(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
ඒ අනුව මහනුවර සියලු පොලිස්පතිවරුන් සමඟ මාළිගාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ගැන සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කරයි.
දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ට පාර්සල් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙසද නිළමේවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රේල් 17 වෙනිදා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට මාලිගාවට ගියා. පොලිස් නිලධාරීන් අපිව පරික්ෂා කරන කවුළු තුලට යොමු කලා. සමහර කව්ළු තුල කිසිම නිලධාරියෙක් නැහැ. අපි නිකම්ම ඒ තුලින් ගියා. මගේ අතේ තිබුණු බෑග් එක බලලා ශෝපින්ග් බෑග් ගෙනියන්න බැහැ කිව්වා විතරයි වෙන මොනවත් බැලුවේ නැහැ. අද මේ වෙච්ච දේ ඇහුවම එදා මට තේරුණා දළදා වහන්සේටත් ආරක්ෂාවක් නැහැ නේද කියලා.