(නිමල කොඩිතුවක්කු)
දිගින් දිගටම ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු දැඩි කනස්සල්ල පළකර සිටිති.
ජනාධිපති නීතීඥවරු පත්කිරීම සම්ප්රදායක් ලෙස වසරකට එක් වරක් පමණක් සිදුවුවද මේ වසර තුළදී පමණක් දෙවරක්ම ජනාධිපති නීතීඥවරු පත්කිරීම සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නීතීඥවරු ජාතික නීතීඥ සංගමයට කරුණු දක්වා තිබේ.
මේ වසර ආරම්භයේදී ජනාධිපති නීතීඥවරු 25 දෙනෙකු පත්කිරීමට පියවර ගත් අතර මේ සතියේදි තවත් ජනාධිපති නීතීඥවරුන් 21 දෙනෙකු පත්කරනු ලැබ ඇත.
මේ ආකාරයට ජනාධිපති නීතීඥවරු පතිකිරීම හේතුවෙන් සමස්ත නීති ක්ෂේත්රයම ප්‍රබල කැලඹිමකට ලක්ව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ නීතීඥවරුන් ජාතික නීතීඥ සංගමයට වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය වැඩිවෙනවාට කැමති නැහැ වගේ...
මේ කතාව හරියමට හරි...... මීට පෙර පත්කළේ පලපුරුදු නැති ප්රවීනයෝ.....
සමහරවිට මැතිවරණයක් එන්න කලින් කාට කාට හරි ආණ්ඩුවේ උළුගෙදර තපින්න වෙන්නත් පුළුවන් වෙයි කියලයි කියන්නේ.
පලපුරුදු නැති අය නෙවෙයි.. මීට පෙර පත්කළේ... පළපුරුද්දක් ඇති ප්‍රවීණයෝ... ඒත් අද දේශපාලන හෙන්චයියෝ පත්කරන්නේ මේ ජනාධිපතිවරයගේ පුද්ගලික කැමැත්ත අනුවයි.
"එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන්" කියල කොට්ඨාසයක් දැන් නීතිය ඉදිරියේ දිවුරුම් දීලා ඉන්නවද? හපොයි මේ කට්ටිය ඉහලට ගියායාම එන තීන්දු ................?
ජනාධිපති නීතිඥ කියන පට්ටම පාවිච්චි කරලා. වැඩි මුදලක් අයකරනවා. සමහර සාමාන්‍ය නීතීඥ වරු ඊට වඩා දක්ෂයි.
තවම කනස්සල්ල ඇතිවෙන්න දෙයක් සිදුවෙලා නැහැ. මෙහෙම ගියොත් ලඟ එන ජනාධිපතිවරණයට පෙර ඔටුන්න හිමි කුමරාටත් ඔය තනතුර ලැබෙන්න පුලුවන්... ඒගැන සිතන්න...