සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කරමින් ලසන්තගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇතැයි හින්දු පුවත්පත කියයි.
“ගෝඨාභය රාජපක්ෂ මහතා අනීතික ලෙස ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කළ අනෙකුත් ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් ක්‍රමානුකූලව සහ ඉතා පුළුල් ලෙස සිදු කරන ලද ප්රචණ්ඩ ක්‍රියාවලටද සම්බන්ධ” යැයි සැන් ෆ්රැන්සිස්කෝ පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධානයක් වන ‘යුක්තිය සහ වගවීම මධ්‍යස්ථානය මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් වන බව හින්දු පුවත්පත පවසයි.
2015 වසරේදී බලයට පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව පසුගිය රෙජීමය යටතේ කෙරුණු ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ඇතුළු අනෙකුත් ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කරන බවට පොරොන්දු ලබා දුන්න ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් පෙන්වා ඇත්තේ සුළු ප්‍රගතියක් බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ අතර ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක යෙදී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේදී තමන්ට එල්ල වී තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියට කිසිදු බාධාවක් එල්ල නොවූ බව ඔහු ප්‍රකාශ කළ බවත් හින්දු පුවත්පත කියයි.
අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඇමෙරිකාවේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් සුදුසු පියවර ගනු ඇතැයි රාජපක්ෂ මහතාගේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට පැවැසීය.
ද හින්දු ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බයවෙයි ඔව්වට. ඔය වැඩේ වැරදියි කියල අපි පෙත්සමක් දාල කල් ඉල්ලාගන්නවා. ලංකාවේ නඩුවලට ගිහින් ඒවගේ වැඩ දැන් අපිට හොඳට පුරුදුයි.
හිතන්න ඇති මේ අපරාධයෙන් මෙයා ගැලවිලා කියා ...
"යුක්තිය හා වගවීම" මීට පෙර කාගේ කුණුගොඩවල් ද ඇවිස්සුවේ. මේ අවුස්සන පලවෙනි කුණු ගොඩද?
ඝෝඨාභයට එරෙහි පැමණිලි ලංකාවේ ඡන්ද පදනම වෙනස් කිරීමට හේතුවක් නොවෙයි. අපි දැනටමත් ඝෝටාට සහය දීමට සුදානම් වෙලා ඉවරයි.
මේ අවුස්සලා තිබෙන්නේ හරිම කුණුගොඩක් තමයි. බයියන්ට මර උණ ගැනිලා විකාරයෙන් දොඩවයි දැන්...
අපිට අලුත් ජනාධිපතිලා අවශ්‍ය නැහැ. දැනට ඉන්න ජනාධිපතිත් එක්ක 2050 වෙනකන් රජය ඉදිරියට පවත්වාගෙන යනවා.. ස්ථීරයි !
රටට සේවයක් වුනේ මෙතුමාගෙන්, අනික් අයගෙන් මොකක්ද වුනේ?
ඔය වාතාවරණය යටතේ ඔහුට අපේක්ෂකත්වය ගන්න නීතියෙන් ඉඩ ඇහිරෙනවා අනිවාර්යයෙන්ම... එතකොට ඡන්ද පදනම බේරේට තමයි හලන්න වෙන්නේ... අනෙක් එක මේ බයියන් කෑ ගැහුවට කව්ද මොහුට අපේක්ෂකත්වය දෙනවා කියා සහතික කරලා තිබෙන්නේ?
කෝ ලසන්තාගේ පත්තරය බැංකු හොරකම ලියනවද? යුද්ධය ගැන ලිව්වද? අක්කර 450 කුනුකොල්ලෙට බැංකු හොරුන්ට දුන්නා කියා ලිව්වාද? ජිනීවාවලදී රට පාවාදුන්නා කියාලීවාද?
ත්‍රස්තයින් ක්‍රීයාකාරී වෙලා සිටිකාලේ මේ "යුක්තිය හා වගවීම" මොන මිනීවලේද හිටියේ.
පැමිණිල්ල ඔප්පු කොරන්න තව කොපමණ වැඩතිබෙනවාද?
බමුණු ඔය අපි කියලා දාලා තියෙන්නේ පක්ෂලට කඩේ යන සෙට් එක ගැනයි.
කටුනායක ගුවන්තොටුපළට අාවම ජනතාවට කිව්වේ ඕවා බොරු.... එහෙම සිතාසියක් බාරදුන්නේ නැහැ... ඕවා බොරු කියලා, නැත්නම් මොවුන්ගේ කටු කන අය ඇහුවේ නැහැ... එතකොට අන්තර්ජාලයේ පළකර තිබූ ඡායාරූප බොරුද කියලා.. දැන් දීපල්ලකෝ උත්තර.. ගල පසුපස යන ගොන්නුරැල වගේ ඔහේ පස්සෙන් යනවා.
දැන් ඉතින් ගෝඨාභය දිනුවට පස්සේ නියම මිනීමරුවා අල්ලලා දෙයි.