(කටුනායක ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (20) සවස 4.00 ට පමණ ඇති වූ අධික වැසි, දැඩි අකුණු ගැසීම් සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .
මෙම ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 315 දරන ගුවන් යානයයි.
එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ එකක් වූ අතර , එහි මගීන් 249 ක් සහ කාර්යය මණ්ඩලය 18 දෙනෙකු සිටි බැව් මත්තල ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා පැවසීය.
මෙම ගුවන් යානය ගොඩ බස්වනු ලබන අවස්ථාවේ මත්තල ගුවන් තොටුපළ අවටද අකුණු ගැසීම් සහිතව වර්ෂාව පැවති බවද හෙතෙම පැවසීය.
මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය සමනය වනතුරු, ගුවන් තොටුපළ වටා ඉහළ අහසේ කැරකැවෙමින් රැදී සිටීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන මෙම ගුවන් යානය සතු නොවීම නිසා මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව ද එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව යානයට අවශ්‍ය ඉන්ධන ලබාදී සවස 5.40ට පමණ මත්තල ගුවන් තොටුපළෙන්, කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වී තිබේ.
මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ තුළ ගොඩ බස්වා තිබූ කාළය තුළ එහි සිටි මගීන් යානය තුළම රදවා තබා ගෙන සිට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල එපා කියන්න හොඳ නැහැ කියන අය දැන් කෝ පින්දෙන්න මහින්ද මහත්තයට...
ඉන්දියාව මත්තල ඉල්ලන්නේ වී ගබඩා කොරන්නද? නැතිනම් පාඩුවට ඔහේ තියාගෙන ඉන්නද? කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ අලුත්වැඩියා කිරීම කරපු කාලයට ජාත්‍යන්තර ගුවන්යානා ගොඩ බෑවේ කොහාටද? ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තිබෙන ගුවන් තොටුපොළවල් 2 ලංකාවට වැඩිද?
ගුවන් මගීන්ගේ ආරක්ෂාව තමයි ඒක.... මිනිසන්ගේ ජීවිත වලට වඩා වටිනා දෙයක් නැහැ..... කවුරු හැදුවත් අතිරේක ගුවන් තොටුපළක් රටට සම්පතක්....
අප කාටවත් සුදු හුණු ගානවා නොවේ නමුත් රටකට ගුවන් තොටුපළවල් එකකට වඩා තිබේනම් එය වැදගත් බව කිව යුතුය. කවුරු කරත් හොද දෙය අප අගය කල යුතුමයි . නිල්ද රතුද කොලද නොව වඩාත් වැදගත් වන්නේ රටේ දියුණුව වෙනුවෙන් කිනම් හෝ ක්‍රියා මාර්ගයක් ගන්නේනම් එය අප අගය කරන්නෙමු. අරය කරා මෙයා කරා නොව . ඔය කොයි කව්රුත් සියල්ල කරන්නේ ඔබේ අපේ මුදල් වලින් බව අප අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම මේ ගසා කන්නෙත් ඒ අපේම මුදල් බව අප අමතක නොකළ යුතුය.