පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා අද (17) සිය හිසට වෙඩි තබා ගනිමින් මරණයට පත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ තිබෙන අතර එම අවස්ථාවේදී ඔහු එසේ සිය හිසට වෙඩි තබා ගෙන තිබෙන අතර රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහු එලෙස වෙඩි තබාගෙන ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂයේ නිලධාරියෙක් පැවැසීය.
“ඇලන් ගාෂියා මියගියා. අප්රා දිගුකල් ජීවත් වේවා” යැයි හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ‘ඇමෙරිකන් පොපියුලර් රිවලූෂනරී අලයන්ස් (අප්රා)’ පක්ෂයේ මහලේකම් ඕමාර් කුසාදා පවසා ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ එහෙම වුණාට ලංකාවේ හොරකම් කරපු දේශපාලකයෝ එහෙම කරන්නේ නැති නිසා තමයි මේ රටට දියුණුවක් නැත්තේ.
අපේ කට්ටියත් මේ ආදර්ශය ගත්තා නම්. අපේ රට මීට වඩා ගොඩාක් ලස්සන, වාසනාවන්ත රටක් වෙන්න තිබුණා.. එ්ත් අපේ රටේ වෙන්නේ මේකේ අනිත් පැත්ත... හිටපු එක්කෙනාගේ වැඩ නිසා අලුතෙන් පත්වුණු හාදයා ඔළුවට වෙඩි තියාගන්නවා.. එහෙමත් නැතිනම් ලඟම ඉන්න හිතවතාට වෙඩි තියනවා. අනේ මන්දා...අපි බලමු කව්රුහරි දුෂිත දේශපාලකයෙක් ඔළුවට නොවෙයි ඇඟිල්ලකටවත් වෙඩි තියා ගනීද කියලා...?
අන්න නම්බුකාර මිනිස්සු...
ඔලුවක් තිබ්බ් හින්දා වෙඩිතියාගත්තා.
අපේ රටේ හිටපු අයට මෙහෙමවත් කරගන්න හිතෙන් නැද්ද? රට අවුල් කරන්න හදන එක තමයි ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්තිය.
ලංකාවේ අපිට කවදද මෙහෙම දෙයක් අහන්න ලැබෙන්නේ...
ඒකට අපේ අය...?
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගිය එක වැරදියි. ඇවිල්ලා කට උත්තරක් දීලා යන්න කියලනේ කියන්න තිබුනේ...