(ජයන්ත සමරකෝන්)
කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මගින් හෙළිකර ඇති සියලු කරුණුවලට එහි ඉංජිනේරුවන් වගකිව යුතු බව කොළඹ නාගරික කොමසාරිස් කේ. වී. ඒ. අනුර මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වෙත අද(17) ලිපියකින් දැනුම්දී ඇත.
කසළ කන්ද නායයාම හා මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකරන ලෙසද ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට තමන් සූදානම් බවද ආණ්ඩුකාරවරයා වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංජිනේරුවෝ විතරක් නෙමේ ඕකට සම්බන්ද දේසපලුවෝ ලොක්කෝ සොක්කෝ ඔක්කොම හිරේ යවන්න ඕන නැති උණු ජීවිත වලට. මේ ගසාකෑම් හොරකම් කොමිස් ජරාව මේවයේ ඉවරයක් තියෙන්න ඕන. ඕකෙන්වත් පටන් ගමු.
මොනවාද මේ දොඩවන්නේ? ඔක්කොටම පෙර තමන්ගේ මඩි තර කරගත් උසස් නිලධාරීන් හිරේ යවන්න.
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය අධ්‍යනය සඳහා යයි කියමින් කොළොඹ නගර සභාවේ කීදෙනෙක් පිටරට ගියාද? විශේෂයෙන් 2017 ට පෙර මීතොටමුල්ල සිද්දියට පෙර. ඒගොල්ලෝ වාර්තා සැකසුවාද? එම වාර්තා දැන් ඇත්තේ කොතනද? වාර්තා වල නිර්දේශිත යෝජනාව ලියන එකෙන් කියක් ප්‍රායෝගිකද? මේ රටට ගැලපෙනවාද? ක්‍රියාවට නැන්වුවාද? එම යෝජනා ක්‍රියාත්මක කල යුත්තේ කවුරුන්ද? හිටපු ආණ්ඩුකාරවරු? නගරාධිපතිවරු? කොමසාරිස්වරු? දැන් ඉන්න කට්ටිය අනාගතයේ සිදුවෙන දේවලට වගකිව යුතු වේ
පාඨලී රණවක පරිසර ඇමති කාලෙ පොලිතීන් කවර තහනම් කලා. ඒ කාලෙදි උපදින කසල ප්‍රමාණය සෑහෙන්න අඩු වුණා. ඒක අත්හිටවපු අය තමයි මේ තත්ත්වයට වගකිවයුතු.