IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආණ්ඩුවේ නොහැකියාව, ජනතා විරෝධය අමතක කරන්න මැයි දිනයත්, වෙසක් දිනයත් වෙනස් කළා

(ජයන්ත සමරකෝන්)

ආණ්ඩුවේ නොහැකියාව හා ජනතා විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඉතිහාසයේ කිසි කලෙකත් නොවූ අයුරින් මෙවර ලෝක කම්කරු දිනය හා බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දිනය පවා වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි, ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (25) පැවසීය. 

වැඩකරන ජනතාව ලෙයින් දිනාගත් දිනය හා වෙසක් පොහෝ දිනය වෙනත් දිනයක පැවැත්වීමට රජයකට කිසිඳු අයිතියක් නැතැයි ද මෙය රජය හිතාමතාම කළ අදූරදර්ශී ක්‍රියාවක් යැයිද කොළඹ 2, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ පිහිටි ලංකා සමසමාජ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්යවරයා කීය.
මැයි 1 වැනිදාට නියමිත කම්කරු දිනය 7 වෙනිදාට කල් දැමීම හා වෙසක් දිනය අප්‍රේල් 29 දා පැවැත්වීම සම්බන්ධයෙන් කෙරුණු දැන්වීම් සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.

වැඩකරන ජනතාවගේ එකම දිනය මැයි පළමුවන දිනයි. වසර ගණනාවක් තිස්සේම අපි මේ දිනය සමරනු ලැබුවා. වෙසක් පොහෝ දිනයත් ඒ වගේමයි. අප්‍රේල් මාසෙට වෙසක් පොහොයක් තිබිලා නැහැ.
නොවිය යුතු දේවල් ඔක්කොම මේ ආණ්ඩුව කරන්නේ නොදැන නොවෙයි. ජනතා අප්‍රසාදය විරෝධය වෙනත් අතකට යොමු කරන්නයි.

එදා ජේ.ආර්. රජයට එරෙහිව නැගුණු ජනතා විරෝධය වැඩ පැවැත්වීම සඳහා 1983 කළු ජූලිය ඇති කළා. 
දෙමළ ජාතිවාදී කලකෝලහල ඇති වන්නට පසුබිම හැදුවා.

පසුගියදා අම්පාර හා දිගන මුස්ලිම් ජාතිවාදී අරගලය ද සැලසුම්සහගතව ඇති කළ දෙයක්. ආණ්ඩුව පවත්වාගෙන යාමට වෙනත් විකල්පයක් නැහැ. ජනතා විරෝධය වළක්වන්නටත් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන්නටත් දැන් මැයි දිනය හෑල්ලුවට ලක් කරලා. 

වෙසක් පොහෝ දිනය වෙනස් කිරීමත් බරපතළ තත්ත්වයක්. මහානායක හිමිවරුන්ගේ උපදෙස් මත කළ බවට දැන් කියනවා. ආණ්ඩුවේ කැලැන්ඩරය මඟින් එය කලින්ම සැලසුම් කර තිබුණා. 

කොහොම වුණත් අපි පළමුවැනිදා සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දිනය සංකේතාත්මකව නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී හවස 3.30 ට පවත්වනවා.

මැයි 7 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගාල්ලේ සමනල ක්‍රීඩා පිටියේදී මැයි දින රැලිය හා පෙළපාළිය පවත්වනවා.

ඊට වමේ පක්‍ෂ හා වෘත්තීය සමිති සංවිධාන ද එක්වෙනවා. අපි ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට සම්බන්ධ වන්නේ ගාල්ල කළුවැල්ල හන්දියෙන්. ඒ පස්වරු 1.00 ටයි. 

හවස 3.00 ට රැලිය ආරම්භ වීමට නියමිතයි. එදාම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බලාගත හැකියි. ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අපි එදා ආරම්භ කරනවා.

දේශපාලන මණ්ඩල සභික දකුණු පළාත් සභා මන්ත්‍රී (සමසමාජ) බද්දේගම සමිත, ජාතික සංවිධායක වයි.ජී. පද්මසිරි, නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

ආණ්ඩුවේ නොහැකියාව, ජනතා විරෝධය අමතක කරන්න මැයි දිනයත්, වෙසක් දිනයත් වෙනස් කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site