පක්ෂ මාරු කරන දේශපාලකයන් එයට හේතු කියයි පක්ෂ මාරු කරමින් විටින් විට එක් එක් පක්ෂවලට පනින දේශපාලකයන් තමන් පක්ෂය මාරු කළ හේතුව ජනතාවට හෙළි කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි. 02 November 2018
සිවිල් සංවිධාන නියෝජිතවරු රනිල් හමුවෙති සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 02 November 2018
රනිල් සහ පිරිස අත්අඩංගුවට ගන්නැයි බොදුබලයෙන් පැමිණිල්ලක් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ පිරිස රජයට අයත් අරලියගහ මන්දිරයේ නීති විරෝධී ලෙස රැඳී සිටිනා බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය අද (2) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 02 November 2018
ගෝඨාට එරෙහි පොදු දේපලපනත් නඩුවේ පෙත්සම් විභාගය අවසන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන සහතිකය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය. 02 November 2018
මේ පෙන්වන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නොවෙයි රුපියල් කෝටි ගණනින් ගෙවා දේශපාලන දේශපාලන ඉත්තන් කරගැනීම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වන්නේ කෙසේදැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මාධ්‍ය හමුවකදී අද ප්‍රකාශ කළේය. 02 November 2018
අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය. 02 November 2018
බස් ගාස්තු අඩුකරන්න යයි ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අවදානය යොමු වී තිබේ. 02 November 2018
‘හිටපු අගමැති රනිල්ට ජවිපෙ සහය නෑ‘ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 6 දෙනාගේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට පළ වු ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. 02 November 2018
අගමැති මහින්ද කතරගම පුදබිමේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (2) දහවල් විශේෂ ආගමික වතාවත් වල නිතරවීම පිණිස රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණියේය. 02 November 2018
හිටපු ඇමැති පාඨලී අමාත්‍යාංශයට ගොස් රාජකාරී කරයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ. 02 November 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න නියෝග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන නඩු වාරයට පෙර අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 02 November 2018
ජලජිවී වගා සංවර්ධනයේ කම්කරුවෝ ටැංකියක නැඟී විරෝධතාවයක ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ උඩවලවේ පිහිටි ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ ජල ටැංකියක් මත නැගී පෞද්ගලික ආයතනයක් හරහා එහි කම්කරුවන් ලෙස සේවය කළ 17 දෙනෙකු අද (2) විරෝධතාවක් ඇරඹුහ. 02 November 2018
රුපියල යන්තමින් ඉහළ යයි ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (2) රුපියල් 1 ශත 50කින් ඉහළ ගියේය. 02 November 2018
ගූගල් සමාගමේ කාර්යාල සේවිකාවෝ විරෝධතාවක ගූගල් සමාගමේ ලොව පුරා කාර්යාල වල සේවක සේවිකාවන් දහසක් පමණ සිය කාර්යාල වලින් පිටතට පැමිණ විරෝධතාවයක යෙදී ඇතැයි වාර්තා වේ. 02 November 2018
විමල්ට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාට එරෙහි නඩුව තමන් විභාග කිරිම සුදුසු නොවන බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා වෙත යොමු කළේය. 02 November 2018
‘නොසිතන අය ආණ්ඩුවට එක්වෙනවා’ කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 November 2018
පාර්ලිමේන්තුව 7 වැනිදා රැස්වෙයි නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 November 2018
ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාගේ නඩුව නොවැ. 7 සිට විභාගයට ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 7 වැනි දා සිට විභාග කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (2) තීරණය කළේය. 02 November 2018
ගෝඨා රනිල් හමුවෙන්න යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) සවස අරලියගහ මන්දිරයේ දී හමුවිය. 02 November 2018
ශ්‍රීලනිප විධායක සභාව - සමස්ත ලංකා කාරක සභාව 8 වැනිදා කැඳවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ලබන 8 වැනිදා කැඳවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. 01 November 2018
එජාපයේ බොහෝ දෙනෙක් අප සමග එක්වෙන්න සූදානම් - මහින්දානන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අග්රාමාත්යධූරය අහිමිවූවා මෙන්ම විපක්ෂනායකධූරය හා එක්සත් ජාතික පක්ෂ නායක ධූරයද අහිමි වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. 01 November 2018
ශ්‍රීලනිපයට ආණඩුවෙන් අයින් වෙන්න කිව්වම ආණ්ඩුවෙන් එජාපය අයින් කළා - ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය අණ්ඩුවෙන් ඉවත් කළ යතු බව හැමෝම කීවද තමා කළේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 01 November 2018
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මහින්දට සහය දෙන්න - සුබ්රනියම් ස්වාමි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්පන්දන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්රනියම් ස්වාමි මහතා සඳහන් කරයි. 01 November 2018
මුදල් අමාත්‍යාංශයෙන් සහන මල්ලක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අද (01) පියවර ගත්තේය. 01 November 2018
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අද (01) විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පැවැසීය. 01 November 2018
ගිලන් රියක් - බසයක් ගැටී 4ක් රෝහලේ හොරණ පොකුණුවිට කුළුපන ප්‍රදේශයේ අද (01) සවස රෝගියෙකු රැගෙන යමින් තිබූ හොරණ නගර සභාවට අයත් ගිලන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගිලන් රථයේ ගමන් ගත් රෝගියා , රියදුරු සහයකයා සහ තවත් අයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත. 01 November 2018
ලක්ෂ 6ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් වැල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් පාර්සලයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය පවසයි. 01 November 2018
තෙල් මිල පහළට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 01 November 2018
තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ. 01 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026