දහවල් 2.18
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.
----------------------------------------------------------------------------------------------------------------------------------------
උදෑසන 11.02
කටුනායක ගුවන්තොටුපොළ රථගාලේ තිබු සැකකටයුතු මෝටර් රියක් හේතුවෙන් ගුවන්තොටුපොළට පිවිසිමේ මර්ගය වසා දමා තිබේ.
මේ වන විට අවට ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රදේශයේ දැඩි පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.
------------------------------------------------------------------------------------------------------------------------------------------
උදෑසන -927
පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ .
මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.
මෙම බෝම්බය අත් බෝම්බයක් නොවන බවත් වෙඩි බෙහෙත් එක් කර සකස් කරන ලද්දක් බවද පොලීදිය සඳහන් කරයි.
ආරක්ෂක අංශ නොමග යැවීමේ අරමුණින් මෙය සිදු කරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි. සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතියිද පොලීසිය කියයි.
------------------------------------------------------------------------------------------------------------------------------------------
සවස- 5.32
ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
----------------------------------------------------------------------------------------------------------------------------------------------
දහවල් 12.00
පෙර දැනුම්වත්ව සිටියදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය වැළැක්වීමට රජයේ බලධාරීන් නිසි පියවර නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වන්නැයි ඉල්ලා අගවිනිසුරුවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලාංකික පුරවැසියකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කසුන් පුස්සෙවෙල මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත.
එම පැමිණිල්ලේ මෙසේද සඳහන්ය.
‘‘පෙර දැනුම්වත්ව තිබියදී නොබෝදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයින් 321 කට වැඩි පිරිසක් මරණයට පත්වී 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.
මෙම සිද්ධිය පිළිබඳව පෙර දැනුම්වත්ව සිටි බවත් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් නොයෙදු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැනුම් දුන්නේය.මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයාගේ නම් ද සිද්ධිය සිදුවීමට පෙර බුද්ධි අංශ මඟින් හෙළිදරව් කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධව රජයේ බලධාරීන් සිය වගකීම් සහ යුතුකම් පැහැර හැර තිබේ.එබැවින් ජනතාවගේත් , රටෙහි පුරවැසියන් ගෙත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සුදුසු පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ඇත.
(125)
-------------------------------------------------------------------------------------------------------------------------------------------------

උදෑසන - 9.45
අයිසිස් සංවිධානයේ ප්රචාරක ඒජන්සිය වන අමාක් සංවිධානය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ සිටින්නේ පාස්කු ඉරිදා ශී‍්‍ර ලංකාවේදී කළ බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධ වූ අයිසිස් සාමාජිකයෝ වෙති. ඔවුන් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ කොතැනකදී ද යන්න සඳහනක් නැත.
තමන් සටන්කාමීන් බවත් ”ශුද්ධ වූ ප්‍රහාරය” පසුපස සිටියේ තමන් බවත් මෙම ඡායාරූපය සමඟ ඇති සටහනකින් කියැවේ.
පිරිස අතර මැද සිටින බව කියැවෙන්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ශී‍්‍ර ලංකා නායකයා ලෙසින් සැලකෙන සහරාන් හස්මිය. ශී‍්‍ර ලංකාවේ ප්‍රහාර මාලාවට සම්බන්ධවූයේ මෙම සංවිධානය බව චෝදනා එල්ල වෙයි.
මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 359 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය විදේශයකදී සංවිධානය කළ ප්‍රහාරවලින් වඩාත්ම විනාශකාරී ප්‍රහාරය ලෙසද වාර්තාවේ.
(මෙය තුන්වැනි පාර්ශ්වයකින් ලැබුණු ඡායාරූපයක් බව ප්‍රංශ පුවත් සේවය අවධාරණය කර සිටී)
================================================================================
උදෑසන - 9.00
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
================================================================================
සවස -5.20
‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය අද (23) වාර්තා කළේය.
තව්හීත් ජමාත් දෙවැනි වටයේ ප්‍රහාරයට සැරසෙයි (වැඩි විස්තර)
---------------------------------------------------------------------------------------------------------------------------------------
සවස -5.10
ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
---------------------------------------------------------------------------------------------------------------------------------
සවස-4.40
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනකදී සහ සංචාරක හෝටල තුනකදී බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් තමන් වගකීම බාරගන්නා බව අයි.එස්.අයි.එස්. (අයිසිස්) සංවිධානය කියා සිටී. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් 321 දෙනෙක් මියගිය අතර 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි රොයිටර් කාර්යාලයෙන් ප්‍රසිද්ධ කරන ලද රොයිටර් වාර්තාවක ඒ බව දැක්වෙයි. ප්‍රහාරයේ වගකීම බාරගන්නා නමුත් ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි අයිසිස් සංවිධානය ඉදිරිපත් කර නොතිබිණ.
ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබුණේ පසුගිය මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී මුස්ලිම් පල්ලියක් තුළදී කළ වෙඩි ප්‍රහාරයට පළිගැනීමක් ලෙසින් පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේදී මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණු බවයි.
--------------------------------------------------------------------------------------------------------------------------------
සවස.3.20
සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක් කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන තිබේ.
‘සැකකටයුතු ලොරියක් - කුඩා වෑන් රියක් ඇතැයි පොලිසිය කියයි‘ (වැඩි විස්තර සඳහා )
----------------------------------------------------------------------------------------------------------------------------------------
දහවල්-2.30
නොච්චියාගම නගර ආසන්නයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට (වැඩි විස්තර සඳහා )
----------------------------------------------------------------------------------------------------------------------------------------
දහවල් 1.40
පිපිරිම් වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 321 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් අධිකාරී මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
------------------------------------------------------------------------------------------------------------------------------------------
පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් මියගිය 300 කට වැඩි පිරිසක් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (23 වැනිදා) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කරන ලදි.
මීගමුවේ කටුවපිටිය පිහිටි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ දේහයන්, අද උදෑසන පැවැති අවසාන දේව මෙහෙයෙන් පසුව දේවස්ථාන සුසාන භූමිය කරා රැගෙන යන ලදී. බෝම්බ පිපිරීමෙන් මියගිය බොහෝ දෙනාගේ අවමඟුල් අද පැවැත්වේ.
සියලූම රජයේ ගොඩනැඟිලි සහ රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර ඇති අතර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කිරීම සඳහා පෙරවරු 8.30 සිට විනාඩි 3 ක නිහඬතාවක් පළකෙරිණ. මෙම නිහඬතාව පෙරවරු 8.30 ට ආරම්භ වූයේ ඉරිදා බෝම්බ පිපිරීම් ආරම්භ වූයේ ඊට ආසන්න වෙලාවකදී (පෙරවරු 8.45 ට) බැවිනි. පෙරවරු 8.30 වන විට පාස්කු දේව මෙහෙයට සහභාගි වෙමින් සිටි කතෝලික බැතිමත්හු දේවස්ථාන වල සිටියහ.
පිපිරීම් මාලාවෙන් මියගිය අය වෙනුවෙන් අනුස්මරණ දේවමෙහෙය අද පෙරුවරුවේදී පැවැත්විණ. මෙම දේවමෙහෙයයන්ට සහභාගි වූ මියගිය අයගේ ඥාතීන් සිය කඳුළු නවතාගෙන සිටියේ ඉතා අසීරුවෙනි. නියමිත විනාඩි 3 අවසානයේදී ඔව්හු නැවතත් යාඥා කළහ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමකදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කීවේ මෙම ප්‍රහාර සඳහා ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අන්තර්ජාතික ආධාර ලැබුණාද යන්න විමර්ශනය කරමින් සිටින බවයි. ඉතාම සූක්ෂම ලෙසින් සැලැසුම් කරන ලද මෙවන් ප්‍රහාරයක් සාර්ථකව කි‍්‍රයාවට නැංවීම ශී‍්‍ර ලංකාවේ පවතින සංවිධානයකට කළ නොහැකි බවද කැබිනට් ප්‍රකාශක කීවේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කීවේ මෙම ප්රහාරයන් කි‍්‍රයාත්මක කළ ශී‍්‍ර ලංකාවේ ත්රස්තවාදීන් පසුපස අන්තර්ජාතික ත්‍රස්ත සංවිධාන සිටින බවට තොරතුරු ඇති බවයි. ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට නැවත වරක් හදිසි තත්ත්වයක් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ආරක්ෂක හමුදා සහ පොලිසියට විශේෂ බලතල ලැබිණ. ඒ අනුව අධිකරණ නියෝගයකින් තොරව සැකකරුවන් රඳවා තබාගැනීමට ආරක්ෂක සේවාවන්ට අවසර ලැබේ.
(කටුවපිටිය දේවස්ථානය -ඡායාරූපය ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරෙනි)







------------------------------------------------------------------------------------------------------------------------------------------------
උදෑසන 9.00
දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 500ක් පමණ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මෙම ප්‍රහාරවලින් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) රාත්‍රියේ මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
(ඩයනා උදයංගනී)
---------------------------------------------------------------------------------------------------------------------------------------------
සවස 3.55
කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට කටයුතු කළ බව පොලීසිය කියයි.
අද සවස 3.55පමණ මෙය සිදු වී ඇති අතර බෝම්බය ඊයේ ගෙනැවිත් දමන්නට ඇතැයි සැක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
බෝම්බය වෑන් රීයේ තිබී හමුවීමෙන් පසු අවට සිටි ජනතාව ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් එය ආරක්ෂිතව පුපුරුවා හැර තිබේ.

(ඡායාරූප ලහිරු හර්ෂණ)
---------------------------------------------------------------------------------------------------------------------------------------------
සවස 3.10
පිටකොටුව බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොලෙහි තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



(බිමල් ශ්‍යාමන් ජයසිංහ) / (ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
උදේ 10.30 - ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උදේ 8.30 - පාස්කු ඉරිදා දිනයේදී කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8 ක සිදු වු පිපිරිම් වලින් මිය ගිය ගණන 290 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම පිපිරීම් වලින් තුවාල ලද පිරිස 500 ක් පමණ වන බවද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
සවස 5.10 - කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8 ක අද උදෑසන සිදු වු පිපිරිම් වලින් මිය ගිය ගණන 207 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 66 ක් තැන්පත් කරඇති අතර තුවාල ලැබුවන්ගේ ගණන 260 කි. මීගමුව මහ රෝහලේ මෘත ශරීර ගණන 104 ක් තැන්පත් කර ඇති අතර තුවලකරුවන්ගේ ගණන 100 කි.මඩකලපුව රෝහලේ 28 දෙනකුගේ මළසිරුර තැන්පත් කර ඇති අතර 51 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළු කර ඇත.
එමෙන්ම රාගම රෝහලේ 07 දෙනකුගේ මෘත ශරීර තැන්පත් කර ඇති අතර 32 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.ගම්පහ රෝහලට එක් තුවාලකරුවකු ඇතුළු කර ඇත.
එමෙන්ම මේ වන විට උදෑසන ප්‍රහාරය එල්ල වු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මේ වන විට හඳුනාගෙත් මළ සිරුරු 30 ක් පමණ ඇති බව පොලීසිය සඳහන් කරයි.
දහවල් 1.22
කොළඹ ෂැංගිලා හෝටලයේ ඇති මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මේ වන විට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම ස්ථානයට පැමිණ පැමිණ තිබේ.
හෝටලේ අවන්හලේ වහළය මත මළ සිරුර දෙකක් ඇති අතර තවත් මළ සිරුරු දෙකක් ඒ ආසන්නයේ ඇති බවද වාර්තා වේ.
දහවල් 1.12
කෙසේ වෙතත් සිදු වු පිපිරිම් වලින් සිදු වු මරණ අතර විදේශිකයින්ගේ මළ සිරුරු 25 ක් මේ වන විට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයිද වාර්තා වේ.
විදේශ කටයුතු ලේකම් රවිනාත ආරියසිංහ මහතා ද මේ වන විට තුවාල ලැබු විදේශිකයින්ගේ සුව දුක් බැලීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.
කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 6 ක අද උදෑසන සිදු වු පිපිරිම් වලින් මිය ගිය 138 දෙනකුගේ සිරුරු මේ වන විට රෝහල් තුළ ඇති බවත් පුද්ගලයින් 444 ක් තුවාල ලබා ප්‍රතිකාර ලබන බව ත් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පුපුරා ගිය සෙසු ස්ථාන වන අතර මඩකලපුව දේවස්ථානයකද පිපිරිමක් සිදු වී ඇත.
මෙම සිදුවීම් අද උදෑසන 8.45ට පමණ මෙම සිදුවිම් වී තිබේ.
තුවාල ලැබු 243 ක්මේ වන විට කොළඹ ජාතික රෝහලට අතුළු කර ඇති අතර මළ සිරුරු 42 ක් එහි තැන්මීපත්ග කර ඇත. තුවාල ලැබු 110 දෙනකු මීගමුව රෝහලට ඇතුළු කර ඇති අතර මළ සිරුරු 62 ක් ද මඩකලපුව රෝහලට තුවාල ලැබුවෝ 67 ක් ඇතුළු කර ඇති අතර මළ සිරුරු 27 තැන්පත් කර ඇතැයිද රාගම රෝහලේ මළ සිරුරු 07 ක්ද තුවාල ලැබුවෝ 04 ක් ද සිටින බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජා සිංහ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම තුවාල ලැබු විදේශිකයින් 13 දෙනකු ජාතික රෝහලට ඇතුළු කර ඇති අතර ඉන් 9 දෙනකු මිය ගොස් ඇති බවද සඳහන් කළේය.
උදෑසන -10.30
කොළඹ අගරදරගුරු නිල නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර මේවනවිට සියලු දේවමෙහෙයන්ද අවලංගු කර තිබේ. මේ වන විට ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කර තිබේ.
උදෑසන 10.00
මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 42 කට අධික පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහලට ගෙනවිත් ඇති අතර තුවාල ලැබුවෝ 280 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයිද තුවාල ලැබුවෝ අතර විදේශිකයින් විශාල පිරිසක් සිටින බවද රෝහල් ප්රකාශිකාවක් සඳහන් කළාය.
ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී එම ස්ථානයන් හි සිටි විදේශිකයින් මෙම අනතුරට මුහුණ පා අතර තුවාල ලැබූ බෝහෝ දෙනකු තම සාමාජිකයින්ද සොයා ගැනීමට නොහැකිව විවිධ ස්ථායන්හි රැදී සිටින අයුරුද දැකිය හැකිය.
උදෑසන 9.00
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පුද්ගලයින් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇතැයිද තොරතුරු වාර්තා වී ඇති අතර මේ වන විටි එහි ඇති සිරුරු ඉවත් කිරීමේ කටයුතු අරඹා තිබේ. දේවස්ථානය තුළ සැකකටයුතු පාර්සල් දෙකක් ද ඇති බව සඳහන් කරන පොලීසිය ඒවාද බෝම්බ විය හැකි බව සඳහන් කරයි. පිපිරිම සිදු වූ වේලාවද දේවස්ථානයේ ඇති ඔරලෝසුවේ නතර වී තිබීම දැකිය හැක.
මෙම ස්ථානවල රැදී සිටින ජනතාවට ඉවත් වන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරන අතර මෙම ස්ථානයන්හි ආරක්ෂාවද තර කර ඇතැයි ප්‍රකාශකවරයා සඳහන් කළේය.
(විනීතා ගමගේ, හේමලතා රාපක්ෂ, යොහාන් බාසුර, ඉන්දිකා රාමනායක සහ බිගුන් මේනක ගමගේ, තිලිණිද සිල්වා, තුෂාර සිල්වා, නිමන්ති රණසිංහ)






කටුවපිටිය දේවස්ථානයේ අද ත්ත්වය ( ඡායාරූප පුෂ්පකුමාර මල්ලවආරච්චි)






(ඡායාරූප- ලහිරු හර්ෂණ -දෙමටගොඩ පිපිරීම වූ ස්ථානය )






(කොටහේන කොච්චිකඩේ පල්ලියේ බෝම්බය පිපිරීම සිදු වූ ස්ථානයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , කතානායක කරූ ජයසූරිය ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ,අමාත්‍ය සජිත් පේමදාස යන මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)









(රොමේෂ් ධනුෂ්ක සිල්වා -කටුවපිටිය දේවස්ථානය)










(ඡාතික රෝහලේ ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි)


(කටුවපිටිය දේවස්ථානයට කාදිනල්තුමා පැමිණ නීරීක්ෂණය කළ අයුරු)



(ඉන්දිකා රාමනායක - කොච්චිකඩේ දේවස්ථානය)





(ඉෂාන් සංජීව - ෂැන්ග්‍රිලා,කිංස්බරි සහ සිනමන් හෝටලයන්හි ඡායාරූප)




(ජවුෆර් ඛාන් - මඩකලපුව දේවස්ථානය)




(ඡායාරූප - චන්දන ප්‍රනාන්දු - කටුවපිටිය දේවස්ථානය)







(ඡායාරූප - චතුර එස් .කොඩිකාර - කොචිිචිකඩෙිි පල්ලිය)



(ඡායාරූප - යොහාන් බාසුර - කොළඹ ජාතික රෝහල ඉදිරිපිට)




(ඡායාරූප-ඩික්සන් වසන්ත )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මනුෂ්‍යත්වයට එරෙහිව එල්ලවූ ප්‍රහාරයක්. ආගම් බේදයෙන් තොරව මිට අප විරෝධය දක්වනවා. බෞද්ධ අපගේ සහෝදරත්වයේ දෑත සියලුම පිඩාවට පත්වූවන් කෙරෙහි එකම විදිහට දිගු කරනවා. අපි ඔබ සමගයි.
මේවා මහපොළොව නුහුලන සහගහන අපරාධ.
හද සසල කරන මොහොතක්.
මේ අවුරුද්දේ අන්තිමට ජනාධිපතිවරණය තිබෙනවා. ඒ සදහා දේශප්‍රේමි වීරයෙක් රටට අවශ්‍ය වෙලා තිබෙනවා. ඊට කලින් දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයාට නතර කිරීමට යුද්ධයක් සහ බෝම්බ පිපිරීම් අවශ්‍යව ඇත. එම නිසා එම අවශ්‍යතාවය අදාළ පුද්ගලයන් විසින්ම දැන්ම තියා සපුරා ඇත.
තාම හොයාගෙන නැද්ද කවුද මේකට වගකීම භාර ගත්තේ කියල? හරිම දුක්මුසු අවස්ථාවක්.
කට්ටියක් බෝම්බ පුපුරනවා පෙන්නලා ඡන්දෙ දිනන්න හදනවා වගේ.
කට්ටියක් බෝම්බ පුපරවනව පෙන්වන්වල මිනිස්සුන් මරල නැවත බලය ගන්න හදන බවක් තමයි පෙනෙන්නේ
මිත්‍රයිනි, මෙවන් විපත් දෙස ඔබගේ කුහක දේශපාලන ඇසින් නොබලන්න.
රජය රටේ ආරක්ෂාවට ගන්නා පියවර ගැන බලාගෙන ඉන්නෙ අපි.
කවුරුත් වර්ගවාදී හෝ ආගම්වාදී නොවී ලාංකිකයන් ලෙස හැසිරෙන්න.
ආයේ අමුතුවෙන් ඕනේ නැහැ.මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳල කලේ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දුර්වල කරපු එකයි කලින් ආණ්ඩුවට බැනපු එකයි විතරයි. ඔච්චර ලොකු ප්‍රහාර සිවිල් මිනිස්සුන්ට යුද්දේ කාලේවත් නොවිච්ච තරම්. බලයට එන්න අලුතෙන් මාතෘකා ඕන නැහැ දැක්කනේ ප්ලාත් පාලන ඡන්දෙදි වෙච්ච දේ. ඊට වඩා ඉහලින් ලැබේවි බලාගෙන ඉන්න
මෙය පැහැදිලිව විදේශීය අන්තවාදී ප්‍රහාරයක් විය හැකිය. මෙහි ඉලක්කය සිංහල කතෝලික හා දෙමළ කතෝලික ප්‍රජාව සහ විදේශිකයන්ය. ඇතැම්විට නවසීලන්තයේ සිදුවූ සිදුවීම නිසා විදේශීය අන්තවාදීන් ලංකාවේ මෙය කරන්නට ඇත. මෙය ලෝක කතෝලික ප්‍රජාවට අන්තවාදීන් කරන තර්ජනයක් විය හැකිය.
නියපොත්තෙන් කඩන්න තිබුන දේ පොරවෙන් කඩන්න තියාගත්තම මේ වගේ සිදුවීම් සිදු වෙන බව බලධාරීන් අවබෝධ කර ගත යුතුයි.
කණගාටුව පල කරනවා.
සමහරුන්ට රාජපක්ෂලා මේක පිටිපස්සේ ඉන්නවා කියල පේනවා.ඊට එහා මොනවත් පෙනෙන්නේ නැහැ.
මෙවැනි මහාපරිමාන මිනීමරු වැඩක් වෙනකන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි අංශ, පොලිස් සහ හමුදා බුද්ධි අංශ නොදැනුවත් වීම ලොකු ගැටලුවක්.
කවුරු කොහොම කරත් මේ කරපු දේ නම් මහ අමනුශ්ය ක්‍රියාවක්. ස්වභාවධර්මය අනිවාර්යයෙන්ම ඔවුන්ට දඩුවම් ලබා දෙනවා. බලා සිටිමු. නැවතත් කලින් මෙන් යුද්ධයක් ඇති නොවේවායි මුලු මහත් ශ්‍රීලාංකික ජනතාවම මේ මොහොතේ සිතන්න. නොබියව සැබෑ ශ්‍රීලාංකිකයන් ලෙස පෙලගැසෙමු. උතුම් ශ්‍රී ලාංකික ජාතියට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි.
රට තුල මේ වුන විනාසය ගැන කලින් දැනගන්න නොලැබුණේ ඇයි? රජය රටේ බුද්ධි අංශය ආරක්ෂක අංශ ආරාජික කළා. ඒවායේ ප්‍රතිපල තමයි මේ විඳවන්නේ කියයි අපිට පෙනෙන්නේ.
දෙවියනි ඔබ කොහේද?
මේකෙන් දේශපාලන වාසි ගන්න එපා. මේ අපේ රටේ මිනිස්සු. මේවා ගැන මිනිසුන් දැනුවත් කරන්න. මෙවට සම්බන්ධ අය ගැන දැන ගැනීමෙන් තව දුරටත් මේවා සිදු වීම් වලක්වා ගත හැකිය.
දැන් දැන් පේනවා මේක ISIS වගේ ප්‍රහාරයක් බව. ඒකට මේ රජය වගකීම ගන්න ඕනේ
සිංහල දෙමල එකතු වෙන්න කාලේ ඇවිත්
ISIS ඉන්නවා කියල විවිධ අදහස් පළවුණා. කෝ දැන් බුද්ධි අංශය? කලකිරෙනවා.
මේ වගේ මිනිස්සු රවට්ටන බොරුවෙන්ම ජීවත්වෙන ජාතික ආරක්ෂාව ගණන් නොගන්න ආණ්ඩුවකින් මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න තවදුරටත්
රටේ බුද්ධි අංශය බල රහිත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම බාරගතයුතුය.
ඇතැම් දේශපාලකයෝ මේ වෙලාවෙත් කලේ බොරදියේ මාළුබෑම...නිකුත් කල ප්‍රකාශ බැලුවාම වටහා ගන්න පුලුවන්..
ඇත්තම කියනවනම් මෙය ඉතාම කණගාටු දායක සිද්දියක් වගේම සියුම් සතුටක් ලබාදෙන සිද්ධියක්. මොකද පහුගිය කාලයේ වැඩි හරියක් අපේ ආණ්ඩුවේ මැති ඇමතිවරු දේශ හිතෛෂි උගතුන් යමක් කිව්වත් ඔවුන් ජාතිවාදීන් ලෙස ලේබල් කලා. සියලුම ශ්‍රී ලංකිකයෙනි මේ වෙලාවේ පාට පක්ෂ බේදවලින් තොරව ගරු ලක් මෑණියන් රැක ගන්න පෙරට එනු මැනව.
අහිංසක මිනිස්සු කවුරු වුනත් පව් දෙයියනේ
අර්ථ දැක්වීමට නොව.. කල්පනාකාරීව කටයුතු කිරිමට අවශ්‍ය මොහොතේ මත ගොඩ නැගිම තවද අනර්ථයකට මුල...
ඔන්න යහපාලනයේ ප්‍රතිපල
දැන්වත් මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම වෙනස් කරමු. මරණ දඬුවම ක්‍රියාත්මක කරමු.
පාස්කු ඉරිදා දින දේවස්ථාන ඇතුළුව ස්ථාන කිහිපයකට අමානුෂික ලෙස එල්ල වූ මෙම ප්‍රහාර මාලාව දැඩි ලෙස හෙලා දකින අතර මෙම ප්‍රහාරය සැලසුම් කල අන්තවාදීන් හෝ ත්‍රස්තවාදී කවුරුන්වූවත් තිරිසන්ගති ඇති මොවුනට දැඩි දඩුවම් ලබා දීමට ආරක්ෂක අංශ වහාම කටයුතු කළ යුතුය. රජයක් වශයෙන් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මීට පෙර වගකීමකින් කටයුතු කර තිබූනානම් මෙම විනාශය යම් අකාරයකින් හෝ වලක්වා ගනීමට තිබුන බව මගේ හැගීමයි. කේසේ වෙතත් පටු දේශපාලන අරමුණු පෙරමුණු කොටගෙන මේ ප්‍රහාර මාලාව අර්ථකථනය නොකිරීමට බුද්ධිමත් වෙමු. මේ විනාශයෙන් අහිමි වුයේ අපේම සහෝදරයන්ගේ වටිනා ජීවිතයි. යළි අදුරු මතකයන් නැවත ඇති නොවීමට සහය වීම ශ්‍රී ලාංකික අපේ වගකීමයි.
ආණ්ඩුව කලින් මේක දැනන් හිටිය කියන එක දැන් පේනව...උන් ටික පල්ලි වලට නොගිහින් බේරුනා...මොවුන්මොක්කුද...අඩුගානේ පොඩි දෙයක් වත් කිව්වද අවදානයෙන් ඉන්න කියල වත් නෑ....
මේ රටට සාමය ගෙනාවේ අපේ අය. එවුන් 2018.01.08 එලවා දැම්මේ අපේ අය. සාමය ගෙනෙන ලද අය හිරේ දන්නේ අපේ අය.මේක සිදුකලේත් මේ රටේ අය. මෙහෙම දෙයක් වෙන බවට දැනුම්දීමක් තිබුණත් එය නොසලකා කටයුතු කලේ අපේ අය. ලබාගත් සාමය නැතිකලෙත් අපේ අය. සංහිදියාවක් ගැන කතාකලෙත් අපේ අය. ඊට එරෙහිව කතාකළ අයට ජාතිවාදීන් කිව්වෙත් අපේ අය. දැන් මේවා ගැන පරීක්ෂණ කරන්න අපේ පොලිසිටය, හමුදාවට කොන්දක් ඇතිව පුලුවන්ද? බලාගෙන හෙට හිරේ ඉන්න පුළුවන්.
මෝඩ දේශපාලන කතා නොකිය රට ගැන හිතල කතා කරන්න පක්ෂ - විපක්ෂ කට්ටි දෙකම හිතට ගන්න ඕන.
ලෝකයම බය වු එල්ටීටිඊ ය පරදවීමට හැකිවු... හමුදාවක් අපහට සිටි.....
රටවැසියන්ට ආරක්ෂාව සලසන්ඩ බැරි, ඒ ගැන සැලැස්මක්වත් නැති, අඩුම තරමින් ඒ ගැන උවමනාවක්වත් නැති ආණ්ඩුවක් පවත්වාගෙන යන්ඩ කිසිම හේතුවක් නෑ.
මේ සිදුවීම් පිටුපස තොරතුරු බලද්දි පෙනෙන දෙයක් තමා කොච්චර බුද්ධි අංශ මර්ධනය කර මේ ආණ්ඩුව ඔව්න් අක්‍රිය කර තිබුනද තවදුරටත් විශිෂ්ඨ සේවාවක් සැපයීමට ඔව්න් ක්‍රියා කරනවා. නමුත් සිරගතවීම, දඩුවම් කිරීම නිසා සොයාගත් තොරතුරු වලට ක්‍රියාත්මක වීමට ඔව්න් බියවී ඇත. එමෙන්ම ආණ්ඩුවේ නායකයන්ට රටේ ආරක්ශාව සම්බන්ධයෙන් කිසිම හැගිමක් නැහැ. අගමැති, ජනපති ඇමතිවරුන් කියන ප්‍රකාශ හරිම ප්‍රාථමිකයි.. .
බුර්කාව වහා තහනම් කල යුතුයි.
ඔන්න ඔක්කොටම 8 පාස් ආමිකාරයාව ආයෙත් මතක් වෙලා
දැඩි සංවේගයට පත් වුණා. කුමන පරමාර්ථ මුල් කරගෙන මේ ක්‍රියාව සිදු කළත් අපගේ රට නැවත ජාත්‍යන්තරය ඉදිරියේදී හෑල්ලු නොවිය යුතුයි. සහෝදර කිතුවනි අපේ ආශීර්වාදය ඔබ සමගයි..
ශී‍්‍ර ලංකාවේදී සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු වගකීම බාරගෙන නැත. ඒ කියන්නේ මේක ලෝක ඉතිහාසයේ අසාර්ථකම ප්‍රතිප්‍රහාරය ඕනෑම කෙනෙක් දන්නවා. පලිගැනීමක් විදියට මෙච්චර දෙයක් කරානම් ඔන්න අපිට ගැහුවට අපි ගැහුවා කියලා කියන්න. ආයිත් ගහන්න බැරිවෙන්න මේකෙදි ගහලා තියනවනේ... ඒත් ඇයි කවුරුත් වගකීමක් හරියට බාර නොගන්නනේ ... ලංකාවේ අය හිතන්න ඕනෑ තැන ඒක නෙමෙයිද..? එහෙනම් පැහැදිලියි මුස්ලිම් අන්තවාදීන් තමයි ගැහුවේ... ඒ වුණාට මේක තුන්වෙනි පාර්ශවයක උසිගැන්මකට වෙච්ච දෙයක්... හිතන්න කාටද මේ වෙලාවේ වැඩිම වාසිය මේවගේ ප්රහාරයක... කුඩු විකුණන අයටද... දේශපාලන පක්ෂයකටද...?
එජාපය කියන්නේ කවදාවත් රටේ ජාතික ආරක්ෂාව ගැන හිතපු පක්ෂයක් නෙවි.
වලක්වා ගත හැකිව තිබු විනාශයක්. බුද්ධි අංශ තොරතුරු දුන්නට පස්සෙත් ඒ ගැන කිසිදු පියවරක් නොගැනීම බරපතල වරදක්.
8 පාස් ආමිකාරයාගේ වැඩ ආයෙත් ඕනෑවෙලා ලංකාවට. දැන් ඉතිං වඳියි මල්තියලා..
කණගාටුව පල කරනවා ඉස්සර වෙලාම මෙයින් ඉගෙන ගත යුත්තේ එකම දෙයකි. නැවතත් 1999-2000 වර්ෂවල වගේම...
අගතියට පත් සියලුම ස්ථානමුලින්ම සොයා පරීක්ෂා කළ යුතුයි. මේ බව දැන දැනත් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් අයට මුළු ජාතියම සාප කරනවා.
හදිසි නීතිය රෑට විතරක්ද පනවන්නේ ඇයි? දවල්කාලෙට පනවන්න බැරි දවල්කාලෙනේ මිනිස්සු ගමන් බිමන් යන්නේ. කොහේ හරි බෝම්බයකක් තිබුනොත් යන මිනිස්සු ඉවරයි නේද? මෝඩ ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරන්නවත් දන්නේ නැද්ද මාසයක් යනකම් විශේෂ පියවරක් ගන්න බලන්න ඊට පස්සේ සංවිධානාත්මකව විශේෂ කණ්ඩායමක් බුද්ධි අංශයක් හදන්න දැන්ම පාර්ලිමෙන්තුවේ අයිඑස් තස්ත්රවාදි කණ්ඩායම ලංකාව තුල තහනම් සංවිධානයක් බවට නීතියක් ගෙන්න. ත්රස්ත්රවාදීන් අහුවුන විටම වෙඩි තබා මරා දමන්න පොලිසියට හමුදාවට බලයක් දෙන්න. නැත්තම් බොම්බ පිපිරෙයි අයිඑස් ත්රස්තයෝ හැම පිපිරීමකට වගකීම දැන් බාර අරගත්තා කියලා මැරිච්ච මිනිසුන් ආපහු එනවද දැන්වත් මොලයක් ඇතිව වැඩක් කරන්න
සදා කල් ජිවත් වෙන කිසිම කෙනෙකු නොමැත. ඒ ටික තේරුම් ගන්න
මියගිය සියළු දෙනාට නිවන් සුව පතනවා. ඒ වගේම ශ්‍රි ලාංකිකයෙකු වශයෙන් ලැජ්ජාවට පත්වෙනවා අඥානයන් මුල් පුටුවලට යැවීමේ භයානක ප්‍රතිඵල අත්විඳින අතරතුර. සියල්ල නැවතීමට අවස්ථාව තිබූ කාලයේ රිසිසේ අවුරුදු කා දැන් අත් පා වකුටු කරගෙන මීළඟ පිපිරුම කොහේදැයි විමස විමසා සිටීමට තරම් අවස්ථාවකට මුහුණදීමට සිදුව ඇත. .නැවත මෙවැනි මහා ව්‍යසන සිදු නොවේවා..
මේ දේවල් වෙන්න අවූරුදු ගානකට කලිනුයි හාමුදුරුවොයි කොල්ලොයි පාරට බැස්සෙ මෙහෙම හෙනයක් ගහනවා නවත්තන්න එකතු වෙයව් කියලා.කෑ ගහලා කිව්වා ලියුම් ගගහා කිව්වා බැරිම තැන ගහලා කිව්වා අන්තිමට අපේ හාමුදුරුවොන්ට ත්‍රස්තවාදී ලේබලේ ඇලෙව්වා කොල්ලන්ට ජාතිවාදී ලේබලේ ඇලෙව්වා.දැං අඩලා දොඩලා නවත්තන්න හම්බෙන්නෙ නෑ අපේ මෝඩ කමයි සල්ලි වලට නැවෙන නිවට කමයි නිසා උං ගොඩක් ශක්තිමත් වෙලා ඉන්නෙ.ඒ කොහොම උනත් එකා පිට එකා මලත් අපිත් යමව් රට බේරගන්න
මෙහෙම දෙවල් සමාජයට කරන එක කැත වැඩක්. මනුස්සයෙක් විදිහට අනුමත කරන්න බැහැ. මේක මෝඩකම නිසා කරන විනාශකාරි දෙයක්. කවුරු කරත් බාල ක්‍රියාවක්...
ඉතා වැදගත්, වටිනා පුවත් අපවෙත සැපයීම පිළිබඳ ලංකාදීප පුවත්පත වෙත මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. මෙවන් වැදගත් සත්‍ය තොරතුරු සැපයීමට හැකි වේවා යැයි පතමි...