පාර්ලිමේන්තුව කල්තැබීමට ජනාධිපතිට ඇති බලය වෙනස් කළ යුතුයි පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපතිවරයාට ඇති බලය වෙනස් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද(04) පැවැසීය. 04 November 2018
‘කතානායක දිගටම කළේ හිටපු අගමැති පිනවීමයි’ කතානායක කරූ ජයසූරිය මහතා දිගටම කටයුතු කළේ රට සහ ජනතාව පිනවීමට නොව රනිල් වික්‍රමසිංහ පිනවීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා පැවසීය. 04 November 2018
ශ්‍රී ලාංකිකයෙක් කුවේටයේ ගොඩනැගිල්ලකින් පනී කුවේටයේ හවාලී හි මහල් නවයකින් යුතු නිවාස සංකීර්ණයකින් ලාංකිකයකු බිමට පැන ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි. බිමට ඇද වැටීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු මියගිය බවද වාර්තා වේ. 04 November 2018
ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉංගිරිය බොරලුගොඩදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි. 04 November 2018
‘මහ මැතිවරණයක සේයාවක් ළඟලු’ නීතියේ යම් බාධාවක් ඇත්නම් එය සංශෝධනය කර හෝ ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බව පැවසූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා මහතා තමන්ට දැන් මහ මැතිවරණයක සේයාවක් ළඟ ළඟ එන බව පෙනෙන්නට ඇතැයි අද (4) ඇඹිලිපිටියේ දී පැවසීය. 04 November 2018
පළාත් තුනක සායනික අපද්‍රව්‍ය ඉවත්කිරීම නවතී මධ්‍යම, බස්නාහිර හා දකුණ පළාත්වල රෝහල්වල සායනික අපද්‍රව්‍ය රෝහල් තුළම ගොඩ ගැසෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 04 November 2018
රතන හිමිගේ සහය ආණ්ඩුවට රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 04 November 2018
පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු බෙංගාල බොක්කට දකුණින් මුහුදු ප්‍රදේශය මැද ඉදිරි දින කිහිපය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එය ශ්‍රී ලංකාවට ද බලපෑ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 04 November 2018
ආහාර සොයා ආ අලියා කඩය කඩා පළතුරු කයි දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු එළවළු සහ පළතුරු අලෙවි සැලක් අද ( 04 ) අලුයම වන අලියකු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා එහි තිබූ එළවළු සහ පළතුරු ආහාරයට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 04 November 2018
විදෙස් කතකගේ කඳ නැති හිසක් බොල්ගොඩ රක්ෂිතයෙන් හමුවෙයි විදේශීය කාන්තාවකගේ බවට සැක කරන කඳින් වෙන් කරන ලද හිසක් බණ්ඩාරගම බොල්ගොඩ ගඟෙහි රක්ෂිතය තුළ තිබී අද (04) හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 04 November 2018
වයඹ වැව් අමුණු පිරී යයි නියං සමය හමාරකරමින් ප්‍රදේශයේ සියලු වැව් අමුණු පිරී ඉතිරී යාමට වැසි ලැබී ඇතැයි පුත්තලම කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ ගොවීහු කියති. 04 November 2018
දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දෙන්න තීරණය කරයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 03 November 2018
ශ්‍රී ලංකාවට කරන විදේශ බලපෑම් වලට අවුන්සාන් සුකීගේ අකමැත්ත මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්ර ඒකනායක මහතා අතර හමුවක් කවුන්සිල් නායිකා නිල නිවසේදි සිදු විය. 03 November 2018
ජාතික සමගිය සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමති ෆවුසි ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 03 November 2018
පක්ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ කැමැත්ත පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් නැවත කැඳවීම ද ඇතුළුව යෝජනා මාලාවක් කතා නායකවරයාට ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවලිය සම්බන්ධයෙන් කැමැත්ත විමසීමේදී රැස්ව සිටි දේශපාලන පක්ෂ නියෝජිතයන් අත් ඔසවා ඊට එකඟතාව පළකළ ආකාරය. මෙම රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (2 වැනිදා) පැවැත්විණ. 03 November 2018
පාර්ලිමේන්තුව කැඳවන්න’යි එ.ජා. සංවිධානයෙන් තදබල අවවාදයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 November 2018
පොරොන්දු ඉටු නොකළොත් ජීඑස්පී සහනය නැතිවෙන ළකුණු මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වී යනු ඇතැයි මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා සඳහන් කර ඇත. 03 November 2018
ලංකාවේ හමුදාව විනයගරුකයි - විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා හමුදාව ලොව විනයගරුකම හමුදාව යැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (2) පැවැසීය. 03 November 2018
මහින්දට පක්ෂව හා විපක්ෂව කතරගම පොල් ගසති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධීව ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් නිතිවිරෝධි දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු හා ආධාරකරුවෝ පිරිසක් අද (02) කතරගම මහ දේවාලය අබියසදී කන්නලව් කොට පොල් ගැසූහ. 02 November 2018
මෛත්‍රී කඩුව දුන්නේ වැදි රජුටයි - නීතිඥ රවී ජයවර්ධන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය එදා ජනවාරි 08 ජයග්‍රහනයට උරදුන් පිරිසට එල්ල කළ කනේ පහරක් බව නීතිඥ රවී ජයවර්ධන මහතා කොළඹදී අද(02) පැවැසීය. 02 November 2018
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ඉවත් කිරීම කොමිසමෙන් නවත්වයි අග්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථායේ ආරංචි මාර්ග කියයි. 02 November 2018
කතානායක රජුට යටත් විය යුතු නෑ - කිරිඇල්ල කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මිස රජතුමාට යටත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ඉතිහාසය ගතවීමට වර්තමාන කතානායකවරයාට ඓතිහාසික අවස්ථාවක් උදාවී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හා හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 02 November 2018
රට තුල පවතින තත්ත්වය ගැන නොසලකා සංවර්ධන වැඩ කරන්න - ජනපති රටේ පවතින දේශපාලන තත්ත්වයන් බාධාවක් කර නොගෙන මේ වසර අවසාන වන විට නිම කළ යුතු සංවර්ධන කාර්යයන් විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 02 November 2018
මන්ත්‍රීවරුන් අත්සන් කළේ පාර්ලිමේන්තුව කැඳවන්න පමණයි - විමල් එක්සත් ජාතික පක්ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය. 02 November 2018
මහින්දට බහුතරය හරි බව ගෝඨා කියයි පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව අද (2) සවස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය. 02 November 2018
අයි.ඕ.සී තෙල් මිල පහළට ඉන්දියන් ඔයිල් සමාගම ද (අයි.ඕ.සී.) පෙට්රරල් සහ ඩීසල්වල මිල ගණන් අද (2) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ. 02 November 2018
‘මහින්ද අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවයි’ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාට පවසා ඇත. 02 November 2018
තවත් ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 02 November 2018
නීතිපති දෙපාර්තමේන්තුවට එස්ටීඑෆ් ආරක්ෂාව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා අද (2) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත. 02 November 2018
අයියාගේ පොලු පහරින් මල්ලි මරුට මින්නේරිය රත්මලේ ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු අයියා එල්ල කළ පොලු පහරක් වැදී තුවාල ලැබු මල්ලී රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 02 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026