තෙවරප්පෙරුමට - හේෂා විතානගේට ඇප එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 05 November 2018
යෞවනයන් හයකගෙන් අයෙක්ට දියවැඩියා අවදානමක් මෙරට ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදානම් තත්වයක පසුවන බවත් සෑම යෞවනයන් හය දෙනෙකුගෙන් එක් අයකුට දියවැඩියා රෝගය වැළදීමේ අවදානම ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 05 November 2018
‘මහින්ද අගමැති ලෙස පිළිගෙන ඇති කතානායකට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකියි‘ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන ඇති කථානායක කරූ ජයසූරිය මහතාට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකි බව ජාතික ඒකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (05) පැවසීය. 05 November 2018
‘රැකියා ඉල්ලා දේශපාලඥයන් පසුපස යා යුතු නෑ’ රටේ තරුණ පරපුර තුළ හැකියාව, වුවමනාව සහ දක්ෂතාව තිබේ නම් රැකියා ලබාගැනීම සඳහා තරුණ තරුණියන් දේශපාලකයන් පසුපස යායුතු නැතැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 05 November 2018
බස් ගාස්තු අඩු කිරීමට යයි බස් ගාස්තුව අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. 05 November 2018
කතානායක නිවේදනය අනුව අගමැති අසුන ගැන තර්කයක් නෑ පාර්ලිමේන්තුව කැඳවන දින අගමැති අසුන හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවැසීය. 05 November 2018
සෙවණගල වැවෙන් හමුවු මළ සිරුර ගැන ඩීඑන්ඒ පරීක්ෂණයක් බොල්ගොඩ ගඟ රක්ෂිතයෙන් හමු වූ විදේශීය කාන්තාවකගේ බවට සැකකරන හිස හා සෙවණගල කිරි ඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබූ කඳ කොටස එකම කාන්තාවකගේ දැයි සොයා බැලීම සඳහා හිසෙහි හා කඳ කොටසේ ජෛව සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 05 November 2018
කොටියා එක්වරම පූසා වූණා දැයි මුජුබර් අහයි එදා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ප්‍රශ්න ගැන කතා කරන විට ‘කොටියා’ යනුවෙන් කෑ ගැසූ අය අද එහි මන්ත්‍රීවරයෙක් මහින්දට සහාය දෙන විට නිහඬව ඉන්නේ කොටියා එක්වරම පූසා වූණා දැයි එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය. 05 November 2018
තෙවරප්පෙරුම - හේෂා විතාන පොලිසියට බාර වෙති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරුන් අද (5) කොල්ලුපිටිය පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 November 2018
‘එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු කතානායක හිටපු තැනම‘ දෙපාර්ශවයම බහුතරය පෙන්වන තුරු තමාට පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වය යැයි කතානායක කරු ජයසූරිය මහතා පවසයි. 05 November 2018
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ක් අරී අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම සිඝ්‍ර ලෙස ඉහළ නගිමින් පවතින නිසා එහි වාන් දොරටු 10 අඩි 01 බැගින් විවෘත කිරීමට අද (5) උදෑසන පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 05 November 2018
බස්නාහිර පළාත් සභාව නොසන්සුන් වෙයි බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගත්හ. 05 November 2018
මහා සඟ සමුළුව හෙට රැස්වෙති ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී හෙට (6) පස්වරු 2.30ට පැවැත්වේ. 05 November 2018
ටී.එන්.ඒ තරුණ සමුළුව රැස්වෙයි : ජනපතිට දැඩි දෝෂාරෝපණයක් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවත්විණි. 05 November 2018
වවුචර් ක්‍රමය නවතී - පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි පාසල් සිසුන්ට නැවත නිල ඇඳුම් රෙදි ලබා දීමට රජය තීරණය කර තිබේ. 04 November 2018
පාර්ලිමේන්තුව 14 කැඳවන ගැසට් නිවේදනය නිකුත් වේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 14 වැනි දා කැඳවන බව සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය අද සවස නිකුත් විය. 04 November 2018
පොලිස් ලොක්කන් හදිසියේ කොළඹ කැඳවා හදිසියේම රැස්වීම අවලංගු කරයි පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වහාම හෙට (05) දහවල් 11ට කොළඹ පොලිස් මූලස්ථානයට හදිසියේ කැඳවමින් අද උදේ නිකුත් කරන ලද විශේෂ පොලිස් පණිවුඩයක් අද සවස අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. 04 November 2018
වෙඩි තැබීමකින් හක්මන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට වෑන් රථයකින් හා යතුරු පැදියකින් පැමිණී නාදුනන පුද්ගලයින් පිරිසක් අද (04) හක්මන කැඹිලියපොල ප්‍රදේශයේ දී හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා , පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බව හක්මන පොලීසිය පවසයි. 04 November 2018
‘පිටරට තියෙන ඩොලර් හැකි ඉක්මනින් ලංකාවට එවන්න‘ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා ඩොලර්වලට වැඩි මිලක් ගන්නට නම් ඉක්මනින්ම තමන් සතු ඩොලර් රටට එවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. 04 November 2018
අරුවක්කාඩු කසළ රදවනයට පුත්තලමේ වෛද්‍යවරු විරෝධය පාති ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනය ට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට පුත්තලම මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව ඔවුන්ට සහය දැක්වුහ. 04 November 2018
පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි විරෝධතාවක් පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් යුක්තිය සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වන ජනතා ව්‍යාපාරය කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී අද (4) විරෝධතා ව්‍යාපාරයක නිරත විය. 04 November 2018
හෙට විශේෂ රථ වාහන සැලැස්මක් රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ්‍රිත ප්‍රදේශයේදී හෙට (05) පවත්වන විශේෂ ජන රැළිය හේතුවෙන් එදින දහවල් 12 සිට එම ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක ක්‍රියාත්මක වන බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (04) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 04 November 2018
කොළඹ රැදී සිටින්නැයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් මේ දිනවල කොළඹ රැදී සිටින්නැයි ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. මීට අමතරව විදේශ සංචාර යාමෙන්ද මේ දිනවල වැළකී සිටින්නැයිද ඔවුන්ට දැනුම් දී ඇත. 04 November 2018
‘යුරෝපා සංගමයේ ඉල්ලීම බලපෑමක් නොවේ‘ රටේ ඇතිව තිබෙන ගැටලු ප්රජාතන්ත්රවාදී ලෙස ඉක්මනින් විසඳා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත් එය බලපෑමක් නොවන බවත් ජත්‍යන්තරයේ විශ්වාසය දිනා ගනිමින් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමට තමන්ට හැකි බවත් විදේශ කටයුතු ඇමැති ආචර්ය සරත් අමුණුගම මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරු හමුවේ අද (04) පැවසීය. 04 November 2018
ඇමැති වසන්ත චෝදනා ප්‍රතික්ෂේප කරයි තම මන්ත්‍රී පදවිය රුපියල් කෝටි 50කට විකුණා ඇති බවට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 04 November 2018
හෙට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500 ක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ්‍රිත ප්‍රදේශයේ පැවැත්වෙන ජන උද්ඝෝෂණයට ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (04) කොළඹ දී ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 04 November 2018
තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති මීට සුළු වේලාවකට පෙර තවත් රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. 04 November 2018
අස්ගිරි මහනායක හිමියන්ගෙන් එජාප මන්ත්‍රීන්ට අනුශාසනාවක් මේ වන විට රටේ පවතින අර්බුදය සාමකාමී ලෙස සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි මහ සංඝරත්නය අපේක්ෂා කරන බවද ලේ වැගිරීම් වැනි සිදුවීම් ඇතිවුවහොත් විදේශ රටවල් අනවශ්‍යය බලපෑම් සිදු කරන්නට ඉඩ තිබෙන බවද අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පැවැසුහ. 04 November 2018
ආණ්ඩුව නීතී විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවාහරින්න යෝජනාවක් ගේන්න’ යි ජනිපෙ කියයි නව අගමැතිවරයෙක් පත් කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාවක් ගෙන එන්නැයි ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. 04 November 2018
නීති විරෝධී පත්වීම් පිළිගන්න එපා යයි ජවිපෙ කියයි නීති විරෝධීව පත්වු අගමැතිද, ඔහු යටතේ ලබාදුන් සියලූ පත්වීම්ද තමන් පිළිනොගන්නා අතර ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (04) පැවසීය. 04 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026