(මනෝප්රිය ගුණසේකර සහ මහින්ද නිශ්ශංක)
කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය අවහිරතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරි පවසයි.
පැය පහක් තුළ මරදාන හා පොල්ගහවෙලදී දුම්රියක් සහ දුම්රිය එංජිමක් පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තම්න්තුව පවසයි.
මරදානේ සිට කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය එංජිම අද(18) පෙරවරුවේ පීලිපැනීම හේතුවෙන් සියලු දුම්රිය ධාවන කටයුතු පැයකට ආසන්න කාලයක් ප්රජමාද වී ධාවනය වී ඇත.
මේ හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
කොළඹ කොටුවේ සිට පොලගහවෙල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියද අද පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලිපැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ දුම්රිය බාර ඉංජිනේරුවො ? ලැජ්ජයි හලෝ. මාර්ගය නඩත්තු කරන්නවත් බැරි නම් අස්වෙලා යන්න. හැමදාම පීලි පනිනවා.
ඊයේ සවස අලුත්ගමින් 3.35ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියට මම ගොඩවූයෙමි. මෙම දුම්රිය ධාවනය වූයේ කොළඹ සිට බෙලිඅත්ත දක්වාය. සැප පහසුවට අසුනක වාඩිවී පොතක් බලමින් යාමට සිතු මම වෙනදා මෙන් එදාද දෙවෙනි පන්තියේ ටිකට් පතක් ලබා ගතිමි. ඒත් පොතක් බැලීම කෙසේවෙතත් අතුරු සිදුරු නැති තරමට සෙනගින් පිරි මැදිරියට ගොඩවූයේ මහත් ආයාසයක් ගෙනයි. යල්පැනගිය අබලන් මැදිරිවල හිරවූ මගීන් වින්දේ දැඩි දුෂ්කරතාවන්ය. විදෙස් සංචාරකයන්ද මේ අතර විය. මෙවැනි දේ සංචාරක ව්‍යාපාරය සඳහා ගෙනදෙනුයේ දැඩි අහිතකර ප්රචාරයකි. දේශීය මගීන් දුම්රිය ගමන් වලින් ඉවත් කිරීමකි. කලකිරවීමකි. දැන් හෝ මෙම යන්තම් අලුත්වැඩියා කල යල්පැන ගිය කසිකබල් අබලන් මැදිරි ඉවත්කර නව මැදිරි යොදවා දුම්රිය ධාවනය කරවීමට බලධාරීන් ක්‍රියා කිරීමට සිතුවහොත්, එය දුම්රිය සේවයේ දියුණුවට කරනා මහඟු සේවයකි.
එහෙනම් ඉතින් අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය අය කොළඹ එනවා වෙනුවට (සිල්පර) "කොට" උඩ තමා !!!!! හැමදාම එක කෝච්චියක්වත් පීලි නොපැන ගමනක් අවසාන කරන දිනයක් අපට මතක නැත ..... ඉස්සර කාලේ නම් ඔහොම දේවල් නොවුන බව මගේ සීයා කියනවා.