(තිළිණි ද සිල්වා)
සබරගමුව විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා රියාල් කෝටි 870 ක සහන ණය මුදලක් ලබා දීමට සෞදි රජය එකගත්වය පළ කර ඇත.
ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාගාර පහසුකම් සහිතව ලොව පිළිගත් ඉගැන්වීමේ සහ ඉගෙනීමේ පහසුකම් මෙරට වෛද්‍ය සිසුන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
උසස් අධ්‍යාපනය සඳහා, විශේෂයෙන් ම වෛද්‍ය අධ්‍යාපනය සඳහා පවත්නා අවස්ථා පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවර කළ සංචාරයේ දී මේ සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ද මෙම දූත පිරිසට අයත් වූහ.
සෞදි රජය වෙනුවෙන් සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් මොහොමඩ් අල්දොලයිලන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා වන සෞදි රියාල් කෝටි 870 ක සහන ණයක් (රුපියල මිලියන 8725) ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීහු එකග වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බමුණුආරච්චි
අපිට මොකටද හම්බ සල්ලි...?
කෝ මේ බමුණුඅාරච්චි...? ඔන්න සරියා නීතිය එනවා. පුලුවන්නම් නතරකරනවා. ඔයා හැමදාම බනිනවා. ලෝකේ ඉන්න තම්බිලාට... දැන් දාන්න කමෙන්ට් එකක්...
සුබපැතුම්...!!
සෞදියෙන් කෝටි 870ක සහන ණයක් කීවට මොනවගේ සහනයක්ද කියලා දැනගන්න කැමතියි. චීනෙන් දෙනවා වගේද?
පළාත් සභා නැමති පිළිකාව ඉවත්කර ගතහොත් මේ ණය ගැනීම අවශ්‍ය නැහැ. රජිව් ගාන්ධි පළාත් සභා පිළිකාව දුන්නේ මේ රටේ සංවර්ධනය නැවැත්වීමටයි. අනුන්ගේ ණය ගැන කියකියා මුනුත් ණය ගන්නවා
සෞදි අරාබියේ ආධාර ලබා මාර්ග පාලම් ව්‍යපෘති රැසක් මේ වනවිට අවසන් කරලා තියෙනවා. අන්තවාදී අදහස් පළ කරන්නන් කුමක් කීවත් සෞදි අරාබිය අපේ මිත්‍ර රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නා රටක්...
විල්පත්තුව කපපු එක වහගන්න බදුර්දින් දුන්න ගුන්ඩුවක් ඕක... අනික නිකන් දුන්නා නම් හම්බයෝ හොඳ කියන්න තිබුණා. පොලිත් එක්ක ගෙවන්නනේ දෙන්නේ. එ්ක ඔවුන්ගේ බිස්නස් එක.
රියාල් කෝටි 870 ? රියාල් කෝටි 870 × 48 = රුපියල් කෝටි 41760
තවත් මුස්ලිම් අධ්‍යාපන ඒකකයක් අරඹන්න කියන්නේ පස්සේ... ඔලුවිල් වගේ..
ප්‍රියන්ත මහතාගේ දැනගැනීම පිණිසයි. සෞදි අරාබිය පොලිය මත ණය ලබාදෙන්නේ නැත.
නරක වැඩ සීයක් කරලා ඒවා සල්ලි වලින් වහගන්න එක හොඳ වැඩක් කලාම පුරාජේරු දොඩවනවා. නරක වැඩ ගැන වචනයක් කතා කරන්නේ නෑ.. මේ සෞදිය මුස්ලිම් ලෝකයම විනාස කරපු ඇමෙරිකන්කාරයොත් එක්ක එකතුවෙලා අදටත් යේමනයේ, සිරියාවේ, ඉරාකයේ, පලස්තීනයේ දහස් ගණන් ළමුන්, මිනිසුන් මරදානවා. මෙහෙ අන්ධ මෝඩ මිනිස්සු ආවඩනවා.