(ජයන්ත සමරකෝන්)
කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා ස්ථාන මාරුකිරීමේ සූදානමක් පවතින බව පවසමින් ඊට විරෝධය පා පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් 104දෙනෙකුගේ අත්සනින් යුතු සන්දේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙන ලදී.
මීතොටමුල්ල කසළ කන්දේ ගැටලුව වසර 20ක් තිස්සේ පවතින්නක් බවද ඒ සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ලැබූ වගකිව යුතු ඉංජිනේරු නිලයන් දරන්නන් සිටියදී නාගරික කොමසාරිස්වරයා මාරුකර යැවීම නගරසභාවේ අගතියට හේතුවක් වියහැකි බවද මේ සම්බන්ධයෙන් ජනපති වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වේ.
කොළඹ මහනගර සභාවේ සිටින පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 119කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු පූසෝ ලොකු පුටුවල ඉන්න හැඩයි. ඉස්සෙල්ලා එක්කෙනෙක් හිටියේ නියමෙටම හොරකම් කරපු... එයාව ආපහු ගෙනෙන්න පිඹුරු සකසනවා වගේ...
බලලන්න සපෝර්ට් එක.... කවූරුත් එකතු වෙලා වැඩ කරගනී. මේක තමයි ලංකාව.