බිමල් ශ්‍යාමන් ජයසිංහ
යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව මත්කුඩු කිලෝ පහක් තිබී සොයා ගෙන තිබේ.
මීට මාස කිහිපයකට පෙරදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මත්කඩු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ දෙමටගොඩ සුද්දා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්කුඩු මෙලෙස ප්‍රවාහනය කරන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේ දී හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කැළණිය - කිරිබත්ගොඩ පදිංචි 28 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙහෙම තමයි .. පොලිසිය වැඩ අල්ලලා තියෙන්නේ ... සන්තෝසයි , ආඩම්බරයි....... තවත් ජයග්‍රාහී අවුරුද්දකට සුබ පැතුම්!!!!!!