හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග සැකකරුවන් 07දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව, දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
නාවික හමුදාව දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙම මෙහෙයුම සාර්ථකව සිදු කර ඇත.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමඟ ධජ රහිත යාත්‍රාව, මේ වන විට ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට ගොබිමට රැගෙන එමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd