(මහින්ද නිස්සංක)
සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය පාර්සල් බාරගැනීම ද නවතා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
අද(21) උදෑසන දේවස්ථාන සහ හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය කර ඇතැයි ඔවුහු පවසති.
මේ අනුව අද (21 දා සිට) කිසිදු පාර්සලයක් බස්රථවල පටවා නොගන්නා ලෙස රියදුරු සහ කොන්දොස්තරවරුන්ට දැනුම දී ඇත.
මෙයට අමතරව සියලු දුම්රිය ස්ථාන සදහා ආරක්ෂාව සපයන ලෙස පොලිසියට හා දුම්රිය ආරක්ෂක හමුදාවට උපදෙස් දී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික බස් රථවල පාර්සල් ගෙන ඒම නැවැත්විමා ගැමුණු ට ඇති අයිතිය කුමක්ද? එවැනි තීරණයක් ගැනීමට ඔහුට හිම් ආණ්ඩුවක්ද පෞද්ගලික බස් ප්‍රවාහනය. රජය තවදුරටත් නිවට නොවී මාෆියා කරුවන්ට රටේ නීති පැනවීමට ඉඩ නොදෙන්න ගරු ප්‍රවාහණ ඇමතිතුමණි අඩු තරමින් ඔබ තුමන් යටතේ වත් මේවා ඉඩ නොතබන්න අවසානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය වගේ මේකත් ඔවුන්ට ඕන ඕන විදියට නීති හදයි.