April 2018 05:10 AM

ඉතින් මහින්ද කරන්නෙත් එ්කමනේ... එකම හොරු රැල මිනීමරුවෝ, කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, ගංජා කාරයෝ, බූරු කප්පිත්තෝ, ස්ත්‍රී දුෂකයෝ, කප්පන් කාරයෝ... එකී මෙකී නොකී සියලුම පාදඩයෝ එක්කනේ මහින්ද ඡන්දෙ කරන්නේ ඔය කුට්ටම් සේරම පුච්චන්න ඕනේ අයිති කාරයොත් එක්කම...

:       0       179

Saththaya Saturday, 28 April 2018 09:18 AM

මැතිවරණයක් තියන්න ඉස්සෙල්ලා මහජන මුදල් කොල්ල කාපුවාට දාපු නඩු ටික ඉවරවුනොත් හොඳයි... කියලයි මම හිතන්නේ. ඒවා සුද්ද කරලා මැතිවරණයක් තිබ්බොත් හොඳයි. නීත්‍යානුකූල, ගුණයහපත් සමාජයක් හදන්න.

:       0       255

Chanak Los angelesTuesday, 01 May 2018 03:12 AM

ඔව් අඩුගානේ මොහු ජනපතිවරණයට ලංගමයෙන් බස් අරගෙන පොලුතියා නොගෙවා සිටින නයමුදලවත් ගෙවනවනම් ... තව චන්දයක් ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද ?

:       0       168

අමිල Tuesday, 01 May 2018 09:15 AM

ඔය කාඩ් කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරයිනේ...

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site