(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගම්පහ විගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 75කට අධික මුදලක් වංචා කර එහි සභාපතිවරයා අද(19) ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර සභාපතිවරයා ගම්පහ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5,000කට ආසන්න සංඛ්‍යාවකගේ මුදල් වංචා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
පොලිසිය මගහරිමින් සිටි සැඟවී සිටි සභාපතිවරයා, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයකු අද(19) ලබාදුන් තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පදවාගෙන පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගම්පහ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය හොරු අල්ලනේ නිපොප ගෙන් උපදෙසක් ආවොත්ද ? අපේ කාලේ නම් ඔහොම නැහැ.
වංචා, දූෂණවලට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට පත්වෙනවා. දඬුවම් ලැබනවා වගේ, වංචා දුෂණවලට සම්බන්ධ දේශපාලකයෝ තාම නිදැල්ලේ හෝ නිදොස්කොට නිදහස්... නැත්නං රු 1000ක දඩ මුදල්...
මේ අයගේ පොටෝ දාන්නේ නැත්තේ ඇයි? මහජන මුදල් වංචා කරන අයට මරණ දඬුවම දෙන්න...
සාටක පව්ලේ කෙනෙක් වෙන්න ඇති එහෙනම්...
සමූපකාරවල ස්ථිර මුල්‍ය විනයක් නැති නිසා තමයි මේ හොරකම් වෙන්නේ...
සමීර මහතා හොරෙක් නෙමෙයි.. නිදහස් කරන්න.
කෝටි 75න් කෝටියක් තිබුණා නම් පුතේ උඹව නිදහස් කරගන්න, අපේ පෙරකදෝරුවෝ විතරක් නෙවෙයි, නඩු කාරයොත් ඉස්සරහට එනවා... බය නැතුව ඉඳින්...
දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් සොරා කන තිරිසන්නු බිහි කිරීමට අනුබල දෙන මෙවන් මූල්‍ය ආයතනවලට රජය අනුබලදෙනවා. ගම්පහ සණස රෝහල් සදා රටට පරිත්‍යාග කළා. නමුත් මේ වනවිට ගම්පහ සනස හොරු විනාශ කරලා ඉවරයි. ලක්ශ ගණන් තැන්පතුකරුවන්ට මුදල් හෝ පොලිය ගෙවන්න නොහැකි වෙලා ඉන්නේ.. රටට මේවා හෙලිකරන්න පින්සිද්ධ වෙනවා. මෙම හොරුන් හිරේ ගියාට අපි සතුටු වෙලා පලක් තියෙනවද? මොවුන්ගේ හොරා කාපු මුදල් ආපසු අයකර මෙම අසරණ වූ පුද්ගලයන් වෙත සාධාරණව බෙදා දෙන්න...
මෙම ආයතන වාර්ෂිකව සමූපකාර කොමසාරිස්වරයා මගින් විගණනයට ලක්වෙනවා නේද? ඒ අවස්ථාවල ඒ දූෂණ හෙලිනොකරන ලද නිලධාරින්ටද දඬුවම් කළ යුතුයි. කෙසේවෙතත් දූෂිත නිලධාරින්ට හැකි ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අත්අඩංගුවට පත් තැනැත්තා වර්තමාන සමුපකාර කොමසාරිස්වරියට බැන වදිමින් පෝස්ට් දමා තිබුණා. ඇය නීතිය ක්‍රියාත්මක කිරීම වැරදිනම් සැක කරුවන්ට නීතිය ඉදිරියට ගොස් කෝටි 75ට මොකද වුනේ කියලා කියන්න පුලුවන්. ඒවා සමූපකාර කොමසාරිස් අරන් ගියේ නෑනේ.. සමුපකාර පනත මගින් පාලනය වන නිසා මේ වංචාවට රාජ්‍ය වගකිමක් තියෙනවා. නිකම්ම නිකන් මූල්‍ය ආයතනයක් නෙවේ මේක....