(කටුනායක ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
ඒ අනුව අද දින උදෑසන 10.00 සිට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති අතර , ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර , එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සදහා වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , පොලිස් , ගුවන් , යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලිවලට නොගහ කෙලින්ම ගුවන් තොටුපොළට ගැහුවනම් මොකක්ද දන්නේ නැහැ කරන්නේ?
ඔව් ඇත්ත වශයෙන් ගුවන්තොටුපලේ ආරක්ෂාව ඉතාම දුර්වලයි. ඊයේ දිනයේ සවස 4.30 පමණ silk route එක අසල ඇති ගෙට්ටු දෙකම විවෘතව තිබුනි. ඕනෑම කෙනෙකුට ගුවන්යානා, ගුවන්පථය වෙත ගමන් කීරීමට හොද අවස්ථාවක්.
පිළිලය මුලදී දැක එය වනසන්නේ නැතිව උගත් පාඩම් මදි වීම නිසා ලංකාව දෙවැනි වතාවටත් තර්ජනයට මුහුණ දුන් වගයි. අතීතයෙන් කිසිදු පාඩමක් නුගත් ලාංකිකයින් මේ සියල්ලට වගකිව යුතුය. දේශපාලන රාමුව මේ රටේ පොදු ප්‍රවාහයම අනතුරේ හෙලමින් තිබේ.
අපේ සංචාරක කර්මාන්තය බිඳ දැමීමේ විදේශ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මේ තරම් විශාල ප්‍රහාරයක් කරන්න තරම් හැකියාවක් නැහැ විදේශීය සම්බන්ධයක් නැතිව.
පල්ලි වලට ගහපු අය සහ ඒවා සංවිධානය කරපු අයත් මේ ගුවන් තොටුපළෙන්ම තමා එන්න ඇත්තේ. එතකොට ආ තව සංචාරකයෝ එනවා කියල සාදරයෙන් පිළිගන්න ඇති. දැන් සංචාරක ව්යාපාරෙත් කාලෙකට සුන්.
යුද්ධය දින්නට පස්සේ පළාත් සභා අවලංගු කලේ නැහැ. 10,000 එල්ටීටීඊ කාරයෝ නිදහස් කල එකේ විපාකේ, තව හමුදා කැම්ප් වහගෙන වහගෙන ගියා