(නිමන්ති රණසිංහ)
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ඩුබායි අධිකරණය මැයි මස 02 වැනිදා තෙක් කල් තබා ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට අද (18) පැවසීය.
තමන්ට ජීවිත තර්ජන ඇති තම මව් රට වූ ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා මාකඳුරේ මධූෂ් නැමැත්තා එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනය අද(18) එරට අධිකරණය ඉදිරියේ සැලකිල්ලට ගෙන ඇති බවත් එහිදී මෙම නියෝගය ලබා දී ඇති බවත් එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“ප්රචණ්ඩත්වය වපුරන්නාට ස්වභාවික මරණයක් නැත” යනුවෙන් පැරණි චීන කියමනකි. ලෝක ඉතිහාසය මේ බව මනාව ඔප්පු කර ඇත. ලෝකයේ බිහි වූ ප්රචණ්ඩත්වය ගරු කළ සියලු රජවරු, රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී නායකයන් සහ අනුගාමිකයන්, ප්රචණ්ඩත්වය ගරු කළ අපරාධකරුවන් සියලු දෙනාම ස්වභාවික මරණයක් උරුම නොවූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත. ධර්මාශෝක රජතුමා ප්රචණ්ඩත්වය අතහැර ධර්ම මාර්ගයට පැමිණි බැවින් ස්වාභාවික මරණයක් උරුම වූවා පමණක් නොව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයා වශයෙන් ඉතිහාසඥයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මාකදුරේ මදූෂ් තුට්ටු දෙකේ අපරාධකාරයෙකි. හෙරොයින් ජාවාරම්කරුවන්ට කිසිඳු පොදු යහපත් අරමුණක් නැත. ඔවුන්ට ඇත්තේ තම කුමාර දිවිය ගත කිරීමට කුමන ආකාරයකින් හෝ මුදල් සරිකර ගැනීමය... රට, ජාතිය, ආගම, සහ වැසියන්ගේ සුභ සිද්ධිය ඔවුන්ට වැඩක් නැත. රටවැසියා අඳුරු අගාධයට ඇදදමා තම කාරිය කරගන්නා කෲර මනසක් ඇති පිරිසකි. පුහු ගාම්භීරකම හිතට ගත් හිස් මිනිසුන්ගේ අසාර්ථක අවසන් ජවනිකාව නිමාවීමට කාලය එළැඹ ඇති සේය... රට, රජය, ජනතාව හමුවෙහි මදූෂ්ගේ හා ගෝලයන්ගේ දඩබ්බරකම නිමාවිය යුතුයි.
“ප්රචණ්ඩත්වය වපුරන්නාට ස්වභාවික මරණයක් නැත” යනුවෙන් පැරණි චීන කියමකි. ලෝක ඉතිහාසය මේ බව මනාව ඔප්පු කර ඇත. ලෝකයේ බිහි වූ ප්රචණ්ඩත්වය ගරු කළ සියලු රජවරු, රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී නායකයන් සහ අනුගාමිකයන් , ප්රචන්ඩත්වය ගරු කළ අපරාධ කරුවන් සියලු දෙනා ම ස්වභාවික මරණයක් උරුම නොවූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත; ධර්මාශෝක රජතුමා ප්රචණ්ඩත්වය අතැහැර ධර්ම මාර්ගයට පැමිණි බැවින් ස්වාභාවික මරණයක් උරුම වූවා පමණක් නොව ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයා වශයෙන් ඉතිහාසඥයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මාකදුරේ මදූෂ් තුට්ටු දෙකේ අපරාධ කාරෙයෙකි.හෙරොයින් ජාවාරම් කරුවන්ට කිසිදු පොදු යහපත් අරමුණක් නැත; ඔවුන්ට ඇත්තේ තම කුමාර දිවිය ගත කිරීමට කුමන ආකාරයකින් හෝ මුදල් සරි කර ගැනීමය රට, ජාතිය, ආගම, සහ වැසියන්ගේ සුභ සිද්ධිය ඔවුන්ට වැඩක් නැත. රටවැසියා අදුරු අගාධයට ඇද දමා තම කාරිය කර ගන්නා කෲර මනසක් ඇති පිරිසකි. පුහු ගාම්භීර කම හිතට ගත් හිස් මිනිසුන්ගේ අසාර්ථක අවසන් ජවනිකාව නිමා වීමට ආසන්න සෙයකි. රට, රජය, ජනතාව හමුවෙහි මදූෂ්ගේ හා ගෝලයන්ගේ දඩබ්බර කම නිමා විය යුතුය.