අජිත්ලාල් ශාන්තඋදය
තම මවට දොර පොල්ලකින් ගසා මරා දැමූ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබූ බව කහවත්ත පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කහවත්ත පොලිස් වසමේ මඩලගම පදිංචිව සිටි ගනේගොඩ ආරච්චිලාගේ පියතිලකා නැමැති 52 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාව සහ සැකකාර කාන්තාව එකම නිවසේ ජීවත්වු අය බව ද පොලීසිය කියයි.
සිද්ධිය වූ දා තම දියණිය, තමන්ගේ බිරිඳට නිවසේ දොරේ ආරක්‍ෂාවට යොදන කිතුල් පොල්ලකින් පාරේ දී පහර දෙනු දුටු බව මියගිය කාන්තාවගේ සැමියා පොලීසියට පවසා තිබිණි. එය බේරීමට ගිය තමන්ට ද ඇය පහරදුන් බව ද ඔහු පොලීසියට පවසා තිබිණි.
සැකකාර කාන්තාව 23 වියේ පසුවන විවාහක කාන්තාවකි. ඇයට අවුරුදු පහක දරුවෙක් ද සිටින්නීය. ඇය මානසික රෝගී තතත්වයකට බෙහෙත් ගන්නා අතර බෙහෙත් පාචිච්චි නොකරන විටදී රෝගය උත්සන්නව මෙසේ වියරු ලෙස හැසිරෙන බවට විමර්ශන වලදී හෙළි වී තිබෙන බව අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාවගේ සැමියා ද ඇගේ පහරදීම් නිසා නිවසින් බැහැරව ජීවත්වන බවට තොරතුරු ඇතැයි ද පොලීසිය පවසයි. සැකකාරියගේ පහරදීමෙන් මියගිය තැනැත්තියගේ එනම් සැකකාරියගේ මවගේ හිස සම්පූර්ණයෙන්ම පොඩිවී තිබූ බවත් රෝහල් ගතකරන විටත් ඇය මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉන්න මිනිසුන් ගල් යුගයටත් එහා ජිවත් වෙන අයයි.
මානසික රෝගයක් තියෙනවනම් ඔයිට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා, අපරාදේ ජීවිතයක්.
අත්අඩංගුවට ගන්න නෙමේ මරන්න ඕනේ.................
සැකකාර කාන්තාව 23 වියේ පසුවන විවාහක කාන්තාවකි. ඇයට අවුරුදු පහක දරුවෙක් ද සිටින්නීය. ඇය මානසික රෝගී තතත්වයකට බෙහෙත් ගන්නා අතර බෙහෙත් පාචිච්චි නොකරන විටදී රෝගය උත්සන්නව මෙසේ වියරු ලෙස හැසිරෙන බවට විමර්ශන වලදී හෙළි වී තිබෙන බව අනාවරණය වී තිබේ.
ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් සැලකිලිමත් වියයුතුයි.
දරුවට කෙතරම් පහර දෙනවා ඇත්ද? මෙවැනි අය නිදැල්ලේ සිටීම භයානකයි.