( ඉන්දිකා රාමනායක) 

සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක්  කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත  කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා  පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ දිසාවේ සිළුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා කොළඹ දිසාවේ සියළුම පොලිස්ථාන  දැනුම්වත් කර ඇතැයි ද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ හේතුවෙන් කොළඹ වරායේ ආරක්ෂාවද තර කිරීමට  වරාය ආරක්ෂක අංශ මගින් පියවර ගෙන ඇතැයි වරාය පොලිසිය සඳහන් කරයි .