ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා නිර්මාණය කරන ලද ‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව අද (18) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කරන ලදි.

එම චන්ද්‍රිකාව අද (18) පස්වරු 6.30 පමණ විට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතව තිබිණි.
‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව නිර්මාණය කරන සංවර්ධනය කර ලද්දේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයට අයත් සිග්නස් අභ්‍යාවකාශ යානය මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400ක් දුරින් කක්ෂයේ මෙම චන්ද්‍රකාව ස්ථානගත කිරීමට නියමිතය.

එම චන්ද්‍රිකාව අද (18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.16ට කක්ෂගත කෙරුණි. අභ්‍යාවකාශ යානය ගමන් කරන ලද්දේ ‘අන්තරේස්’ රොකට්ටුව මගිනි.
සිග්නස් අභ්‍යාවකාශ යානය අනිද්දා (20) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වීමට නියමිත බව පැවසේ.

තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂයෝ වෙති. ඔවුන් දෙදෙනා නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණ චන්ද්‍රිකාවයි.
ජපානයේ ක්යුෂු තාක්ෂණය ආයතනයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලදි.
තරිදු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි සහ විද්‍යත් ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිය ලබාගෙන තිබෙන අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරයි. දුලානි චාමිකා විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියක වන අතර ඇය ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම මේ වනවිට පශ්චාත් උපාධිය හදාරමින් සිටිති.

දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර තරිඳු දයාරත්න මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සහ රඹුක්කන, පින්නවල ජාතික විද්‍යාලයේ ආදී සිසුවෙකි.
දුලානිගේ පියා හේලීස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරුවකු වන අතර ඇගේ මව ගෘහණියකි. තරිඳුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නැති අතර ඔහු රියදුරකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ මව රසකැවිලි වෙළෙන්ඳියකි.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මට නම් හතරබීරි කතාවක්. මා දන්නා තරමින් ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව කක්ෂගත කලේ රොකට් රෝහිත නමැති ගෞරව නාමයෙන් හැඳින්වෙන රොකට් විෂයෙහි චීනයට පවා මෙම රොකට්ටුව යැවීම මඳක් පමා කරන්න යයි (එතුමා කියන පරිදි) උපදෙස් දුන් රොකට් විද්‍යාඥ සහ අභ්‍යවකාෂගාමියෙක්.
කෝ අර මැද මුලන රොකට් එක...?
හරිම සතුටක් ,ජයවේවා.අපේ රටේ පළාතක් තියෙනවා සුළු කාරෙනේකටත් පුදුම කර පම්පොරියක් ගහන්නේ. ලංකාවේ වෙනස් කොටසක ගෝත්‍ර කොටසක් වගේමයි හැසිරෙන්නේ
සුභ පැතුම් දරුවනි....
ශිෂ්‍යත්ව විභාගය නිසා ලොව ජයගැනීමට වරම් ලද දරුවන්. ජය!
කෝ එතකොට චිචි බේබි යවපු චන්ද්‍රිකාව?
සතුටුයි...!!!
මේ ගැන ආඩම්බරයි..
තම ප්‍රථම උපාධිය නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් පුතණුවෙක් සහ මලයාසියාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි ලැබූ දියණියක් බර්ඩ්ස් ව්‍යාපෘතියේ තුන්වන අදියර සමග එකතුවීම ගැන සතුටුයි.
ඔබ දෙදෙනාටම මගේ උණුසුම් සුභ පැතුම්
දරුවනේ ඔබ අපේ මව් රටට විශාල ආඩම්බරයක්. මේ වගේ මැණික් ලෝකයේ විවිධ රටවල් වල සිටින බව පැහැදිලි. ඔබ සියලු දෙනා ලංකා මාතාවට ගෞරවයක් . ඔබ සියලු දෙනාගේ දැනුම භාවිතා කරමින් මේ අපේ මව් රට ගොඩනගන්න දායකවන්න.
අපේ උණුසුම් සුබ පැතුම් ! පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වගේ දේවල් ඉදිරියට ගෙනයන්න පුළුවන් රටක් නෙමෙයි මේක... මොකද පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන බූරුවෝ ටික යන සෝපානය කැඩුණාම මිලියන ගණන් ක්ෂණිකව වියදම් කරන රටක් කවදාවත් මේවගේ දේවල් වලට සතපහක් දෙන්නේ නැහැ..!
හරිම සතුටුදායක පුවතක්...
සුබ පැතුම් පිරිනමනවා ඔබ දෙපලට.. නමුත් මෙම වැඩසටහන ජපානය විසින් ලොව වෙනත් රටවල් සමගත් කරන දෙයක්... ඇෆ්රිකාවල මීට වසර 50කට පෙර ඇඳුම්වත් හරියට නොතිබුණු රටකුත් (අපහාසයට නොව එම රටේ දියුණුවේ වේගය සැලකීමට) ජපානයට පැමිණ සිටින එම රටේ සිසුන් විසින් ලබන මාසයේ එකක් යවනවා.
එතකොට අර ලංකාවේ ඉන්න එකම අභ්‍යාවකාශ විශේෂඥයා කියලා පාරම්බාලා, බෙර ගහලා, පූජා පවත්වලා, බ්‍රේකින් නිවුස් දාල යවපු එකට මොකද වුනේ?
ඔබ සැමට මගේ සුභ පැතුම්...
රාජ්‍ය ආයතනයක් වන ටෙලිකොම් වියදම දරමින් පහුගියකාලේ අභ්‍යවකාශයට යවන ලද චන්ද්‍රිකාවට මොකද උනේ? දන්නේ නැති හින්දා අහන්නේ?
මේ ගොල්ලෝ රොකට් රෝහිතගේ ක්‍රමය අහගෙන තමයි යවන්න ඇත්තේ... අපරාදේ රොකට් රෝහිතවත් අස්සටම දාලා යවන්න තිබුනේ.
අපගේ පුංචි ලංකාව ලොව ඉහළ මට්ටමකට ගෙන ගිය මේ තරුණ බුද්ධිමතුන්ට අපගේ උපහාරය...!!!
මේක යවන්න අැත්තේ නැකත් බලලා රාහු කාලෙ එහෙම මග හැරල වෙන්න අැති. මම එහෙම කිව්වේ තමන්ගේ දරුවන්ට මේ මිත්‍යාවෙන් උගන්නන දෙමව්පියන් වැඩි නිසා. එහෙම හිතුවා නම් මේ දරුවන්ට යවන්න වෙන්නේ අහස් කූරු තමයි...