IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


අගමැතිගේ තිබුණු විශ්වාසයත් නැති වුණා - මැදගොඩ අභයතිස්ස හිමි


 
(විනීතා එම් ගමගේ)

 
අගමැතිවරයා විශ්වාසභංගය දිනාගත්තේ ඔහු කෙරෙහි යන්තමින් හෝ විශ්වාසයක් තිබුණා නම් එයත් භංග කරගෙන යැයි එළිය සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ කථිකාචාර්ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ පැවැසූහ. 
         
රටට මොනවා වුණත් මට කමක් නැතැයි ඔහු සිතන බව මේ විශ්වාසභංගය වෙනුවෙන් ඔහු කළ කීදේ මගින් රටට හෙළි කර අවසන් යැයි ද උන්වහන්සේ කීහ.

අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගියදා සෙල්වම් අඩෙයිකලනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා විශ්වාසභංගය පරාජයට පත් කිරීමට ද්‍රවිඩ සන්ධානය සහය දුන්නේ කරුණු දහයක් නිසා යැයි කියා ඔවුන් එම කරුණූ දහය හෙළි කර තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකකින් සම්මත කළ යුතුය. හමුදාව සතු සියලූ ඉඩකඩම් යළි එහි වැසියන්  වෙත ලබාදිය යුතුය.

සිර බාරයේ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය. අතුරුදන්වූවන් වෙනුවෙන් ඇත්තේ අතුරුදන්වූන්ගේ කොමිසම පමණයි. ඒ ගැන අවධානය යොමු කළ යුතුය. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කළ යුතුය. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දිය යුතුය. උතුරු නැගෙනහිර පළාත් රැකියා සඳහා දකුණින් බඳවා නොගතයුතුය.

උතුරු නැගෙනහිරට අයත් දිස්ත්‍රික්ක අට සඳහා දෙමළ දිසාපතිවරුන් බඳවා ගත යුතුය. එහි සංවර්ධන කටයුතු  සඳහා අදාළ  පළාත් සභාවල මතයට ගරු කළ යුතු අතර ඔවුන්ට පරු නමුඛතාව දිය යුතුය. දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය යන යෝජනා දහයයි මෙසේ ඉදිරිපත් කර තිබේ. 

‘මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් ජනමත විචාරයක් යන්න  ඕනෑ. මේ හදන්නේ 13 වැනි සංශෝධනයේ ඇති සියලූ බෙඳුම්වාදී ලක්ෂණයන් අයින් කරන්නයි කියන්නේ. එතකොට මේ රට ඉන්දියාවටත් වඩා ෆෙඩරල් කරන්න පුළුවන්. අලූත් ව්‍යවස්ථාවකින් මේ රට ගන්න හදන්නේ එතකොට අභිමානනීය ලෙස ඊළම ලබාගන්න පුළුවන් නිසයි’ යැයි ද අභයතිස්ස හිමියෝ පැවැසූහ. 



අදහස් (7)

අගමැතිගේ තිබුණු විශ්වාසයත් නැති වුණා - මැදගොඩ අභයතිස්ස හිමි

dhamneth Wednesday, 11 April 2018 02:16 AM

අපේ බෞද්ධයින් විනාශ වෙන්නේ බුදුදහම අනුව කටයුතු නොකරන සම්මාදිට්ඨීය නැති චීවරධාරීන් නිසයි. පට්ටම් ගහගෙන පැරණි පන්සල්වල සිටිනවිට අහිංසක බෞද්ධයින් නිකම්ම රැවටෙනවා. ගතානුගතිකව සිතන බෞද්ධයන් සිතන්නේ සිවුරුදාගත් ඔක්කොම හාමුදුරුවරු... අපි සිවුරට ගරුකරන්න ඕනෑ කියායි. රට දියුණු වෙන්න නම් මේ අදහස් වෙනස්විය යුතුයි. තර්කානුකූලව සිතිය යුතුයි.

:       114       135

nishanWednesday, 11 April 2018 03:10 PM

පාරාජිකා භික්ෂුන් ශාසනයෙන් නෙරපන්න කාලය ඇවිත්..

:       86       175

Sapumal.Wednesday, 11 April 2018 03:37 PM

දම්නෙත් - ඔබතුමාගේ අදහසට මාත් එකඟයි. මේ අය එක එක සංවිධාන අටවාගෙන අමුතු බුද්ධාගමක් හදන්නයි දඟලන්නේ. ප්‍රශ්න දෙස සම මෙතින් බලන්නේ නැත. දෙමළ මිනිසුන් හරි නැති නම් මේ අයවත් හරියට පැවතිලා එපැයි ගිහියන්ට අනුශාසනා කරන්න. බුදු දහමේ තියෙන මූලික හරයවත් මේ අය ළඟ නැත. පාට කණ්ණාඩි වලින් බලන්නේ. ශීලය විතරමයි නැත්තේ. ශීලය නැති තැන චීවරය තිබුණත් භික්ෂුවක් නැත. ඇත්තේ දුසිල්වතෙකි. දුසිල්වතා කියන්නේ වැදි බණය. එවැනි බණ බුදු බණ නොවේ. දේශපාලනයෙන් තොර, වරප්‍රසාදවලට ගිජු නැති අධි සිල්වත් භික්ෂුන් වහන්සේලා අද වැඩ වෙසෙති. අපි උන්වහන්සේලාගේ පාද නමදිමු. ප්‍රණීත වූ සුන්දර වූ දහම අවබෝධ කරන්නෙමු. දුසිල්වතුන්ද, ඔවුන්ගේ වැදි බණද දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන්නෙමු.

:       0       0

sas Wednesday, 11 April 2018 05:23 AM

ගැටුම් ඉවරවෙලා දැන් අවුරුදු 10 ක් විතර ගිහින්. දෙමල මිනිස්සු තමන්ගේ ඉඩම් වල පදිංචි වුනහම මොකද්ද තියන වරද ?

:       81       85

Bamunuarachchi Wednesday, 11 April 2018 02:56 PM

අපේ හාමුදුරුවනේ ඒ විශ්වාසය ඒ ගොල්ලෝ අතරින්ම ආව එකක් මිස ජනතාවගෙන් ලැබුණු දෙයක් නොවෙයි. ඒක දෙමලුන් කළ කල දුටුකල වල ඉහ ගැනීමක්. ඒ අය ජාතිය වෙනුවෙන් තවත් යමක් කරගත්තා. අපේ අය බඩගෝස්තරය රැක ගත්තා.

:       44       212

Sapumal. Thursday, 12 April 2018 03:04 AM

ඇයි අගමැතිගේ විතරක්. ගෙනාපු අයගේ විශ්වාසය වැඩි වුනාද ? ඇතුලේ අර්බුද ඇතිවුනේ නැද්ද? ශ්‍රීලනිපයට මොකද වුනේ ?

:       0       1

ලුම්බිණි Thursday, 12 April 2018 06:20 AM

අපරාධ කරලා නැත්නම් සිර භාරයේ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු නැද්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site