(ටී. කේ. ජී. කපිල )

පාතාල නායක මාකදුරේ මධූෂ්  විසින් ඩුබායි හි පවත්වන ලද සාදයට සහභාගී වී, එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනකු අද (18)  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මොහොමඩ් ඉන්හාම් මොහොමඩ් අප්‍රිඩෙන් සහ රාජපක්ෂ මොහොට්ටිගේ දොන් පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමති පුද්ගලයන් දෙදෙනා  ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා භාර ගැනීමෙන් පසුව\, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් රැගෙන ගොස් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

පසුගිය 17 වැනිදා දින ඩුබායි සිට පැමිණි 06 දෙනාගෙන් එක් අයෙකු ප්‍රශ්න කර මුදා හැරිය බව පොලීසිය පැවසුවද  ඔහු මේ වනතෙක් ගුවන් තොටුපළෙන් පිටතට පැමිණ නැති බව වාර්තා වේ.