‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය අද (23) වාර්තා කළේය.
කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ දේවස්ථාන තුනකට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
එම සංවිධානයේ ත්‍රස්තවාදීන් දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බුද්ධි සහ තාක්ෂණික සහාය ලබාදෙන බව ද ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුවේ සිටින පූජකයකු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් වාර්තාවේ දැක්විණි.
‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානයෙන් පන්නරය ලබමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් නමුත් එම සංවිධාන දෙක අතර සෘජු සබඳතා ස්ථාපිතව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ කෙරෙන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කර තිබිණි.
පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලයේදී ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ දේවස්ථානවලට ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරවල වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබිණි.
අයි.එස්. සංවිධානය කිතුණු බැතිමතුන්ගේ පූජනීය දිනවලදී ප්‍රහාර එල්ල කර ඇති බැවින් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප්‍රහාරයත් අයි.එස්. සංවිධානය එල්ල කරන ප්‍රහාරත් අතර සමානකමක් පවතින බව ද විශේෂඥයන් සහ ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර තිබිණි.
055
COMMENTS
රිෂාර්ඩ් බදුර්දීන් සහ හකීම් මේ හැම දෙයකටම පළමුවෙන් වග කියන්න ඕනෑ. මොවුන් තමයි මුස්ලිම් ත්‍රස්තවාදය රෝපණය කලේ. මොවුන්ව වහාම අත්අඩංගුවට නොගන්නේ ඇයි? රනිල්ට කඩේ යන මුස්ලිම් ඇමතිලා නිසාද? කබීර් හෂීම් ඇමතිතුමා මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව කතා කිරීම පිළිබඳව අගය කළයුතුයි.
ආරක්ෂක ලේකම්තුමා ඕක ලංකාවේ දේශනා කරපු අයව සහ ඒවාට ගිය අයව අත්අඩංගුවට ගත යුතුයි නේද?
ඒ කියන්නේ දෙවන වටය වෙසක් පෝය දවසටද?
මෙච්චර සාක්ෂි තිබිලත් ඇයි මේ සංවිධානේ තහනම් කරන්නේ නැත්තේ.. තාමත් මේක තහනම් කරලා නැහැ නේද? මේ සංවිධානේ පිටුපස සිටින සියලු දෙනා අත් අඩංගුවට ගන්න ඕනේ.. මේ සංවිධානෙට දේශපාලන සම්බන්දකම් හොදටම තියෙනවා.. ඇයි ඔය ඇමතිගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ..
තොරතුරු දැන දැනත් රජය හරි තිරණයක් ගත්තේ නැති එකට ගොඩාක් කණගාටුදායක තත්වයක්. කොහොම වුනත් දැන් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වුනා. කිසි දෙයල් නොතේරෙන ළමයින්ට අම්මා තාත්තා නැති වුනා. සහොදරයෝ නැති වුනා. හමුදා,පොලිස් නිලධාරීන් අපිට නැති වුනා. සියල්ල සිදු වුනාට පස්සේ සියලු බලතල හමුදා පොලිසි වලට දෙනවා.. බුද්ධි අංශයට තොරතුරු එද්දී වගකිය යුත්තෝ උඩ නොබලාගෙන සිටියනම් මේක නොවෙන්න තිබුනා... අවසානයේ සියල්ලෝම වන්දි ගෙවනවා.. හමුදා, පොලිසි වලට වගකීම් බාර දීලා ලොක්කෝ බලන් ඉන්නවා. බෝලේ පාස් කරන ගමන් ඇමතිලා කතා කියනවා. දේශපාලන වාසි බලාපොරොත්තුවෙන්... බැට කන්නේ අහින්සක මිනිස්සු. අධි ආරක්ශිත කලාපෙකට බෝම්බ ගහනකන් ආරක්ෂක අමාත්‍යාංශයේ මහත්හොරූ කොහෙද හිටියේ? මොනාද කලේ? සමාජ ජාලා තහනම් කරා කියලා රටේ ප්‍රශ්න විසඳෙනවාද??
තවම ඔය සංවිධානය තහනම් කරන්න මේ රජයට බැරි වුනා
රාජිත ඇමතිතුමා කියයි ඕක බොරුවක් එහෙම සංවිධානයක් ලංකාවේ නැහැ කියල
අන්තවාදී ඉස්ලාමීය, ත්‍රස්තවාදී, ම්ලේච්ඡ ප්‍රහාරවලට ලක්වූ සැමට අහිමිව ඇති මානව හිමිකම් නැවත ලබාදීමට මහාමානව හිමිකම් බලකායන්ට අදහස් පහළ වේවා...!!!
දැන්වත් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගන්න තවත් මිනිස් සංහාරයකට ඉඩ තියන්න එපා. මේ වෙච්චි දේ වෙනුවෙන් එක දවසක් ශෝක දිනයක් කලා කියලා මැරුණු මිනිස්සුන්ට සාධරණය ඉෂ්ට වෙන්නේ නෑ. කරුණාකර ඔවුන්ට දැඩි දඩුවම් ලබා දෙන්න.
ජනතාවගේ ආරක්ෂාව තහවරු කරන්න පුළුවන් එඩිතර නායකයෙක් මේ රටට බිහිවේවා!!!!!!!!!!!!!!!!
කතා දෙකක් නැහැ. 2009ට කලින් මර්දනය කල ක්‍රමයම අනුගමනය කල යුතුයි. මානව හිමිකම් පැත්තක තියන්න. විදේශිය රටවල උපදෙස් පිලිපැද්දොත්- විශේෂයෙන්ම ඇමරිකාව ගාව ගත්තොත් වැඩේ දරුණු වෙනවා සිකුරුයි. දක්ෂ නිලධාරින් අපිට ඉන්නවා. පලිගැනීම් නතර කර ඔවුන් නැවත වැඩට බස්සවන්න.
ගරු විපක්ෂ නායකතුමාත් ඊයේ කිව්වානේ මේවාට උපදෙස් හිටපු හමුදාපති ෆොන්සේකා මැතිතුමාගෙන් ගන්න කියල. එහෙමනම් දැන් එතුමා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිකරලා වගකීම් භාරදෙන්න.
ඔය අයි එස් අයි එස් කියන උන්ට සිරියාවේ දී තුර්කියේදී ගැහුවේ ඇප නැතිවෙන්න රුසියාවේ ව්ලැඩ්මීර් පුටින් මහත්තයා. අන්න ජනාධිපතිවරු. එහෙව් යන එනමන් නැතිවුන හිඟන යක්කු රැලක් මෙහෙට ගහනකන් අවුරුදු තිහක යුද්දයක් ඉවරකරපු රටක පාලකයෝ තාමත් බලන් ඉන්නවා
සතුන් වුණත් නායකයෙක් පත් කරන්නේ හයි හත්තිය තියන රැල ආරක්ෂා කරන්න පුලුවන් එකෙක්ව තමයි. ඒත් අපි කෙළින් හිටගන්නවත් බැරි එවුන්ට නායක කම දීලා කෙළවගෙන ඉන්නවා.
හැම කෙනෙකුටම ඡන්දය ඉල්ලන්න හැකියාව තිබුණත් හැම කෙනෙකුටම රට පාලනය කරන්න බැරිබව දැන් වත් හැට දෙලක්ෂයේ ජනතාව තේරුම් ගත යුතුයි. මම හිතුවේ මුදල් නැතිකමින් සංවර්දනය විතරයි නැත්තේ , නමුත් දැන් බලනකොට අය වැයෙන් මුදල් වෙන් කරලත් රටේ ආරක්ෂාවත් නැති වෙලා තියනවා. රාජ්‍ය ආරක්ෂක ඇමති , නියෝජය ආරක්ෂක ඇමති හා රටේ ජනපතිට පඩි ගෙව්වුට වැඩක් තියෙනවද ඔක්කොම දන්නේ නැහැ කියනවා.බුද්ධි අංශය වාර්තාව හදන්න අඩුම වශයෙන් මාස දෙකකක් වත් යන්න ඇති. එකෙන් කියවෙන්නේ බුද්ධි අංශයත් සමග අඩුම වශයෙන් මාස දෙකකටවත් ජනපති සමග ප්‍රගති සමාලෝචන රැස්වීමක් තියල නැහැ කියන එකනේ.
කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය.....
අර රාජිත හැකර කාට කියාවි එහෙම සංවිධානයක් ගැන අහලවත් නැහැ කියල. බෝම්බ වගේද බඩගෝස්තර ඡන්ද
ලංකාවේ සහජීවනය සහ සංහිදියා වැඩසටහන් වලදී රජයට උපරිම සහය දුන් කණ්ඩායම් වලට උදාහරණ ලෙස ජාතික තව්හීත් ජමාත් සංවිධානය ලෙස රාජිත ඇමති සමග මංගල ඇමති ප්‍රකාශකර ඇත. යන සිරස් තලය තවම ප්‍රමාද මොකද ?
දෙවැනි වටයේදී ත් ඉවසනවද? නැත්නම් අපිම ෆුල් සුද්දයක් දාමුද?
මෙම අන්තවාදීන් වෙසක් දිනයේදී මහා මිනිස් ඝාතනයක් සිදු කිරීමට ඉඩ තිබෙනවා නොවේද. ජනතාව කල්පනා කල යුතුයි. අවධියෙන් සිටිය යුතුයි.
ඔව් එහෙම කියයි. මොකද රජිතයි පුතයි දෙන්නම දිව හැරෙන පට්ටෙට කතා කරන ඔටුවොනේ.
ආණ්ඩුවට මෙල්ල කරන්ට බැරි නම් අපිට සති දෙකක් දෙන්න ...අපි දෙවෙනි වටය කොහොමද කියල උන්ට පෙන්නන්නම්...
මේ රටේ තියෙන මහා කාලකන්නිම වචන දෙක තමා සන්හිඳියාව සහ සාමය කියන වචන දෙක... මේ දෙකම ලංකාවෙන් ඉවත් කල යුතුය...
හිර ගත කරපු අපේ හාමුදුරුවෝ මේ ටික කලින්ම අපිට සාක්ෂි සහිතව ඔප්පු කලා. අපි සංහිදියාවේ නාමෙන් හාමුදුරුවන්ව හිරේ දාල සංහිදිය කාරයන්ගෙන් බෝම්බ කෑවා.
මොවුන් හැමතැනටම රිංගලා ඉන්නේ, ජවිපෙද, යූ.ඇන්.පී. ද, ශ්‍රී ලංකාද කියා අහිංසකයෝ වගේ ඇතුළට ඇවිත් අපේ තියෙන මනුස්සකමෙන් ප්‍රයෝජන ගන්නවා... දැන් අපි ඔක්කොම එකඑකාට චෝදනා කරගන්නවා. අන්තවාදී ටික අපිට කුඩුත් විකුණලා, අපේ සල්ලි වලින්ම බෝම්බත් අරගෙන, අපිටම කෙලවලා හොඳින් ඉන්නවා. මහින්ද, රනිල්, මෛත්‍රී එකඑකාට චෝදනා කරගන්නවා. එච්චරයි.., අපි එක එකාට නැති එකෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නවා. තවම පාර්ලිමේන්තුවේ එකෙක්වත් කෙලින්ම කීවේ නැහැ ලංකාවේ අන්තවාදය නැති කරන්න ගතයුතු ක්‍රියාමාර්ග ගැන..
සාමාන්‍ය ජනතාව වන අපි හරි අසරණයි.
දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලයා ගේ ළමුන් 6 දෙනාගෙන් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන්න ආණ්ඩුව ඔච්චර බය අැයි? ප්‍රසිද්ධියට පත් කරා නම් ඔහු ගැන හෝ ඔවුන් අැසුරුකරපු සැවොම ගැන තොරතුරු බොහෝ සොයාගත හැකිය..
මේ නිවුස් එක එෆ්.බී. එකේ කොල්ලෙක්ට දීලා තිබුණා නම් මෙච්චර මිනිස්සු මැරෙන්නේ නැහැ. මොකද ඔවුන් කොහොම හරි දැනුවත් වෙනවා. මට පේන්නේ අද තැනින් තැන බොරු ඒවා දාලා අවුස්සලා... හෙට, අනිද්දා හොඳ ගේමක් දෙයි..
තව පුතෙක් කියාවි ඊළඟ වටයේ පාර්ලිමේන්තුවට බෝම්බ තියාවි.. එ් නිසා පාර්ලිමේන්තුවට යන්න එපා කියා...
දෙවැනි පාර මොනවාහරි වුණොත් ඉන්න මුස්ලිම් සේරම අරාබියට යන්න ලෑස්ති වෙන්න. නැතිනම් ලංකාවේ සිංහල බුදුදහම හෝ කතෝලික ආගම වැළඳ ගන්න. සිංහලයෙක් වගේ ජීවත් වෙන්න.
මං හිතන්නෙ දැන් කරන්න තියෙන එක ම දේ අපේ ආරක්ෂාව ගැන ගොඩාක් සැලකිලිමත් වෙලා ඉදිරියට වෙන්න පුළුවන් කියල හිතෙන දේවල් වලට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනි..ජාති භේද ආගම් භේද නෑ ත්‍රස්තවාදීන් ට..තවත් මේ ත්‍රස්තවාදීන් ට හිස ඔසවන්න උල්පන්දම් නොදී අපි අපේ ප්‍රබලත්වය ඒ කියන්නෙ සන්සුන් ව බුද්ධිමත් ව සුපරික්ෂාකාරීව කටයුතු කරන්න ඕනි..පුළුවන් තරම් ආරක්ෂක අංශ වලට සහය දීමයි වැදගත්..යම්කිසි අපරාධකාරී හෝ සැකකටයුතු ස්ථානයකදී අදාල අංශ දැනුවත් කරමින් ඒ අසලින් ඈත් වී සිටීම සුදුසුය.. අපි දන්නේ නෑ ඉදිරියට තත්වය කොහොම වෙයිද කියලා... අපි අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනෑ... ඒ වගේම රටේ ආරක්ෂක අංශ වලට උදව් කරන්න ඕනෑ...
මුල ඉදලම මේවා ගැන කියපු මිනිස්සු ජාතිවාදියො උනා ..අර බමුණු මහත්තයට එහෙම මෙතන ම කොච්චර බැන්නද ..?දැන් ඒ හැට දෙලක්ෂෙ ට ගොඩක් සතුටු ඇති නේද ..?අර චානක් ලොස් ඇන්ජලීස් එහෙම කොහෙද දන්නෙ නෑ දැන් ඉන්නෙ..
ජාතික ආරක්ශාව ගැන රජය දැක්වූ අති මහත් නොසැලකිල්ල සහ ඇල්මැරුන ස්වභාවය නිසා අහින්සක මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙව්වා. එක ඇමතිවරයෙක්වත් මේ ප්‍රහාර වලින් මැරුනද? නෑ. ඔක්කොම අහින්සක මිනිස්සු විතරයි. තවත් මේ ලෙසින් අපේ රට අනාරක්ශිත කරන්නට ඉඩ දෙන්න ඕනේද. මුස්ලිම් තරුණයන් අවි පුහුනුවන බව, ප්‍රහාරයකට ඉඩ තිබෙන බව ඕන තරම් සාක්ශි තිබුනා. දේශපාලන උවමනා එපාකම් මත ඒ සියලු තොරතුරු යට ගැහුවා. ඒවා ගැන කතා කරන කොල්ලන්ව හිරේට දැම්මා ජාතිවාදීන් කියලා. මිනිස්සු දන්න තොරතුරක්වත් කියන්න බය උනා හිරේ යන්න වෙයි කියලා. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා මේ ත්‍රස්තවාදීන්ට උඩ ගෙඩි දුන්න. තාම ඇමතිකම් කරනවා. මුස්ලිම් අන්තවාදයට ගෑවුන හැම කෙනාම අත්අඩංගුවට නොගන්නේ ඇයි. මේ යන විදියට මේ ත්‍රස්තවාදයට විසදුමක් ලැබෙයි කියල හිතන්න පුලුවන්ද. මේ රටට අදරය කරන අහින්සක මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකම දන්න හදවත් ඇති පරිනත මිනිසුන් පෙරට ආයුතුයි.
දෙවනි ප්‍රහාරයත් එල්ල කරනකම් මහ එවුන් ඉදී තෙපරබබා. තාම බැරි උනා හරි හමන් තීරණ අරගෙන ගේමට එන්ටර් වෙන්ඩ.
බුද්ධි අංශ වහාම ක්‍රියාත්මක වියයුතු අවස්ථාවකි. අන්තවාදය, ත්‍රස්තවාදය සහ මුලින්ම විනාශ කර දැමීය යුතුයි
තිත්ත දේශපාලනයේ තුච්ඡ ඇත්ත මේකයි. කඳුලෙන් වන්දි ගෙව්වේ අහිංසකයින්. දැන්වත් ආගමික අන්තවාදය අපට එපා.... මේවාට උඩගෙඩි දෙන්නන් නීතිය හමුවට ගෙනඑමු. අපේ අසල්වැසියා, නෑදෑයන් ලෙස අන්තවාදයට ත්‍රස්තවාදයට වක්‍රව උදව් නොකරමු..
කනගාටුව ශෝකය වැඩක් නෑ. සමව දෙන්න බැරි මහා ලොකු වැරුද්දක් . ඉල්ලා අස්වෙන්න ලැජ්ජාවක් තියෙනවනම්